Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

සයිබරයේ වින්දනීය හමුව ගම්පහ බ්ලොගර් ගේට්ටුව සහ තවත් කතා

Jan 29, 2013 | 70 comments




ආයුබෝවන් පින්වතුනි . ඔබ මේ එකතු වී සිටින්නේ ගම්පහ බ්ලොග් ගේට්ටුවේ තවත් නිල  බ්ලොග් අප්ඩේට් එකක සමගයි , ඔක්කම එවුන් ලියනවා ,හැමෝගෙම කතා තියෙනවා , එත් මටත් එකක් නොලිය අරින්නම හිත නොදෙන නිසා ලියල දාන්න ඕනේ කියල හිතුන ,
මේ වෙද්දී ශම්මිගේ ශිෂ් සුශ් සස් එකයි  , දේව ගේ අඩවිය , රජා , අටමා  ඇතුළු කීප දෙනෙක්ම පොස්ටු දාල ,  දෙමන්සලේ (හැමෝම දන්නා පරිදි මඩ බ්ලොගුවේ ) ප්‍රදීප් සහ බිමා ත් නිල වශයෙන් පොස්ටු දාන බවට ප්‍රකාශ කරලා තියෙනවා

ඔන්න ඉතින් මම ලියනවා නොහික්මුණු ඇසට බ්ලොග් ගේට්ටුව දැක්ක හැටි
මම ඉතින් ඈත දිහාවක එකානේ , නිවාඩුවත් නිසා ගෙදර පැත්තේ තමයි හිටියේ මේ දවස් ටිකේ , පැය ගානක් බස් එකේ ඉදගෙන පස්ස රත් කොරගෙන ඇවිත් බැහැල බෝඩිම දිහාවට අඩිය තියද්දීම ශරීර කුඩුව පුරාම කොන්ඩේ වවා ගත්ත එකෙක් ඇවිත් පාරේ මැද ඇගේ එල්ලීගෙන කෑ ගහනවා "අඩෝ... කොහෙද ඩො යන්නේ මේ " කියල ,
 හුටා වට පිට බලද්දී ඌ එක්ක තව තුන්දෙනෙක් ඉන්නවා . මහ රෑ 10 ට විතර හත්වලාමේ ගැන්බැන්ග් එකක්ද කියල හිතද්දීම මෙන්න බනියගේ අහිංසක මුණ තියෙනවා , 
ඒ එක්කම මලියයි , උදිතයයි ත් ඉන්නවා තක්බීර් වෙලා බලාගෙන , බැලින්නම් ඇගේ එල්ලීගෙන ඉන්නේ චිරාත් කාලෙක පටන් දුටු තැන එල්ලෙන එකා දිලිපයා . කොම හරි එතනත් කතාව දාල උදේම නැගිටලා ගියා කොටුවට (හිටි එවුන් දැක්ක කොමද අවේ කියල ඒ නිසා බෑ)

අඩේ අෆ්ෆා වටේ පිටේ බලද්දී දන්නා එවුන් ඉන්නවද කියල නීනු අක්ක ඉන්නවා සේටාර් එකක් එක්ක . අපි දෙන්නත් ගිහින් ඔන්න හැමෝටම ගුඩ් මෝනින් පාර දාල ඔහේ හිටිය.

ඇයි යකෝ මුන් ඔක්කම උදේ පාන්දර තරහ වෙලා වගේ එකෙක් කතා කරන්නේ නැහැනේ , (එක්කෝ නීනු අක්කගේ කතාව නතර උනේ නැති නිසා වෙන්න ඇති ) .මමත් ඉතින් වැඩිය දන්නේ බැනගන්නයි , උපදෙසක් ගන්නයි ඉන්න ප්‍රදීප් අයියා නිසා සරින් සැරේ කෝල් කර කර කොහිද ඉන්නේ ඇහුවේ කරන්න දෙයක් නැති කමට 
ඌ ඒ අස්සේ කියනවා අඩේ බට්ට ඇවිත් ඇති ඌ අහලක ඉන්නවාද කියලා ,
%^&** යකෝ බට්ට මාවත් , මම බට්ට්වත් ඒ වෙද්දී දන්නේ නැහැ කියල මීටර් උනේ පස්සේ .
හැබැයි පස්සේ නම් අතිජාත විදියට සෙට් උනා පොරව . 

.සු.දී.ක අයියත් හිටිය පොර විතරයි නිකම් හරි වචනයක් දෙකක් දැන්මේ සැරින් සැරේ හැබැයි අදුන ගත්තේ නම් පස්සේ ගම්පහ ගියාටත් පස්සේ  ,

සෙට් එකම ඊළගට කතා කරනන් හොද මාතෘකාවක් අල්ල ගත්ත ,
 කොලබ සංවිධායකතුමා හෙවත් ප්‍රදීප් අයියගේ ප්‍රමාදය ගැන , දැන් හරි ඔක්කම එවුන් කතා කරනවා ඔහේ අතක් පාතක් නැතිව ,ආ ශම්මි හිටියා ඈ . 

රෙපා යි , ස්කුබියයි වාර්තා කරාට පස්සේ අන්තිමේදී  දොස්තර කාරයා (ප්‍රදීප් අයියා ) වාර්තා කරා . 
ආ හින්දාරි කෙල්ලෙකුත් ඇවිත් ඔයාලා බොලොග් ද අහපි ,  (සිත්තරි මං )

කොස්තිය එනකම් , අඩේ මේ කහ පාට ඇදන් ඉන්නේ කවුද ? මට කතා කරන්න උවමනාව තිබ්බට කතා කරන්න උනේ නෑ පොර එක්ක . 


කෝච්චියට හැප්පුණු ගෑනු කෙනා ගේ රුප රාමු බලමින් , සිත්තරිට නම් ජන්ගමෙන් තොර ලෝකයක් තිබුනේ නැතිය

7 ට එන්න හිටි කොලබින් එන අපි අවසානේ 8 පහු වෙලා දුම්රියට වාර්තා කොරා හබයි එකත් හරියටම ගම්පහ ට්‍රෙන් එකද දන්නේ නැතිව , දගයා , දිනේල්ක ,ජාතිකේ වගේ වීඩියෝ කමෙරාව එල්ල කරන් ඉන්න  උෂාන් අයියා , කන වෙනුවට හෙඩ් සෙට් එක බෙල්ලට දාගෙන හිටිය පොරකුයි (බස් එකේ තිලිනයා ) , බට්ටා , ජින්ජියා ශයන්ග වගේම  අඩේ හිටිය අනිත් සෙට් එක මතක නැනේ , ඒ දැක්කොත් මේක කොමෙන්ටුවක් දාල කියහන් හිටියා කියල .

