Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Showing posts with label සමාජ ජාල (Social Network). Show all posts
Showing posts with label සමාජ ජාල (Social Network). Show all posts

මුණුපොතේ හැකින් පලහිලව්ව | Facebook Hacker Cup 2013

Jan 9, 2013 | 22 comments





 මේක දාන්න කියල හිටියට කලින් දාන්න අමතක උනානේ , දන්නෝ දනිති පරිදි අපේ මිත්‍ර සංගමේ සෙට් වෙන තැන ඒ කිවේ මුණුපොතේ ඒමත් නැත්තම් ( Facebook )  , වාර්ෂිකව සයිබර් ලෝකේ පොරවල් වලට තරගයක් තියෙනවා . Facebook Hacker Cup කියල හදුන්වන මෙයට ලොව පුරා  සිටින ඕනෙම පරිඝනක ක්‍රම ලේඛන භාෂා ගැන  දන්නා කෙනෙකුට ලියා පදිංචි වෙන්න පුළුවන් . 


2011 වර්ෂයේ ජයග්‍රාහකයා


ලොව පුරා සිටින හැකර් (Hackers / Programers ) ලගේ අභිමානය උදෙසා සටන් වදින භුමිය ලෙස නාමිකව හදුන්වන මේ තරගය මේ වර්ෂයේ ( 2013 වර්ෂයේ )  තරගය දැනටමත් ලියා පදිංචිය අරඹා ඉවරයි

 
ජයග්‍රාහක තෑගි :

තවම නම් Facebook මගින් මේ වර්ෂයේ තෑගි මුදල කියල නැහැ , 


එහෙත් ගිය අවුරුද්දේ

1th -- 5,000 USD
2th -- 2,000 USD
3th -- 1,000 USD
4th - 25th -- 100 USD
TOP 100 -- Free shirts!


ලෙසට තමයි නම්කරලා තිබ්බේ  .

මේ තරගයේ Online වට 3 ක් පැවැත්වෙන අතර , එයින් හොදම 25 දෙනා හට Facebook Head Office එකේ අවසාට වටයට මුණ දෙන්න සිද්ද වෙන්ව . ආ .. ගුවන් ටිකට් පත් සහ අතිරේක වියදම් නොමිලයේ ඒ එක්කම .


දැන් මේ අවුරුද්දේ දින දක්වලා තියෙනෙන් මේ විදියට 


ජනවාරි 7 - ජනවාරි 27-- සාමාජික වීම (Registration)
ජනවාරි 25 - ජනවාරි 27 -- Online Qualification Round (සුදුසුකම්)
පෙබරවාරි 2 -- Online Elimination Round 1 (තරග වට 1)
පෙබරවාරි 9 -- Online Elimination Round 2 (තරග වට 2 )
පෙබරවාරි 16 -- Online Elimination Round 3 (තරග වට 3)
මාර්තු 22 -23 -- Onsite Finals at Facebook (අවසාන වටය)



2012 අවසන් වටයට තේරුණ පොරවල් සෙට් එකලු මේ 


වැඩි විස්තර : More Info
ලියාපදිංචි වීම් : Facebook Hacker Cup 2013

පිටුව : Official Hacker Cup Page



එහෙනම් ජය හැමෝටම !
Continue Reading

ඔබත් අන්තර්ජාලයේ ආරක්ශිතද ? Privacy Control - Doxing

Nov 23, 2012 | 23 comments


මේක නම් ලියන්න හිතුවේ  විශේෂයෙන්ම මුණුපොත නිසාමයි , මොකද අනිත් සමාජ ශලා අඩවි වලට වඩා වැඩියෙන්ම ප්‍රසිද්දියේම භාවිතා කරන්නේ ෆේස්බුක් එක නිසා ,

සයිබර් ආරක්ෂාව ගැන සාමාන්යෙන් දන්නා කෙනෙක් නම් ඩොක්ස් (Dox) කිරීම ගැන දැනුවත් ඇති .

ආ හරි ඕක සිංහලෙන් පැහැදිලි කොරන්නත් එපාය. Dox කියල කෙටියෙන් හදුන්වන්නේ Documents (විස්තර) යන්නයි.
මේ අන්තරජලයේදී කෙනෙක්ට වෙන්න පුළුවන් ලොකුම විනාසේ තමයි තමාගේ Personal Dox එකක් කවුරු හරි එලි කිරීම මම හිතන්නේ .

