Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

ඔබේ පරිඝනකයෙත් DNS අවුල්ද ? DNS Flush කරන්නේ මෙහෙමයි

Jun 9, 2012 | 6 comments




DNS Flush කරන එක ගැන දාන්න හිතාගෙන පොස්ට් එක පටන් ගත්තත් DNS ගැන පැහැදිලි කිරීමක් එක්කම පටන් ගන්න එක හොදයි කියල හිතුන

අන්තර්ජාලයේ අපි Surf කරන විට එන අවුලක් තමයි හිටි ගමන් 404 page not found එරර් එකක් එන එක .
සාමාන්යෙන් වැඩ කරන වෙබ් පිටුවලත් .අපි වෙබ් පිටු වල යද්දී ස්ලෝ වීම අවම කරගැනීමට  Cache කරගනවා අපේ වෙබ් බ්‍රවුසර් එක මගින් . එහෙමත් නැත්තම් සේව් (Save) කර ගැනීමක් කරනවා .





මොනවද මේ DNS කියන්නේ - What is DNS

Domain Name System වල ආරම්බය 1983 Paul Mockapetris දී විසින් සොයා ගන්නවා.
ඩොමේන් නේම් සිස්ටම් (Domain Name System - DNS) කියන්නේ ඩේටබේස් (Database) සිස්ටම් එකක් . මේකෙන් භාෂාත්මක සංකේත පරිවර්තනය කරනවා IP Address . මේ ක්‍රමය මගින් ලෙහෙසියෙන්ම IP Address එකකට වඩා එයට අදාල නම මතක තියාගන්න පහසු වෙන ආකාරයට තමයි හදලා තියෙන්නේ

උදා : www.google .com කියන අඩවියේ හරි ලිපිනය වෙන්නේ 74.125.236.192 කියන එකයි . අපි Google.com කියල වෙබ් බ්‍රවුසර් එකේ භාවිතා කලත්  74.125.236.192 එන්නේ එකම වෙබ් පිටුවමයි .



වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේදී DNS Clear / flush කරන්නේ මෙහෙමයි 


මුලින්ම ඔයාලගේ Open කරලා තියෙන වෙබ් බ්‍රවුසර් සහ අනෙකුත් Application Close කරගන්න

මීලගට පරිඝනකයේ CMD (Command Prompt ) එක Open කරගන්න
Start වලට ගිහින් cmd යනුවෙන් ටයිප් කරන්න
XP වලදී නම් Run කමාන්ඩ් එකක් විදියට දෙන්න

දැන් ipconfig /flushdns යනුවෙන් ටයිප් කරන්න
 

දැන් අපිට msg එකක් එයි
Successfully flushed the DNS Resolver Cache
කියල

මෙහෙම  ආවම අපේ පරිඝනකයේ සේව් වෙලා තියෙන වැරදි DNS entries Delete වෙයි .


අපිට බලා ගන්න පුලවන් අපිට භාවිතා වන DNS Cache මේ කමාන්ඩ් එක භාවිතයෙන්
ipconfig /displaydns






Disable DNS Caching


DNS Flush කරන එකෙන් හැම වෙලාවේම වැඩ කරන්නේ නැති නම් එහෙමත් නැත් නම් හැම වෙලාවකම DNS Clear කරන්න වෙනවා නම් අපිට පුළුවන් මේ වැඩේ වින්ඩෝස් වලදී Client Side dns caching  නවත්තන්න .

මේ සදහා ඔයාගේ CMD එක (Command Prompt ) Open කරලා 

net stop dnscache
එහෙමත් නැත්තම්
sc servername stop dnscache
 ලබා දෙන්න . දැන් මේ ක්‍රමයේදී ඔයාගේ පරිඝනකය ඊලග සැරේ boot වෙනකම් DNS Caching Disable වෙනවා . නමුත් ඔයාට දකින්න ලැබෙයි සර්විස් එක Stop කරාම නම් ඔයාගේපරිඝනකයේ අන්තර්ජාල භාවිතය ටිකක් ස්ලෝ වග .