කෝච්චියේ විස්තර වලට එනවා නම් වැඩිමනක් නෑ ජින්ජියාට එහා පැත්තේ වාඩි උන කෙල්ලව සෙට් කරන්න අපි වින්ද දුක කියනවා ඇරෙන්න , උගේ අතට කොලේකුයි පැනකුයි දීලා දුන්න සප් එකටත් පාඩුද කොහෙද , (හැබැයි අපේ ඒකමතික බලාපොරොත්තුව වෙලා තිබ්බේ ඌ කන පුරෝලා කනවා බලන්න ) .
පෑන සහ කොලේ අතැතිව

නලා විකුණන අංකලව චාටර් කරලා මුලින් ඒ අන්කල්ගේන්ම නලා අරන් සෙට් එකම කොච්චි ගමන පුරාවටම මියුරු සංගීතයකින් හැමෝවම මන්මත් කරා . ඒවගෙන් ඔලුව අමාරුව හැදුන මගීන්ට පෙනඩෝල් විකුනන්න තරමේ හොද අදහසකුත් බස් රේඩියෝවේ තිලිණයාට ආ..වේ..ය.. , 

බස් එකට එකෙන් බැහැල ( කොන්දොස්තර ටිකට් අරන් තිබුනේ ශම්මි ඇතුළු 5 දෙනෙක්ගෙන් විතරද කොහිද , අනිත් අපි බස් එකේ නාව එවුන් වගේ ඔහේ ආව ) 
පාර දිගේ එන ගමන් ශම්මිය ශේප් එකේ අහනවා "මේ... මම ප්‍රදීප් අයියට වඩා උසයි නෙහ් :D " , කොමෙන් හරි අඩවි රජා සහ සමියා තමාට වඩා කොටයි කියල හෙන සන්තෝසෙන් හිටිය නම් දැක්ක (හැබැයි එත් රජාත් උසයිද කොහිද )

ටිකට් ටිකභාරව හිටිය "සමි" ය නම් ඔක්කම එවුන්ගේ බ්ලොග් මතක තියාගෙන ඇවිත් වගේ ප්‍රොෆයිල් පින්තුරේ පවා කියා කියා පිළිගත්තේ . හැබැයි සමි කියල දැනගත්තේ පස්සේ මමයි අනිකයි වාඩි වෙලා ඉද්දි 
ඇවිත් : එස්සුස් මි ..
මේ ස නේද , ඉතකොට මේ....  වෙන්න ඕනේ
ඉතිරි ටික ඇහෙන්න කලින් මම ගාල කඩා ගත්ත එකා වගේ හු කියාගෙන දර්ශන පටන් නික්මිලා ගියා .

කොම හරි අපි හෙවත් සංගීත නලා (කෝච්චියෙන් ගත්තුවා ) පෙරටු කරගෙන හෙනරත්ගොඩ මෙව්වා එකේ ගෘන්ඩ් එකට ගොඩ වැදුන .
නලා පෙරටු කරගනිමින්

දැන් ඉතින් ලජ්ජා වෙන්න ගියොත් වැඩේ හරි යන්නේ නැති නිසා එක එකාට අදුන්වලා දිදී විස්තර අහගෙන යද්දී පුටුවක කොනක සයිඩ් එකේ රජෙක් වගේ එකෙක් වාඩි වෙලා ඉන්නවා අහිංසක කිරිසප්ප මුනකින් , මුටත් කතා කොරන්න ගියාම , 

මම : කොමද මචං ගුඩ් මෝනින් වේවා ,
අරු :ගුඩ් මෝනින් වේවා
මම :මොකක්ද මචං බ්ලෝග ?
අරු : මම රජා මචං 

මට නිකම් ටිකට් වෙන්න ටිකක් වෙලා ගියා අඩෝ මේ අහිංසක මුණක් තියෙන කොට ජීවිතේද රජා කියන්නේ ,හත්වලාමේ සිරාවටම අදුනගන්න ලැබුන එක සතුටුයි කියල ඌ කොම උනත් රජා නිසා එහා පුටුවේ මැදින් හිටි එකාට රජාව මැදට දාහන් කිවත් බෑ කියල නිකා හිටිය . (ගවේසකයා)

ඕම ඉද්දි තඩි තලගොයෙක් එක පාරම දුවගෙන ඇවිත් අහපි තෝ නොහික්මුණු ඇස නේද කියල , කන්න වෙයිද කියල මමත් ලජ්ජා නැතිව උගෙන් ඇහුවනේ කවුද මචං උබ ඉතකොට කියල , 
තරිය ගේ මුණ නිකම් සුප් එකක් වගේ උනා , ඇයි හත්වලාමේ හැමදාම දකින්නේ මුගේ පින්තුරේ තියෙන කෙසෙල් කැනනේ . එහෙව් එකේ මුණ මතක තියේය . කොමෙන් හරි දැන් ඉතින් ප්‍රසිද්ද රහසක් එලි උනා කියල හිත හදා ගණන් තියෙන්නේ . 
DarkNet උදියට , දිලිප්යා ලමිස්සියක් යයි පැටලී , රත්ගමයා ද ඉදිරියට බර වී සිටි , නීනු අක්ක මර ලතෝනි දෙමින්


හදුනා ගැනීමේ පෙරට්ටුවකුත් තිබ්බ , හැබැයි අහන් ඉන්න උනේ නෑ , කුපාඩි රැලක් වූ  උදිත් ඉෂාර (DarkNet) , දිලිපයා , දගයා , මලියා , ශාන්යන්ග ,බනිය , මම ඇතුළු  වගේ සෙට් එකම මයික් එක ප්‍රතික්ෂේප කිරීමේ සිල් පදේ කඩන්න බැරුව හැංගි හැංගි සිටි නිසා ,

කොම හරි සිරා විසින් අප හැමෝවම උද්‍යානය වටා රබර් කතාවක් කරමින් එක්ක ගොහින් අවා , අනිත් එවුන්ට කින්ඩි දදා සිටි නිසා අනිත් අය කියන්නාක් මෙන් සිරා sසිරාවටම රබර් ගැන කොපි පෙස්ටුවක් දුන්නාද මට මීටරයක් නැත . 
(අඩේ ඒ [පැරණිම ගහ කීවට එකේ මුල විතරනේ බන්  තියෙනෙන් O.o ) 
ඉතා උනන්දුවෙන් රබර් කතාව අසා සිටින බ්ලොග ටික

චාටර් කරනවද ? ප්‍රශ්න අහනවද ?
ඉස්සුව පින්තුරකි .