සම්පුර්ණ නම
වෙනත් නම්
ලිපිනය
දුරකථන අංක
සේවා ස්ථානය  ලිපින සහ දුරකථන අංක
විද්‍යුත් ලිපිනය
සෝෂල් ප්‍රොෆයිල්
ළමයි
කෙල්ලගේ/නෝනා හාමුගේ නම ,
කලින් සිද්දි :p

ඔය වගේ එකී නොකී සියලුම විස්තර එකතු කරගන්න එක තමයි මේ ඩොක්ස් කරනවා කියන්නේ .

සාමාන්යෙන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයි කියන පොරකට නම් නම / E-Mail එක තිබුනම වැඩිත් එක්ක ඔය හැම විස්තරයක්ම හොයන්න .

මොකක්ද ප්‍රශ්නේ ඕව හොයා ගත්ත කියල බන් ?

මේකයි ප්‍රශ්නේ කියල නම් හරියට ඉවර කරන්න බැහැ සිද්දිය . මොකද කරන්න ඕනේ තරම් දේවල් තියෙනවා තමාට ලැබෙන කෙටි තොරතුරකින් අනෙකාගේ මුළු ජීවිතේම කෙලවලා දාන්න පුළුවන් මානසික මට්ටමේ අය ඉන්නවා .

තොරතුරු වලින් බැංකු ගිණුමක් අරබන්න,
ලෝන් එකක් ගන්න .
Sim එකක් ගන්න ,

වගේ පොඩි (ඒවා මොනවද බන් කියන අයට ) දේවල් ඉදල හිතාගන්න පුළුවන් හොදම දෙ කරන්න පුළුවන් ,

සමාජශාලා අඩවි ත්ඣිය්නෙඅව ,ගෘප් තියෙනවා බොහොමයක් දැන් , අපි උදහරයකට වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවියක් ගමු . මේ වගේ එකක එඩිට් කරපු හොද* පින්තුරයක් , ලිපිනය , ගෙදර ඉන්න වෙලාව , දිනය විද්‍යුත් ලිපිනය වගේ විස්තර දැන්මොත් කොහොමට තියෙයිද ?

ගැහැණු අයට විතරක් නෙමෙයි , පිරිමි කෙනෙක්ටත් ගොඩක් අපහසුතාවයට පත් වෙන්න වෙන්ව ,
උදා : "අදාල විස්තරත් එක්ක මම මේ වගේ අයව Deal කරන කෙනෙක් මේ වෙලාවට මේ දින වලට එන්න කැමති කෙනෙක් තෝරාගෙන යන්න "
වගේ දෙයක් පොස්ට් කරොත් , Cert එකට , පොලිසියට කිව කියල වැඩක් තියෙයිද , එන්න පුළුවන් ඔක්කම බහුභූත මිනිස්සු තමාගේ ගෙදරටම ආවට පස්සේ ,


ගත්ත සිම් එකකින්ම කෝල් කරනවා හතර වටේම තියෙන ඩිලිවරි ෂොප් වලට අහවල් ඒවා ගෙන්න කියල , කොහොමද ෆන් එක , අන්තිමේදී නම්බර් එක බැලුවමත් තියෙන්නේ තමාගේම නමට උනාම , 

තවත් දුර යන්නව නම් පත්තරේ , YellowPage , අන්තර්ක්ජාලය වගේ හැකි හැම දේම අරගේම ජොබ් ඉල්ලලා තියෙන අයට අදාල කෙනාගේ නිවසේ ජොබ් එකට අදාළ මිටින් සෙට් කරන්න :P ,
ටොයිලට් ක්ලීනින් සර්විස් ගෙන්න ගන්න , ඉන්ෂුරන්ස් පොරවල් යවන්න , එලෝ මෙලෝ නැතිව ලිපි යවන්න ,


වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් කියල තේරෙනවනේ , 

අමන්දා ටොඩ් ව මතක නම් එයාටත් උනේ BlackMail කරන සිද්දියක් ඒවගේ පින්තුර ප්‍රසිද්ද කරන නිසා .