 මේක සම්පුර්ණයෙන්ම Disable කරන්න උවමනාවක් අවොත් කරන්න තියෙන්නේ අයෙමත් CMD එකේ
services.msc
 කියල ටයිප් කරන්නයි , දැන් එක වින්ඩෝ එකෙන් DNS Client යන්න තෝරලා එක Right Click කරලා
Stop විධානය ලබා දෙන්න


රේගිස්ට්‍රි එක මාර්ගයෙන් DNS Settings වෙනස් කිරීම මීලග පොස්ටුවෙන් .


වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාල යනවා නම් වටිනවා , අවවාද , තර්ක, තර්ජන , විලාප , දුක් ගැනවිලි , ඕනේ දෙයක් ප්‍රශ්නයක් නැහැ :)

Continue Reading

FireFox වල Default සර්ච් එක වෙනස් වෙලානම් මෙහෙමයි හදාගන්නේ

Jun 8, 2012 | 2 comments



හිටපු ගමන් අපි මොනව හරි සොෆ්ට්වෙයා එකක් Download කරපු ගමන් අපේ තියෙන Address Bar එකේ Default දෙන සර්ච් එක හෙවත් ගුගල් එක (සාමාන්යෙන් default එන එක  )  වෙනස් වෙනවනේ .
ඔය වෙලාවට ටිකක් තද වෙනවා Address bar එකම Search Engine එක වෙනුවෙන් භාවිහා කරන අයට
මම කියන්න යන්නේ FireFox වලදී මේ අවුල හදා ගන්නේ කොහොමද කියලයි

FireFox Open කරලා Address bar එකේ about:config කියල ටයිප් කරන්න
එන වොර්නින් එකත් ඔකේ කරලා ඉස්සරහට යන්න


දැන්  එක වින්ඩෝ එකේ keyword:URL කියල සර්ච් කරලා එන රිසල්ට් එක ඩබල් ක්ලික් කරන්න


එකේදී  මෙහෙම එකක් එයි

ඔයාට Default Search වෙන්න ඕනේ Search Engine එකේ නම දෙන්න දැන් search?q= එකත් එක්කම

http://www.google.com/search?q=
http://www.bing.com/search?q=
http://www.yahoo.com/search?q=






Continue Reading

Default Web Browser එක Set කරගන්න අවුලක්ද ?

| 0 comments


අපි භාවිතා කරන Software වල Default Program එක තෝරාගන්න අපිට ගොඩක් වෙලාවට ඉබේම දෙනවනේ
විශේෂයෙන් වෙබ් බ්‍රවුසර් වල . එත් අපි අපේ තීරණය සහතික කල පසුත් අපිට උවනාවක් අවොත් මේක වෙනස් කරගන්න උවමනායි කියල සමහර අයට පොඩ්ඩක් අවුල් යනවා

කරන්න තියෙන්නේ නම් සුළුම දෙයක් ඒ තමයි අපේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ තියෙන Default Program කියන අංගය බාවිතා කරලා අපිට උවමනා Default Application එක හදා ගන්න එක 

'
වින්ඩෝස් 8 වලදී

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ නම් Windown key එක ප්‍රෙස් කරලා Default Program කියල ටයිප් කරාම පහසුවෙන් හොයා ගන්න පුළුවන්   
වින්ඩෝස් 8 වල මෙනු එක



වින්ඩෝස්  7 වලදී

Start menu එකට ගිහින් Default Program කියල ටයිප් කරන්න .එහෙමත් නැතිනම් ලේසියෙන්ම වම් ඇත පැත්තෙන් යට ඉදල දෙවනියට උඩින් Default Program එක හොයා ගන්න පුළුවන්

windows 7 වල මේ වගේ මෙනු එකක් එයි, එකෙන් උවමනා එක හදාගන්න


 වින්ඩෝස් XP වලදී



XP වලදී නම් රුපයේ පෙන්නලා තියෙන ආකාරයට Set program Access and Default කියන එක හොයා ගන්න පුළුවන්
එක්ස් පි වල මෙනු එක