 දුකකට තියෙන්නේ ලෙසටම බ්ලොග්කරණයේ හිතමිත්රයකු වෙච්චි මඩිස්සලේ නිශාන් කාරයව ලොකුවටම අදුන ගන්න බැරි උන එක , වචන කීපයයි කතා කරන්න උනේ , මොකද මගේ හිතේ ඇදිල තිබ්බේ උබ රැවුල තියෙන උස පොරක් විදියට ,ඊටත් දැන් උබ අනිත් එවුන්ට බැන්නට කතා කොරේ නෑ කියල උබත් ඇවිත් අදුන්වලා දුන්නේවත් නැහැනේ .

ඒ අස්සේ මම තව එකෙක්ට මාව අදුන්වලා දෙද්දී අහක හිටිය චේ ගුවේරා ටයිප් එකේ තොප්පියක් දාගෙන හිටිය කොට චරිතයක් මැදින් පැනල
ඌ :ඒ උබද නොහික්මුණු ඇස ,
මම : ඔව් බන් , උබ
ඌ : නාඩියා බන් 

අම්මට සිරි නෑදෑයෙක් දැක්ක වගේ සතුටුයි මටත් ඉතින් , ඕක හැමෝගෙම කතා වලට හොරෙන් රබර් කන දාගෙන ඉන්න වගක් නම් මට මීටර් ,

රේපා ගැන අමතක කොරන්නේ කොමද , මව්බිම කියල සිරා ප්‍රකාශ කර වෙලාවේ සිට රෙපාගේ තට්ටය ගිනියක් වෙලා තිබු බවක් දුටුවේ නොහික්මුණු ඇස පමණක්ද මන්ද 

මේ අතරේම එකෙක් ඇවිත් පිටි පස්සෙන් අයිනවා . හැරිලා බැලුවම කන්නාඩි පොලගෙක් , යකෝ මේ උදේ කෝල් කොරාම එන්නේ නෑ කියපු බිම්සරයා , ඌ බම්බලපිටියට ක්ලාස් යනවා කියල ගිහින් අයෙමත් ශේප් එකේ මේ පැත්තේ කැරකිලා . හැබැයි අක්කට නම් මාට්ටු පස්සේ දන්නා විදියට 

ප්‍රසිද්ද බ්ලොග් කරුවෙක් වෙන ඒ වගේම සුප්‍රසිද්ද සෙලිනා ගෝමස් ගේ නිල අයිති කරුවකු 
වන රත්ගමයා මහතා දින කීපයකට කලින් මෙසේ පොස්ටුවක් දමා තිබුනේ සෙලිනගෙන් අවසර ගත්තා යයි කියමිනි , 
ක්ලික් ටු සුම්
 නමුත් ඔහු සෙලිනාට බුට් එක තබා 27 දින කැන්දන් ආ කොමලිය කවුද ?
සංරක්ෂිත දර්ශන 4.13.3 4.රත්

මැච් එකේ සිද්දිය මෙමයි, 6 ක් ගැහුවොත් 4 යි ,4 ක් ගැහුවොත් 6 යි , ටීම් එකේ දෙන්නයි , ටීම් 12 යි , ෆීල්ඩ් කරන්න 22 යි , 
යකෝ ගෘන්ඩ් එකේ බොලේ වැටෙන්නවත් ඉඩක් නෑ ෆිල්ඩ කරන එවුන් වැඩි නිසා .
ඔන්න ඉතින් මැච් එක පටන් ගත්ත , හප්පා.. පුදුම සිතලක්නේ යකෝ තියෙන්නේ , ටිකක් වෙලා යනකම් ෆීල්ඩ් කොරන්න හිටියට බැට්ස් මන් ල නැතව වෙන වෙන එවුන් ආසාවට බොලේ දදා හිටි නිසා මම බලුවෙත් නෑ, 
එහෙන්ම ටිකින් ටික පිච් එකට ලං වෙද්දී මෙන්න යකෝ මුන් මැච් එක පටන් අරන්ලු  , :/ 
මැච් එකට තුන්ඩු ගන්න පොරකමින්


මමයි ෂයන්ග යයි තමයි කිසි ගේමක් නැතිව ගැහුවේ මැච් එක , කොම හරි එලියට ආවම අපි දෙන්න ගහනවා දැක්කෙත් නැහැලු සමහරු කියනවා ,  හරි ඉතින් පලවෙනි බෝලෙනුයි දෙවෙනි බෝලෙනුයි අපි දෙන්න දක්ස වැඩි නිසා ගහන් නොදී අයින් කොරනේ . 
ඔය 0 තියෙන්නේ VIP ඈයෝන්ටලු
 ඔකේ නම සිරා දාල තියෙනෙන් නොහික්මුණු ඇස වෙනුවට නොහික්මුණු ඇය කියල , ශිෂ් ඒමත් චාටරයක් ,

කොමෙන් හරි පලවෙනි වටේ ඉවර උනා ලකුණු ලැයිස්තුව පහල ,ඔය 0 දාල තියෙනෙන් VIP අය කියල ලු . 

එතනින් එහාට ටිකක් වෙලා යනකම් විස්තර දන්නේ නැත :D ,
ඒ අස්සෙම රවුමක් දදා හිටිය කපලක් කෑම ගැන කියනවා ඇසි අනිත්ව අමතක කර කෑම එකට පෙරේත කමේ දුවන් ආව වගකුත් ආරංචියක් තියේ :D 
ලන්ච් එක පරක්කුවට හේතුව මූ කියල ආරංචි තියෙනවා දැන්


එතනම කාර් එකක ඩිකිය ගාව සතුටු සමිච්චියේ හිටිය අය වගේකුත් හිටිය , 
  ගහකට හේත්තු වෙලා හිටි වැඩි සද්දයක් නැතිව හිටි පොරක්ගෙන් ඇහුවම කවුද මචං කියල චමි4යු කියන්නේ මම බන් ලු,  අම්මප මුන් සැබෑ ජිවිතේ කොඡ්චාර සැදැහැවත් ද කියල හිතුනේ ඔයි වෙලේ . 
ඇයි යකෝ , රජා , නිශාන් , තරියා , දැන් chami4u  යකෝ ත්‍රිලියනෙට ගනින්න බෑ වගේනේ . 