තවත් ක්‍රම තියෙනවා E-Whoring කියල , කෙටියෙන් කියනව් නම මුදල් හෙවීමේ පරමාර්ථය කරගත්ත පරිඝනක අපරාද කාරයන්ගේ ප්‍රියතම මාතෘකාවත් තමයි එක නම් ,

ගොඩක් කාන්තා පාර්ශවයේ අයතමාගේ එක එක විදියේ පින්තුර එක ඇල්බම් එකකට 100 ක් විතර එකතු කරනවා , ඉතින් ඔය වගේ ඇල්බම් අරගෙන වෙනම නමකින් තවත් සෝෂල් නෙට්වර්ක් වල අකවුන්ට් හදල ,
ඒ පින්තුර විකුනන  (තව එඩිට් කරලා ) එක තමයි මේ අය කරන්නේ .සාමාන්‍ය මුදල වෙන්නේ 10 කට 5$ වගේ , වැඩේ දක්ෂයි නම් දවසට බර ගානක් ගලවගන මේ අය දක්ෂයි . 

*ඔන්න කිව හරිද මම නම් ඔය කිසිම දෙකට අදාළ නැහැ , තම තමාගේ ආරක්ෂාව තකල තමයි මම මේ ලියන්නේ . ඕව කොරන ගිහින් CERT එකට මාට්ටු උන්නට පස්සේ දුක් නොවී ඉඩහන් :D 


එක්කෝ මම අද ඕනෙවට වඩා වැඩි දේවල් ලියනවා වගේ . ඒ නිසා මෙතනින් ක්‍රම ගැන නවත්තනවා තව ලියන් ගියොත් මොනවා ලියවෙයිද දන්නේ නැහැ  

Facebook Hacking කරන ගොඩක් දෙනෙක් කරන්නේ  Forget My Password බොත්තම ඔබන එකනේ .
ඉතින් අච්චර ඔයාගේ විස්තර හොයා ගත්ත මනුස්සයෙක්ට Security Question එකට උත්තර දෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි නේද ? 


තව තමාගේ පාසලට , සේවා ස්ථානයට එහෙම ඔහොම ෆන් එකක් අවොත් බෙල්ල වැල දාගන්න එක සැපයි නෙහ් ?

හත් ඉලව්වේ කොහොමද මේව නවත්තන්නේ ?

මම දන්නවාද ,අර මොනවද කෑවා නම් ඉවසපන් පුසෝ කිවලු :D 

ඕක නවත්තන්න එච්චර දෙයක් කරන්න ඕනේ නැහැනේ , මුලින්ම පුළුවන් තරම් සෝෂල් නෙට්වර්ක් වල රෙජිස්ටර් වල එකතු වෙන එක නවත්තන්න , (MySpace,Hi5,LinkedIn විශේෂයෙන් )

කරන්න දෙයක් නැහැ ෆේස්බුක් එපා කීවට ඕක වෙන්නේ නැති දෙයක්නේ ,හැබැයි ඔයාගේ විස්තර ගන්න පුළුවන් හොදම සෝර්ස් එකත් වෙන්නේ මුණු පොත දැන් ,අර About Me ටැබ් එකට ගිය ගමන් ඔක්කම තියෙනවනේ , 
ඉතින් ෆේක් එකක් භාවිතා කරනවා නම් ඔන්න වැඩියම හොදයි , එත් ඉතින් දැන් තියෙන මට්ටම අනුව එකත් බැහැනේ . 
මුලින්ම (ඔය ලෙඩේ නම් මම දැකල තියෙනෙන් ගොඩක්ම කෙල්ලොන්ගේ ) තමාගේ ශරීර කුඩුවේ අංශක 360 ම පින්තුර දැමීමෙන් වලකින්න ,ඒ දැන්මතඒවාට ප්‍රයිවසි කොන්ටෝර්ල් දාන්න අමතකක රන්න එපා. 
කොල්ලොන්ටත් එක්ක ඈ කිවේ , (ආසයිද ඩයල්* ඇවිත් යමුද අහනවට :D ) . 