Continue Reading

Google Chrome Offline Install කරන්න ලේසියෙන්ම

Jun 7, 2012 | 0 comments



ගුගල් ක්‍රෝම් කියන්නේ දැන් එන්න එන්න වේගයෙන් ප්‍රසිද්ද වෙන වෙබ් බ්‍රවුසර් එකක්නේ . (මම නරියට හැබැයි  :p )
ආරක්ෂාව අතින් , වේගය අතින් , වගේම පරිඝනකයෙන් වෙන් කරගන්න මෙමරිය අතින් එන්න එන්නම දියුණු වෙන නිසා වගේම User Friendly Interface එක නිසා ගොඩක් අය කැමති මේක භාවිතා කරන්න

එත් මේකෙත් භාවිතා කරන යුසර්ලා ගණන ගණනය කරන්න , අලුත් අප්ඩේට්ස් නිතර Users ලට දෙන්න වගේ තවත් කරුණු නිසා අපිට කෙලින්ම ලබා දෙන්නේ Online installer එකක් . සාමාන්‍ය Internet user කෙනෙක්ට මේක දිරවගණන් ටිකක් අමාරු නිසා මේ අයම Offline Installer එකක් සයිට් එක අස්සකින් ලබා දෙනවා . එත් අපේ ගොඩක් අය මේ ගැන දන්නේ නැති නිසා මේකත් බෙදා ගන්න හිතුන .

මේ යටින් Download කරගන්න කියලදීල තියෙන සයිට් එකට ගිහින් Accept and Install  ක්ලික් කරන්න






Download කරගන්න යන්න
Continue Reading

Skype Offline Install කරන්න ලේසියෙන්

| 7 comments




Skype අපිට දෙන්නේ Online ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් විදියටනේ . මේ ක්‍රමයේදී අපිට මෙගා බයිට් 1 විතර ෆයිල් එකක් විතරයි බාගන්න වෙන්නේ . ඉතිරිය ඉන්ස්ටෝල් එකේ ප්‍රොසෙස් එකක් විදියට සොෆ්ට්වෙයා සෙට්අප් එක මගින්ම Install වෙනවා

මේ වගේ කරන්නේ මේ සොෆ්ට්වෙයා එක දෙන අයට දැනට උන Downloads ගණනින් ඔවුන්ගේ දැනට ඉන්න යුසර්ල ගණන් කරන්න . අලුත් අප්ඩේට්ස් විදියට දෙන්න පුළුවන් නිසයි .

මේ ක්‍රමයබ්‍රෝඩ්බ්‍රෑන්ඩ් යුසර් ලට නම් අවුලක් නැහැ , එත් හොද ස්පීඩ් එකක් නැති , ඩොන්ගල් භාවිතා කරන අයට නම් ලොකු අවුලක්නේ .. 




මේකට  විසදුම ඉතින් Skype Offline Full Setup Download කරගන්න එකනේ
මේකත් එයාලගෙම සයිට් එකෙන් දීලා තියෙන පහසුකමක් . 






Continue Reading

ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි ~ වයිරස් ගාර්ඩ් ද ? මොලයද ?

May 20, 2012 | 43 comments



අපිට පුරුදු දෙයක්නේ හැමෝම කියන මේ වචන පේලිය
" වයිරස් ගාර්ඩ් එක මොකක්ද මචං ? " , "අලුත් අප්ඩේට් දාගන්න" , "අපෝ..XXXX ද ? එකට YYY හැම වයිරස් එකක්ම අල්ලනවා "


ඔය වගේ නා නා ප්‍රකාර කියුම් වල ඇත්ත නැත්ත ගැන එහෙම කියන බොහොමයක් දෙනාවත්  දන්නේ නැතිව ඇති ,
මේ වෙද්දී වයිරස් (Malware / Trojan ) මගින් තත්පරයට infected (අසාදනය) වෙන පරිඝනක ගණන 10000 කට වැඩි ,
සමහරු කියනවා  " Linux පාවිච්චි කරන නිසා මට නම් අවුලක් නැහැ මචං " කියල ,
එත් දැන් සුලබ වේගෙන එන්නෙත් IoS , Linux සදහම වයිරස වර්ගයි ,