උෂාන් අය්යා සමග නීනු අක්ක


මතක් කරන්න ඕනේ නලින් අයියා වගේම අටම්පහුරේ අටමා ,කොලු ගැටවු දෙන්න්නෙක් වගේම ඉගෙන කතා කරලා හැමෝටම පුදුම සුහද ශීලි බවක් තිබුනේ , 
සමකය වටේ ලියන නලින් අයියා දැක්කම  ඇත්තටම මට ඒ වෙලාවේ තමයි ඇත්තටම දැනුනේ , හරිම ලෙන්ගතු සරල කෙනෙක් හැමෝටම එක වගේ ආදරෙන් කතා කරලා දවස ගෙව්වා

නලින් , ලොකු ජෝන් , අටම්පහුර වගේම ඒ හැමෝම තමන්ගේම පුතාලට , දුවලට , නංගිට , මල්ලිට උපදෙස් දෙනවා වගේ එන්න කලින් ජිවිහෙට ඔවදනක් දෙන්න අමතක කරෙත් නැහැ , 

මැච් එක වෙලාවේ බස් රේඩියෝවේ බයිට් ටික අහන හිටි නිසා මට වැඩිය මැච් එකත් මතක නැහැ :D

කොමෙන් හරි කෑම එක කන්න ගිහිනුත් මටම තමයි කෙල උනේ , එන ගමන් බිම්සරයාගෙන් චිකන් කෑල්ලක් කාවට ඌ කරපු සාපෙ ඇවිත් මම උස්සපු චිකන් කෑල්ලත් වැටුන . :/නොදෝමකින් පෙරේතයා (මම නෙමෙයි ඈ ,බිමා )

අඩේ අද ප්‍රදිපයා ගැන කියන්න දෙයක් වැඩිපුර නැහැනේ ඌ අහිංසකය වගේ හිටිය විතරයි දවසම , අපිට හොරෙන් මුනා කොරාද දන්නේ නැහැ හැබැයි , 
හැබැයි කියන්න ඕනේ මම ගෙට් එකට එන්න මුලික හේතුව ප්‍රදීප් අයියා කියල . මගේ බ්ලොග්කරණයට ගොඩක්ම හැමදාම උදව් ,උපදෙස් දෙන්නේ එයා .

සමහරු නම් Xtra Large එකෙට ඔලුව දාගෙනත් ඇවිත් හිටියා දැක්ක,බ්ලොග්ගුවේ අට සිල් සමාදන් වෙලා හැමෝටම මෙත් වඩව්වට  ,ඉතින් උන්ට බලෙන් කතාකරන්න පුළුවන්ය මට. නෑ අඩෝ මම එත් කතා කරා.. :D 
ඔය අස්සේ මම මැච් එකට ඇදන් එන්න ට්‍රයි කොරපු යුවතියකට මල පැන්නයි කියලත් ආරංචියක් ආව , හත්වලාමේ ඇයි යකෝ $%^&*(  නේ .. 

ඔය අස්සෙම හොරෙන් කැන්ටිමට ගිය සෙට් එකේ හිටිය අපේ ලෝක ප්‍රසිද්ද චරිත වෙන තරියගේ , ස්කුබි ගේ , ඉංග්ලන්ඩ් වල හිටිය දවස් වල පෙප්සි වලින් අත හේදුව කතා වල ඉදල දිනේල්කගේ ඩොලර් වලින් ලිපට දැන්ම කතා අහන්නත් ,වීඩියෝ කරන්නත් මා ඇතළු අනිත් සුළු තරයක් වාසනාවන්ත උනා



මැච් එකේ දෙවැනි කාර්තුවේදී බොලේ ආසවටවත් එන්නේ නැති තැනක හිටි නිසා ගවේශකයි මමයි ඔන්න පර්සනලි සෙට් උනා , 
ඌ හැබැයි කෙලින් නොහිටියත් කැච් එක නම් කතාව අස්සෙම ගත්ත ,
සුශ් හොද වෙලාවට මේක ලගක හිටියේ නැත්තම් මටත් නාඩියා , නිශාන්  ගත්ත මෙඩල් එක ගණන් වෙනවා උඩ පන්දු රැකීම ගැන ,

සුශ් අම්ටහ්කම කරන්න බැරි සිද්දිය සෑම් ගේ සහ උමා ගේ ගිතෙන් ගීතේ. "න" යන්නෙන් ගීතයක් ගායනය කරන්න තිබ්බ වෙලාවේ සිරාගේ අවහිරයක් නිසා සින්දුව චා උන බව කියමින් න යන්නෙත් වෙනත් ගීතයක් කීමට තරම් බොක්ක රත් කරගෙන හිටිය සෑමට , උම අක්කාගෙන් උණුසුම් හාදුවක් ඉල්ලගන්නත් පැකිලුනේ නැහැලු :D 

මේ ජයා රුපයේ පවනි තරංගා ද ඇතුලත්ය
කොටුවක් පයින්න බැරි කමට නාඩියා මුලක් පනිමින්


කොමෙන් හරි අටම්පහුරේ අයියාගේ කතාව මැදදී එන්න උනා , එදා දවසේ බයිට් කීපයෙන් එකක් වෙච්චි ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ කරන බ්ලොග් කාරනියකට ලැබුණු උණුසුම් රසවත් කතාවක්ද අහගෙන , 

ඔච්චර නම් නෙමෙයි , කතාව එත් ඉතින් පුළුවන් මතකේ හැටියට ලියල දැන්ම ,
අවසාන වශයෙන් ඉතින් ස්තුති කතාව තමයි . බ්ලොග් අවකාශයේ මිතුරෝ වෙනුවෙන් , සැහෙන්න මහන්සියක් සෑම් , සිරා , අටම්පහුර සහ සංවිධායක මණ්ඩලය වෙලා තිබ්බ බව ඕනෙම කෙනෙක්ට තේරුනා, කිසිම අඩුවක් නැතිව , 

ආදරණිය අටම්පහුර සහ සද්ගුණවත් සිරා

සෑම අත් නොහරින ගේමක උමා සමග | ඒ කිවේ ගිතෙන් ගීතේ හොදේ

 
ආදරණිය සමකය වටේ නලින් අයියා සමග අටන් අයියා

ඉතින් අවේ නැති අයව අප්‍රේල් 21 සයිබර් සිහින උළෙලේදී නැවත හමුවෙන්න හිතනවා, 
ඇවිත් හැබැයි සද්දේ නැතිව ඉදල කතා කොරේ නෑ කියල දොස් මුරේ නම් දාන්න එපා හරිය එකෙදිද්ත්, 

ගොඩක් අය එක්ක කතා කරාට ඒ අයගේ නම් දන්නේ නැහැ ,ඒ නිසා තරහ වෙන්න එපා , නාමිකව සිද්දි දැක්කුවේ නැති උනාට  , මුනවල් ටැග් කොරන්න බැහැනේ මේකේ ,




Continue Reading

ජනවාරි 27 ගම්5 බ්ලොග් ලියන කියවන ඔබත් එනවද ?