ඊළගට උදේ පාන්දර වැසිකිලි ගිය එකේ ඉදල රාත්‍රී ගමන වෙනකම් මුණු පොතේ ස්ටේටස් පල කිරීමෙන් වැළකිලා ඉන්න , 

කොල්ල විනාඩියක් මැසේජ් නොකරම , කෑම්ප් ගියාම , කෙල්ලගේ ෆෝන් එකේ බැටරි ලෝ උනාම , කලින් එක නැවතුනාම ,  ආසම ෆිල්ම් එක බලල ඉවර උනාම , 
තව ටික දවසකින් ***** එක්කෝ ඕනේ නෑ වගේ කියන්න :D

මම බොරු නම් කියනනේමේ දැන් ගිහින් Home tab එක ඔබල බලන්න ඕවා නැද්ද කියල ,
ස්ටේටස් අප්ඩේට් කරන්න ඕනේ ,කරන්න ඕනේ දේවලුත් තියෙනවා ඕනේ නැති ඒවත් තියෙනවා.

 ඊළගට නිතරම එකම E-mail ලිපිනය භාවිතා කිරීමෙන් වැළකීමේ ශික්ශාපදයක් හදා ගන්න.මොකද කඩපු අනිත් පන්සිල් ඔක්කම එලි වෙයි . අර මේල් එක එක්ස්පොස් උනොත් 
 ඒ නිසා හැම වෙබ් අඩවියකටම ලොග් වෙන්න එකම මේල් එක භාවිතයෙන් වළකින්න, 

ඩොමේන් එකක් ගන්නවා නම් Privacy Protection එකත් තව ඩොලර් 2 ක් විතර දීලා ගන්න අමතක කරන්න එපා.


එහෙම නැතත් අමුතුම ක්‍රමයක් තියෙනවා බොහොමයක් සයිබර් ආරක්ෂාව ගැන දන්නා දෙනා පවා දන්නේ නැති Misleading කියලා . වචනයෙන්ම පැහැදිලි වෙනවා ඇති මොකක්ද සිද්දිය කියල .එක ගැන ලියම්දෝ නොලියම්දෝ හිතල තමයි අන්තිමේදී මේක ලිවේ . 

අන්තිමේදී හොදම දෙ පිස්සොත් එක්ක ගණන් හදන්න යන්න එපා.අදහස් කරේ  හැම තැනකම පැටලෙන්න හදන්න එපා . මොකද අපේ අය ඉන්නවනේ ඉන්ටර්නෙට් හිරෝලා . කෙහෙල් ගහක හොට පටලුනාට පස්සේ අඩව්වට උත්තර නම් ලැබෙන්නේ නැහැ . 


ඔය කොහොම ආරක්ෂාව තහවුරු කරත් උවමනාව තියෙන කෙනාට තමාගේ අරමුණ සාර්ථක කරගන්න නම් නමේ මුල් අකුර තිබ්බත් ඇති වෙයි (මේ එක ජෝගියට හොදේ කිවේ )

namechk.comhttp://www.pipl.com වගේ වෙබ් අඩවි වලට ගිහින් තමාගේ මොන මොනා විස්තර එලියේද කියල  බලාගන්න , අනවශ්‍ය ඒවා ඉවත් කරන්න අමතක කරන්න එපා.

ඒ වගේම බ්ලොග් වල , සයිට් වල කොමෙන්ට් කරන්නෙත් මොනවටද කියල පොස්ට් කරන්න කලින් දෙපාරක් කියවල ඉන්න අමටහ්ක කරන්න එපා . 
හැගීම් වලට වහල් වෙලා පොස්ට් කරා වගේ නෙමෙයි ගින්න අවිලෙනකොට . 



තව එකතු කරන්න දෙයක් , මට මග හැරුණු දෙයක් , අදහසක් , ඉස්සරහට ලියන්න අදහසක් කොමෙන්ටුවක් විදියට දාලා යන එක මට හයියක් 
Continue Reading

ඔබත් Skype වයිරසයෙන් පිඩා විදිනවද ? එහෙනම් කියවන්න

Oct 12, 2012 | 22 comments





මේ දවස්‌ වල සීග්‍රයෙන් පැතිරිලා යන දෙයක්නේ ස්කයිප් වයිරසය (වෝ(ර්)ම්) . මම දැනුවත් උනෙත් තවත් බ්ලොග් එකක තිබිල
මධුරංග ගේ බ්ලොග් සටහනෙන් . ඒ නිසා  මම හිතුව කොහොමද මේ Skype Worm ඒකෙන් අපේ පරිඝනයකය අසාධනය වෙලා නම් ආරක්ෂා කරගන්නේ කියල කියන්න .