Premium AntiVirus එකක් දාගත්ත , Linux දාගත්ත කියල මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ ,
වයිරස් ගාර්ඩ් , දැනට දන්නා වයිරස් සදහා පමණයි ,
එහෙනම් එක දවසක් තුල වයිරස් දහස් ගණනක් හැකර් වරු Malware Developers ල මගින් Code කර නිදහස් කරනවා ,


මොනවද මේ එවන Malware ජාති ?  එක එක නම් වලින් හදුන්වන මේ වයිරස් වර්ග වල අරමුණු වෙනස් ,


ඔබ දන්නවා TeamViewer   මෘදෘකාංගය මගින් ඔබට තවත් පරිඝණයක් අනිත් පරිඝනකේ භාවිතා කරන්නාගේ අනු දැනුම පිට අවශ්‍ය පරිදි හසුරුවන්න පුළුවන් , (Remote Administration)
ඒ වගේ හැකර් වරු , ඔබගේ කිසිම අනුදැනුමක් නැතිව ඔබේ පරිඝ්නකේ පාලනය අතේ තියාගෙන ඉන්න බව සැකයක් තියෙන්නේ පුලුවන්ද ?


උත්තරේ "නැහැ මගේ වයිරස් ගාර්ඩ් එක දැනට තියෙන හොදම එක "ලෙස  නම් ඔබ නොදන්නා තවත් කරුණක් තියෙනවා , ඒ තමයි Cryptography (රහස් ලේඛන  කලාව) යන සංකල්පය භාවිතයෙන්  Hacker වරු , දැනට වයිරස්  ගාර්ඩ් මගින් දන්නා වයිරස්ද FUD (Fully Undetectable - හදුනා ගැනීමට නොහැකි ) මට්ටමට පත් කරනවා ,




උදා :- "Testing Virus Crypt Code" යන වචනය Crypt කරාම හැදෙන්නේ මේ වගේ අකුරු ගොඩක් "51882d5155adc0438c0e6768f64cae4f"   ,  අපි කාටවත් තේරුම ගන්න බැහැ නේද ?


ඒ වගේමයි තියෙන ෆයිල් එකිනෙංක Bind කරන්න පුලවන් ක්‍රම දැනට තියෙනව්,


උදා : වයිරස් + Adobe PhotoShop Cs6 වලට


  ඒ වගේම ඔබ හිතනවා ඇති කොහොමද එහෙම ඔබව Infected වෙන්නේ මේ වයිරස මගින් ඔබගේ දැනීමක් නැතිව කියල ,
ඇත්තෙන්ම හැකර් කෙනෙක්ගේ උවමනාවත් ඔබට නොදනී ඔබව අසාදනය කිරීමටයි , මේ සදහා නොයෙකුත් උපක්‍රම ඔවුන් භවිතා කරනවා , Social Engineering කියන විෂය හැකර් වරු අතර බොහොම ප්‍රකට මාතෘකාවත් ,  මේ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන මොවුන් තමාගේ වයිරස (Malware ) බෙදා හරිනා ප්‍රකට ක්‍රම ගැන ඊ-පොත් පවා ලියවෙනවා ,




මේ හැකර්ස් ල භාවිතා කරන ක්‍රම 2 ක් ප්‍රධානව තියෙනවා , Client Side Hacking සහ Server Side Hacking
කියන දේ , මම මේ විස්තර කරන්න යන්නේ Client Side Hacking වලින් ඔබේ පරිඝනකේය අසාධනය විය හැකි ආකාර කීපයක් ගැනයි ,