Jan 17, 2013 | 34 comments




වැඩිමනක් කාරණා නැහැ , එන අය නම් දැනටමත් දන්නවනේ මොකෝ සිද්දිය කියල , අනිත් යට මේකයි කතාව ,

බ්ලොග් අවකාශයේ මිතුරෝ මගින් කීවට  ඒ අය සදහා බ්ලොග් ලියන /කියවන අය වෙනුවෙන් සිරා ,සෑම් සහ අටම් පහුරා  ඇතුළු බ්ලොග්කරණයේ යෙදෙන ගම්පහ අවට  අවශේෂ හිතවතුන් විසින් සලකන්න ලැහැස්ති වෙනවා මේ වෙද්දීත් ,


Continue Reading

මුණුපොතේ හැකින් පලහිලව්ව | Facebook Hacker Cup 2013

Jan 9, 2013 | 22 comments





 මේක දාන්න කියල හිටියට කලින් දාන්න අමතක උනානේ , දන්නෝ දනිති පරිදි අපේ මිත්‍ර සංගමේ සෙට් වෙන තැන ඒ කිවේ මුණුපොතේ ඒමත් නැත්තම් ( Facebook )  , වාර්ෂිකව සයිබර් ලෝකේ පොරවල් වලට තරගයක් තියෙනවා . Facebook Hacker Cup කියල හදුන්වන මෙයට ලොව පුරා  සිටින ඕනෙම පරිඝනක ක්‍රම ලේඛන භාෂා ගැන  දන්නා කෙනෙකුට ලියා පදිංචි වෙන්න පුළුවන් . 


2011 වර්ෂයේ ජයග්‍රාහකයා


ලොව පුරා සිටින හැකර් (Hackers / Programers ) ලගේ අභිමානය උදෙසා සටන් වදින භුමිය ලෙස නාමිකව හදුන්වන මේ තරගය මේ වර්ෂයේ ( 2013 වර්ෂයේ )  තරගය දැනටමත් ලියා පදිංචිය අරඹා ඉවරයි

 
ජයග්‍රාහක තෑගි :

තවම නම් Facebook මගින් මේ වර්ෂයේ තෑගි මුදල කියල නැහැ , 


එහෙත් ගිය අවුරුද්දේ

1th -- 5,000 USD
2th -- 2,000 USD
3th -- 1,000 USD
4th - 25th -- 100 USD
TOP 100 -- Free shirts!


ලෙසට තමයි නම්කරලා තිබ්බේ  .

මේ තරගයේ Online වට 3 ක් පැවැත්වෙන අතර , එයින් හොදම 25 දෙනා හට Facebook Head Office එකේ අවසාට වටයට මුණ දෙන්න සිද්ද වෙන්ව . ආ .. ගුවන් ටිකට් පත් සහ අතිරේක වියදම් නොමිලයේ ඒ එක්කම .


දැන් මේ අවුරුද්දේ දින දක්වලා තියෙනෙන් මේ විදියට 


ජනවාරි 7 - ජනවාරි 27-- සාමාජික වීම (Registration)
ජනවාරි 25 - ජනවාරි 27 -- Online Qualification Round (සුදුසුකම්)
පෙබරවාරි 2 -- Online Elimination Round 1 (තරග වට 1)
පෙබරවාරි 9 -- Online Elimination Round 2 (තරග වට 2 )
පෙබරවාරි 16 -- Online Elimination Round 3 (තරග වට 3)
මාර්තු 22 -23 -- Onsite Finals at Facebook (අවසාන වටය)



2012 අවසන් වටයට තේරුණ පොරවල් සෙට් එකලු මේ 


වැඩි විස්තර : More Info
ලියාපදිංචි වීම් : Facebook Hacker Cup 2013

පිටුව : Official Hacker Cup Page



එහෙනම් ජය හැමෝටම !
Continue Reading

වින්ඩෝස් 8 Ad-Hoc කනෙක්ෂන් එක හදාගන්න බැරිවද ?

Jan 8, 2013 | 12 comments

වින්ඩෝස් 8 හොක් වයි ෆයි


ඉදල ඉදල මමත් ලයිව් රයිටර් එක ගත්ත පොස්ට් එකක් දාන්න බලන්න , ප්‍රදීප් අයියට උවමනා උන නිසා මමත් ටෙස්ට් කොරලම බැලුව .
අයෙමත් බ්ලොගර් වලට පේස්ට් කොරන්න වෙයි වගේ , පර්ම ලින්ක් , මීටා වගේ ඒවා නැහැනේ මේකේ :/

සාමාන්යෙන් වැඩ කරන වෙලාවට මගේ සිස්ටම් වල  හොක් එකක් ගහගෙන වැඩ කරන්නේ ,
ඔන්න ඉතින් කොමෙන් හරි මමත් වින්ඩෝස් ටික 8 වලට අප්ඩේට් කොරගත්තම තමයි දැක්කේ හත් ඉලව්වේ කෝ යස අගේට තිබ්බ Ad-hoc connection එක හදන එක නැහැනේ Network Center එකේ කියල ,

ආ දන්නේ නැති අයව අවුල් කරන්න බැහැනේ , ඒ නිසා


මොකක්ද මේ ඇඩ් හොක් කොනෙක්ෂන් එකක් කියන්නේ ?

කෙටියෙන් හදුනවනවානම් රැහැන් රහිත ජාල තාක්ෂණයේ Ad-Hoc ක්‍රමය මගින් භාහිර උපකරණයකට සම්බන්ද නොවී (වයි ෆයි රවුටර් ) , අදාළ පද්ධති අතර ජාලයක් නිර්මාණය කරගැනීම .
මෙම ජාල වක්‍රය ඇතුලත තියන ඕනෙම රැහැන් රහිත පද්ධතියකට මෙම ක්‍රමයදී Peer to Peer  භාවිතා කරලා සම්බන්ද වෙන්න පුළුවන් .


මල්ටිප්ලේයර් ගේම් එකක් ගහන්න , ෆයිල් ශෙයා කරන්න , වගේ සාමාන්‍ය ජාලයකදී කරන සියලු දේවල් මේකෙදිත් වලංගුයි . 