  • මොකක්ද මේ වයිරසයෙන් වෙන්නේ


මේ වයිරසය පැතිරී යන්න පටන් ගත්තේ නම් ගිය සිකුරාදා දින ඉදල වගේ. ස්කයිප් භාවිතා කරන්නන් බොහොමයකට ලින්ක් කෙටි  කරන (Link Shorten) සේවාවක් වන ගුගල් ආයතනයෙන් දීලා තිබෙන




www.goo.gl






මගින් කෙටි ලද පණිවිඩ රාශියක් ලැබී තියෙනවා .



hey is this your skype profile pic ? *link*
 hey, is this your new profile picture, *link
hey, cool profile picture, is this it *link

යන විදියේ ඒවා. මේ ලින්ක් එක ක්ලික් කර වහාම user ව Download එකක් සදහා ගෙන යනව වගේම ඔබේ පරිඝනකය Zip ෆයිල් එකක් යටතේ බුට්‌ වෙන්න පටන් ගන්නවා .
මෙම ට්‍රෝජන් එක Worm.NgrBot යන මැල්වෙයා කාණ්ඩ යටතට ගන්නා අතර ඔබේ පරිඝනකයට විවිධ ආකාරයේ හානි පමුණුවන්න හැකියාවක් ලැබෙනවා

කියවන්න : http://nohikmunuasa.blogspot.com/2012/05/blog-post.html

කොහොමද මේක ඉවත් කරන්නේ



ඔබ මෙම වැඩසටහන රන් කර වාහාම ඔබේ ස්කයිප් වල Authorized Application යටතට ඉබේම මෙම Malware එක එකතු වෙනවා . ඒ කියන්නේ ඔබේ අවසරයක් නොමැතිව මේ වැඩසටහනට ඕනෙම දෙයක් කරන්න පුළුවන් ස්කයිප් තුලත් .

ඔයාගේ පරිඝණකයත් මේකෙන් අසාධනය වෙලාද කියල බලාගන්න සහ ඉවත් කරගන්න කරන්න තියෙන්නේ පොඩි වැඩක්.


Skype වල මෙනු බාර් ( Menu Bar) එකේ ටුල්ස් ( Tools ) යටතේ ඔප්ෂන් (Option) යන්න ක්ලික් කරන්න

දැන් මේ වගේ මෙනු එකක් එයි


 

මේකේ Advance වල Advance Settings යන්න ක්ලික් කරාම පින්තුරේ තියෙන විදියට යටින්ම ඇති 

Manage Other Programs' Access to Skype 

කියල එකත් ක්ලික් කරලම ඕපන් කරගත්තම තවත් වින්ඩෝ එකක් එයි මේ වගේ 




මේ ආව වින්ඩෝ එකේ ඔයාට අදුර ගන්න බැරි ඇප්ලිකේෂන් එකක් සදහා අවසර දීලා තියෙනවා නම් Remove කරන්න .

හැමෝගෙම වගකීමක් මේ වයිරසය ව්‍යාප්ත වීමට නොදී ආරක්ෂා කරගැනීම . මොකද කෙනෙක්ගේ පරිඝනකයක් තවත් කෙනෙක් යටතේ තියෙනවා දකින්න අපි කාටවත් උවමනාවක් නැහැනේ .
හොදම යාලුවගෙන් ආවත් මේ වගේ නොදන්නා ලින්ක් මොකවත් ක්ලික් නොකර ඉන්න එක වැඩියම හොදයි නෙමෙයි කරන්නම එපා ;)
මේ වගේම තවත් Ransomeworm යනුවෙන් හදුන්මව Malware එකක් ව්‍යාප්ත උනා මෑතකදී , ඔයාගේ පරිඝනකය ලොක් කරන .
ම්ම් .. හරියට කිවොත් තර්ජනයක් කරනවා අහවල් ගානක් ඔබ විසින් පැය 48 ක් තුල ගෙව්වේ නැත්තම් මේ Online Bank  එකට ඔබේ පරිඝනකයේ සියලු දත්ත විනශ කරනවා කියල .

ඉතින් අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබේ ආරක්ෂාව ගැන මුලින් හිතල ඉන්න අලුත් දෙයක් ගැන දැනගන්න අයෙත් එන්න මේ පැත්තේ :) 


Continue Reading