අපේ ගොඩක් අයට තියෙන උනක්නේ Facebook Hacking , ඉතින් සමහරු කීවට 80% විතර මේකටත් සොෆ්ට්වෙයා එකක් තමයි හොයන්නේ  , මම බොහෝ දෙනෙකුට කියල තියෙනවා ඔය උණෙන් පෙලෙන ,
මේකට සොෆ්ට්වෙයා ජාති  නැහැ කියල ,


අනික Software වල Crack එහෙමත් නැත්තම් KeyGen , Game වල PizzeDox වගේ දේවල් ,






මොනවද මේ ක්‍රම :


Torrent අඩවි  + File Uploading අඩවි


හැමෝම දන්නවා වගේම ප්‍රසිද්දම බාගත කරන ජලයනේ ටොරෙන්ට් කියන්නේ , ඒ වගේම ටොරෙන්ට් කියන්නේ ප්‍රසිද්ද තනහම් රහසක් වගේ දෙයක් ,
මේ ටොරෙට්‌ ෆයිල් අපි හොයන්නේ මේ වගේ උවමනා වලටනේ ,
 අලුත් ෆිල්ම්
  අලුත් සොෆ්ට්වෙයා වල ක්‍රැක් ,
  මුදල් ගෙවා ගන්න ඕනේ ඒවා නොමිලේ බාගන්න ,


ඉහත කිව වගේ හැකර් වරුන්ගේ ප්‍රියතම අඩවි තමයි මේ ටොරෙන්ට් සයිට් , මොකද සාමාන්යෙන් සොෆ්ට්වෙයා එකක් ක්‍රැක් කරන්නෙත් ,  හැකර් වරුමනේ , ඉතින් මෙයාල කරන්නේ තමාගේ වයිරසය ඒ වගේ දෙකට , ගේම් cheat Box එකකට , ඒ වගේ ඕනෙම දෙකට ,අලුතෙන් ආව ෆිල්ම් එකකට Bind , Attach කරලා ටොරෙන්ට් ජාලෙට මුදා හරිනවා ,
ලෝකේ පුරා දහස ගණනක් තත්පරයකි Infect වෙන එක ක්‍රමයකුයි ඔය ,




Youtube
 


යු ටියුබ් එකත මේ වගේම ප්‍රසිද්දයි , දැකල ඇති , එක එක හැකිං සොෆ්ට්වෙයා කියල දාල , එහෙමත් නැත්තම් එක එක ගේම් වලට කියල , Pool Liver Hack , Barn Buddy Free Coin Generator , වගේ දාල එක එක වීඩියෝ දාල තියෙනවා ඒ යටින්ම බාගත කරන ලින්ක් එකකුත් එක්කම , එකේදී වෙන්නෙත් ඔබේ පරිඝනකේ අසාදනය වෙන එක තමයි ,


Social Network
Facebook , Twittter , වැනි සමාජ ශාලා වෙබ් අඩවි විශේෂයි ,වර්තමානයේ මම සමාජ ශාලා අඩවි ගොරුදු ස්ථාන වෙලා තියෙනවා ,
දැකල ඇති චැට් එකේ හිටිගමන් ඒක ඒක ලින්ක් වර්ග එනවා , ඒක එවන කෙනාවත් එව්වා බවක් දන්නේ නැහැ ,
අලුත් Emoticons වර්ග ඉන්ස්ටෝල් කරගන්න , හෝ නව උපාංගයක් නොමිලේ ගන්න වගේ ,
මේ වගේ නොයෙකුත් උපක්‍රම යොදාගන්නවා ,


අද මට කෙනෙක් එවපු ලින්ක් එකකක් තියෙනනවා ෆේස්බුක් පේජ් ඒක , මෙන්න මේ වීඩියෝ එක වගේ පින්තුරේ ප්ලේ වෙනවා , ඒක ප්ලේ වෙන්න Flash Player ඒක ඕනේ කියල Download වෙන්න Application එකක් දෙනවා , 




Chrome වල වගේ නම් මේක Auto Download වෙනවා , මම ඒ නිසාම යෝජනා කරනවා FireFox Web Browser ඒක භාවිතා කරන්න කියල , ආරක්ෂාව අතින් සලකද්දී ,