හරි මාතෘකාවෙන් පිට ගියේ හෙන්ඩුව දීලා අලියා කැලෑවට අතාරින්න බැරි නිසා.

Command Prompt එක දන්නවනේ CMD එක , එක දන්නෙත් නැත්තම්
ඔන්න ඔය Key එක ඔබල , CMD කියල ටයිප් කරාම එන Console එක ,
මේ CMD එක රයිට් ක්ලික් කරලා Run As Administrator ඕපන් කරගන්න



netsh wlan show drivers

කියල ලියල බලන්න cmd එකේ , මේ විදියට එන්න ඕනේ

Hosted Network Supported : Yes කියල තියෙනවා නම් ඔයාට දිගටම වැඩේ කරගෙන යන්න පුළුවන් .

netsh wlan set hostednetwork mode=allow ssid=name key=password

හයිලයිට් කරලා තියෙන name සහ password කියල දෙකට , සාමාන්‍ය විදියට කනෙක්ට් වෙන් භාවිතා කරන නමක් නැහැ හොද මුර පදයක් යොදන්න .



 එක Enter කලාම මේ වගේ එනවා නම් හරි .



ඊළගට තියෙනෙන් ඉතින් හදපු එක ස්ටාර්ට් කොරන්න තමා . එකට


netsh wlan start hostednetwork

පාවිච්චි කරන්න අන්තිමේදී , ඔන්න අද ඉපදුන බබෙක්ට වගේ පින්තුර එක්කම දාල මම O.o , මටත් විකාරයි වගේ

ආ ඉවරයි , මට මම ලියන පොස්ට් වලින් , ඊළගට "මොනවද මේ DOS Attack" සහ "ක්රිප්ටෝග්‍රෆි" පොස්ට් දෙක ලියන්නත් තියෙනවා , ඒ අතරේ මේ වගේ දේකුත් දාන්න එපාය කියල හිතුන .

ආ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කොරා , ඔය ඉන්න ගමන් දකුණු පැත්තේ තියෙන චන්දෙට Vote එකක් දාල යන්න හොදේ 
තව බ්ලොග් එකට වෙනස් කම් ටිකක් කරගෙන කරගෙන යනවා , ඉදල ඉදල මට නම් හිතට අල්ලපු ටෙම්ප්ලේට් එකක් නිසා :D

ආ... ඔන්න ඉතින් .. කෝ කොමෙන්ටුවක් ?

Continue Reading

Crack නැති මැල්වෙයාබයිට් ප්‍රෝ - Malwarebyte Pro Premium Key

Jan 7, 2013 | 12 comments






2012 ත් උදුවප් මාසේ කිසිම පොස්ට් එකක් නොදා ඉදල අද තමයි ඉතින් එකක් දාන්නේ , කලින් පොස්ට් කියවපු අය දන්නවනේ මගේ ඔය ක්‍රැක් කියන වචනෙට වැඩි කැමැත්තක් නැහැ කියල , මැල්වෙයා අපේ පරිඝනගේ ධාවනය වෙන්න පුළුවන් හොදම ක්‍රමේ තමයි ක්‍රැක් කියන්නේ ,
සමහරු නම් කියනවා , ක්‍රැක් එකක් නිසා මේක වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න පුළුවන් , ඒ නිසා වයිරස් ගාර්ඩ් එකෙන් , ෆයර් වෝල් එකෙන්  Allow කරන්න කියල , 
ක්‍රැක් එකෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්යෙන් ඩිමෝ එකේ තියෙන ට්‍රයල් කෝඩ් එක ඉවත් කරන එක වගේ දෙයක් නම් , එක කොහොමද වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්නේ කියන ප්‍රශ්නේ ගොඩක් දෙනෙක්ට එන්නේ නැති එක තමයි ප්‍රශ්නේ ,

පොස්ට් එකක් ලිය ලියා හිටිය එත් එක ඉවරයක් වෙන්නේ නෑ වගේ , දැනටමත් මාව සින්ඩි 2-3 කින් අයින් කරලා කාලෙකින් ලිවේ නැති නිසා ,

වැඩි දෙයක් නැහැ ඉතින් , මම දැක්ක ගොඩක් අය මේ දවස් ටිකේම මැල්වෙයා බයිට් එකේ ක්‍රැක් එකක් ශෙයා කරනවා , ඉතින් ඒ ක්‍රැක් එකත් වයිරස් ගාර්ඩ් වලින් අල්ලනවා කියල තිබ්බ නිසා මට මතක් උනා මගේ ගාව Malwarebyte Pro Premium Key ටිකක් තිබ්බ ඒ ටික දුන්න නම් හරි කියල ,

පහල සයිට් එකෙන් :
Malwarebytes Anti-Malware PRO Download
කරගන්න , 
Premium Key ඕනේ වෙන්නෙත් නැති වෙයි .
ඕනේ උනොත් මේක භාවිතා කරන්න 


Product ID: 5HG95
Serial: A44T-E9WG-R5W2-MHTQ



Premium Key එක වැඩ නොකලොත් දැනුම් දෙන්න , අලුත් එකක් ලබා දෙන්නම්
.


ආ ..දැන් සමහරු බලයි මොකක්ද මේ Malwarebyte කියන්නේ කියල  මේ පොස්ට් එක කියවලාම බලන්න

***ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? - අවසාන කොටස***


නැවත හමු වෙන තෙක් ඔබට ජය !
Continue Reading

2013 ට සුදානම් වෙන නොහික්මුණු ඇස

Dec 30, 2012 | 14 comments


ආයුබෝවන් හැමෝටම ,

තව පැය කීපයකින් උදා

වෙන 2013 වර්ෂයට  හැමෝම ලැහැස්ති වෙනව ඇති . කාලෙකින් බ්ලොග් එක ලියන්න උනේ නැහැ , (කොමත් නිතර එන අය නම් දන්නවනේ අවාරෙට පොල් වැටෙනවා වගේ බ්ලොග් එකක් කියල ).

ඒ කියල නොලිය නම් ඉන්නේ නැහැ :) ,ලියන්නේ නැත්තේ මොකෝ කියල වගේම  මගේ විද්‍යුත් ලිපිනයට Contact Form එක හරහා දෙන්නෙක් මැසේජ් කරලා අහල තිබ්බ බ්ලොග් එක ලියන්නේ නැත්තම් දෙන්න පුලුවන්ද ඉදිරියට කරගෙන  යන්න කියල .

සයිබර් ආරක්ෂාව ගැන කැමති කෙනෙක්ට ලිපි ලියල බ්ලොග් එකේ නම එක්ක පල කරන්න නම් පුළුවන් :)

කොහොම හරි මොනව හරි ලියහන් කියල වගේම නිතරම සප් එකට ඉන්න මිත්‍ර සනුහුරෙටත් ස්තුති කරන ගමන් ,

බ්ලොග් එක කියවන්න එන නොඑන හැමෝටම .
දැනුමෙන් පිරි සුබ අලුත් වර්ෂයක්  කියල ප්‍රර්ථනා කරනවා !



Continue Reading

ඔබත් අන්තර්ජාලයේ ආරක්ශිතද ? Privacy Control - Doxing

Nov 23, 2012 | 23 comments


මේක නම් ලියන්න හිතුවේ  විශේෂයෙන්ම මුණුපොත නිසාමයි , මොකද අනිත් සමාජ ශලා අඩවි වලට වඩා වැඩියෙන්ම ප්‍රසිද්දියේම භාවිතා කරන්නේ ෆේස්බුක් එක නිසා ,

සයිබර් ආරක්ෂාව ගැන සාමාන්යෙන් දන්නා කෙනෙක් නම් ඩොක්ස් (Dox) කිරීම ගැන දැනුවත් ඇති .

ආ හරි ඕක සිංහලෙන් පැහැදිලි කොරන්නත් එපාය. Dox කියල කෙටියෙන් හදුන්වන්නේ Documents (විස්තර) යන්නයි.
මේ අන්තරජලයේදී කෙනෙක්ට වෙන්න පුළුවන් ලොකුම විනාසේ තමයි තමාගේ Personal Dox එකක් කවුරු හරි එලි කිරීම මම හිතන්නේ .

සම්පුර්ණ නම
වෙනත් නම්
ලිපිනය
දුරකථන අංක
සේවා ස්ථානය  ලිපින සහ දුරකථන අංක
විද්‍යුත් ලිපිනය
සෝෂල් ප්‍රොෆයිල්
ළමයි
කෙල්ලගේ/නෝනා හාමුගේ නම ,
කලින් සිද්දි :p

ඔය වගේ එකී නොකී සියලුම විස්තර එකතු කරගන්න එක තමයි මේ ඩොක්ස් කරනවා කියන්නේ .

සාමාන්යෙන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයි කියන පොරකට නම් නම / E-Mail එක තිබුනම වැඩිත් එක්ක ඔය හැම විස්තරයක්ම හොයන්න .

මොකක්ද ප්‍රශ්නේ ඕව හොයා ගත්ත කියල බන් ?

මේකයි ප්‍රශ්නේ කියල නම් හරියට ඉවර කරන්න බැහැ සිද්දිය . මොකද කරන්න ඕනේ තරම් දේවල් තියෙනවා තමාට ලැබෙන කෙටි තොරතුරකින් අනෙකාගේ මුළු ජීවිතේම කෙලවලා දාන්න පුළුවන් මානසික මට්ටමේ අය ඉන්නවා .

තොරතුරු වලින් බැංකු ගිණුමක් අරබන්න,
ලෝන් එකක් ගන්න .
Sim එකක් ගන්න ,

වගේ පොඩි (ඒවා මොනවද බන් කියන අයට ) දේවල් ඉදල හිතාගන්න පුළුවන් හොදම දෙ කරන්න පුළුවන් ,

සමාජශාලා අඩවි ත්ඣිය්නෙඅව ,ගෘප් තියෙනවා බොහොමයක් දැන් , අපි උදහරයකට වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවියක් ගමු . මේ වගේ එකක එඩිට් කරපු හොද* පින්තුරයක් , ලිපිනය , ගෙදර ඉන්න වෙලාව , දිනය විද්‍යුත් ලිපිනය වගේ විස්තර දැන්මොත් කොහොමට තියෙයිද ?

ගැහැණු අයට විතරක් නෙමෙයි , පිරිමි කෙනෙක්ටත් ගොඩක් අපහසුතාවයට පත් වෙන්න වෙන්ව ,
උදා : "අදාල විස්තරත් එක්ක මම මේ වගේ අයව Deal කරන කෙනෙක් මේ වෙලාවට මේ දින වලට එන්න කැමති කෙනෙක් තෝරාගෙන යන්න "
වගේ දෙයක් පොස්ට් කරොත් , Cert එකට , පොලිසියට කිව කියල වැඩක් තියෙයිද , එන්න පුළුවන් ඔක්කම බහුභූත මිනිස්සු තමාගේ ගෙදරටම ආවට පස්සේ ,


ගත්ත සිම් එකකින්ම කෝල් කරනවා හතර වටේම තියෙන ඩිලිවරි ෂොප් වලට අහවල් ඒවා ගෙන්න කියල , කොහොමද ෆන් එක , අන්තිමේදී නම්බර් එක බැලුවමත් තියෙන්නේ තමාගේම නමට උනාම , 

තවත් දුර යන්නව නම් පත්තරේ , YellowPage , අන්තර්ක්ජාලය වගේ හැකි හැම දේම අරගේම ජොබ් ඉල්ලලා තියෙන අයට අදාල කෙනාගේ නිවසේ ජොබ් එකට අදාළ මිටින් සෙට් කරන්න :P ,
ටොයිලට් ක්ලීනින් සර්විස් ගෙන්න ගන්න , ඉන්ෂුරන්ස් පොරවල් යවන්න , එලෝ මෙලෝ නැතිව ලිපි යවන්න ,


වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් කියල තේරෙනවනේ , 

අමන්දා ටොඩ් ව මතක නම් එයාටත් උනේ BlackMail කරන සිද්දියක් ඒවගේ පින්තුර ප්‍රසිද්ද කරන නිසා .

තවත් ක්‍රම තියෙනවා E-Whoring කියල , කෙටියෙන් කියනව් නම මුදල් හෙවීමේ පරමාර්ථය කරගත්ත පරිඝනක අපරාද කාරයන්ගේ ප්‍රියතම මාතෘකාවත් තමයි එක නම් ,

ගොඩක් කාන්තා පාර්ශවයේ අයතමාගේ එක එක විදියේ පින්තුර එක ඇල්බම් එකකට 100 ක් විතර එකතු කරනවා , ඉතින් ඔය වගේ ඇල්බම් අරගෙන වෙනම නමකින් තවත් සෝෂල් නෙට්වර්ක් වල අකවුන්ට් හදල ,
ඒ පින්තුර විකුනන  (තව එඩිට් කරලා ) එක තමයි මේ අය කරන්නේ .සාමාන්‍ය මුදල වෙන්නේ 10 කට 5$ වගේ , වැඩේ දක්ෂයි නම් දවසට බර ගානක් ගලවගන මේ අය දක්ෂයි . 