Porn (වැඩිහිටියන්ට පමණයි දර්ශන ඇතුලත් වීඩියෝ , පින්තුර , කතා )




ඒක ඒක අඩවි තියෙනවනේ , (නොදන්න්න විදියක් නැහැනේ :p) , Hackers ල කරන්නේ මේ වගේ අඩවි වලට සිත ඇදගන මාතෘකාවක් එක්ක වීඩියෝ එකක් , පින්තුරයක් , එහෙමත් නැත්තම් E-Book වගේ අප්ලෝඅඩ් කරනවා , අර වීඩියෝ ඒක , පින්තුරය  , E-book ඒක ඩවුන්ලෝඩ් කරන , පුද්ගලයට තිබ්බ අමාරුව වගේ නෙමෙයි පස්සේ තමාව හැක් වෙලා තියන්නේ කියල දැනගත්තම ඇති වෙන්නේ ,

Public Chat Room




ලෝකේ පුරා ප්‍රචලිත දෙයක් තමයි පබ්ලික් චැට් රුම් , IRC (Instant Relay Chat )චැනල් , වගේ ඒවා ,
හැකර් වරු භාවිතා කරනවා Worm Server Side Scripts මේ එයාලගේ Malicious Links Spread (අනතුරුදායක ලින්ක් පතුරවන්න ) මේ public chat room හරහා , චැට් එකේ ඉන්න ඕනෙම කෙනෙක්
මේ ලින්ක් එකක් ක්ලික් කරන්න තියෙන සම්බවිතව ඉතාමත් වැඩි ,








මේ වගේ කුඩා වයිරස ඔබේ පරිඝන්කේ ලැගුම් ගත්තොත් , බොහෝ දේ ඔබට එය එවූ පුද්ගලයා අතට පත වෙන්න පුළුවන්,
උදා :-  ඕනේ Web Browser වල ගබඩා කරලා තියෙන Password , Username , Emails, Cookies ,
ඊළගට ඔබේ අඩවි වල FTP Loggings , ඔබ විසින් KeyBoard එකේ ඔබන හැම Key Stroke එකක්ම ,
සහ ඔබට සිතා ගත හැකි , ඕනෙම දෙයක් කරන්න පුළුවන් ,




මේ ලින්ක් ක්ලික් වලින් මොනවද වෙන්නේ ?  මේ ගැන පසුවට කතා කරමු , තව දුරට යන්න වෙන නිසා ,
වැදගත් පොස්ටුවක් උනා කියල හිතෙනවා ,


කොමෙන්ටුවකින් හරි තව උවමනා දෙයක් හරි දන්නා දෙයක් හරි බෙදා ගන්නව නම් වටිනවා ;) ,











Continue Reading

Adf.ly Url ByPass කරන්න

May 19, 2012 | 1 comments




මේ ක්‍රමය Chrome , FireFox දෙකේම වැඩ කරනවා , හිටිගමන් අපිට ඔය Adf.ly Link එක මලම වදයක් වෙනවනේ ,

ඒ වගේම ලින්ක් එක දීලා තියෙන කෙනාටත් අසාධාරණයක් වෙන්නේ නැහැ , මොකද එයාගේ ගිනුමටත්
අදාළ ක්ලික් එකේ මුදල බැර වෙනවා ,

මේක කරන්නේ මෙහෙමයි , 

ඔයාට ඕනේ වෙනවා FireFox නමේ වදුරව ඒ කිවේ Click --> Greasemonkey Download

ඊළගට තියෙන්නේ ඔයාගේ Browser එකට AdsFight කියන UserScript එක ඉන්ස්ටෝල් කරගන්න
Click -->  AdsFight UserScript


වැඩේ සර්හ්ටකයි, දැන් Adf.ly තියෙන ලින්ක් එකක් විසිට් කරලා බලන්න ප්‍රමාද තත්පර 5 ඉන්න ඕනෙද කියල :)

Continue Reading