*ඔන්න කිව හරිද මම නම් ඔය කිසිම දෙකට අදාළ නැහැ , තම තමාගේ ආරක්ෂාව තකල තමයි මම මේ ලියන්නේ . ඕව කොරන ගිහින් CERT එකට මාට්ටු උන්නට පස්සේ දුක් නොවී ඉඩහන් :D 


එක්කෝ මම අද ඕනෙවට වඩා වැඩි දේවල් ලියනවා වගේ . ඒ නිසා මෙතනින් ක්‍රම ගැන නවත්තනවා තව ලියන් ගියොත් මොනවා ලියවෙයිද දන්නේ නැහැ  

Facebook Hacking කරන ගොඩක් දෙනෙක් කරන්නේ  Forget My Password බොත්තම ඔබන එකනේ .
ඉතින් අච්චර ඔයාගේ විස්තර හොයා ගත්ත මනුස්සයෙක්ට Security Question එකට උත්තර දෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි නේද ? 


තව තමාගේ පාසලට , සේවා ස්ථානයට එහෙම ඔහොම ෆන් එකක් අවොත් බෙල්ල වැල දාගන්න එක සැපයි නෙහ් ?

හත් ඉලව්වේ කොහොමද මේව නවත්තන්නේ ?

මම දන්නවාද ,අර මොනවද කෑවා නම් ඉවසපන් පුසෝ කිවලු :D 

ඕක නවත්තන්න එච්චර දෙයක් කරන්න ඕනේ නැහැනේ , මුලින්ම පුළුවන් තරම් සෝෂල් නෙට්වර්ක් වල රෙජිස්ටර් වල එකතු වෙන එක නවත්තන්න , (MySpace,Hi5,LinkedIn විශේෂයෙන් )

කරන්න දෙයක් නැහැ ෆේස්බුක් එපා කීවට ඕක වෙන්නේ නැති දෙයක්නේ ,හැබැයි ඔයාගේ විස්තර ගන්න පුළුවන් හොදම සෝර්ස් එකත් වෙන්නේ මුණු පොත දැන් ,අර About Me ටැබ් එකට ගිය ගමන් ඔක්කම තියෙනවනේ , 
ඉතින් ෆේක් එකක් භාවිතා කරනවා නම් ඔන්න වැඩියම හොදයි , එත් ඉතින් දැන් තියෙන මට්ටම අනුව එකත් බැහැනේ . 
මුලින්ම (ඔය ලෙඩේ නම් මම දැකල තියෙනෙන් ගොඩක්ම කෙල්ලොන්ගේ ) තමාගේ ශරීර කුඩුවේ අංශක 360 ම පින්තුර දැමීමෙන් වලකින්න ,ඒ දැන්මතඒවාට ප්‍රයිවසි කොන්ටෝර්ල් දාන්න අමතකක රන්න එපා. 
කොල්ලොන්ටත් එක්ක ඈ කිවේ , (ආසයිද ඩයල්* ඇවිත් යමුද අහනවට :D ) . 

ඊළගට උදේ පාන්දර වැසිකිලි ගිය එකේ ඉදල රාත්‍රී ගමන වෙනකම් මුණු පොතේ ස්ටේටස් පල කිරීමෙන් වැළකිලා ඉන්න , 

කොල්ල විනාඩියක් මැසේජ් නොකරම , කෑම්ප් ගියාම , කෙල්ලගේ ෆෝන් එකේ බැටරි ලෝ උනාම , කලින් එක නැවතුනාම ,  ආසම ෆිල්ම් එක බලල ඉවර උනාම , 
තව ටික දවසකින් ***** එක්කෝ ඕනේ නෑ වගේ කියන්න :D

මම බොරු නම් කියනනේමේ දැන් ගිහින් Home tab එක ඔබල බලන්න ඕවා නැද්ද කියල ,
ස්ටේටස් අප්ඩේට් කරන්න ඕනේ ,කරන්න ඕනේ දේවලුත් තියෙනවා ඕනේ නැති ඒවත් තියෙනවා.

 ඊළගට නිතරම එකම E-mail ලිපිනය භාවිතා කිරීමෙන් වැළකීමේ ශික්ශාපදයක් හදා ගන්න.මොකද කඩපු අනිත් පන්සිල් ඔක්කම එලි වෙයි . අර මේල් එක එක්ස්පොස් උනොත් 
 ඒ නිසා හැම වෙබ් අඩවියකටම ලොග් වෙන්න එකම මේල් එක භාවිතයෙන් වළකින්න, 

ඩොමේන් එකක් ගන්නවා නම් Privacy Protection එකත් තව ඩොලර් 2 ක් විතර දීලා ගන්න අමතක කරන්න එපා.


එහෙම නැතත් අමුතුම ක්‍රමයක් තියෙනවා බොහොමයක් සයිබර් ආරක්ෂාව ගැන දන්නා දෙනා පවා දන්නේ නැති Misleading කියලා . වචනයෙන්ම පැහැදිලි වෙනවා ඇති මොකක්ද සිද්දිය කියල .එක ගැන ලියම්දෝ නොලියම්දෝ හිතල තමයි අන්තිමේදී මේක ලිවේ . 

අන්තිමේදී හොදම දෙ පිස්සොත් එක්ක ගණන් හදන්න යන්න එපා.අදහස් කරේ  හැම තැනකම පැටලෙන්න හදන්න එපා . මොකද අපේ අය ඉන්නවනේ ඉන්ටර්නෙට් හිරෝලා . කෙහෙල් ගහක හොට පටලුනාට පස්සේ අඩව්වට උත්තර නම් ලැබෙන්නේ නැහැ . 


ඔය කොහොම ආරක්ෂාව තහවුරු කරත් උවමනාව තියෙන කෙනාට තමාගේ අරමුණ සාර්ථක කරගන්න නම් නමේ මුල් අකුර තිබ්බත් ඇති වෙයි (මේ එක ජෝගියට හොදේ කිවේ )

namechk.comhttp://www.pipl.com වගේ වෙබ් අඩවි වලට ගිහින් තමාගේ මොන මොනා විස්තර එලියේද කියල  බලාගන්න , අනවශ්‍ය ඒවා ඉවත් කරන්න අමතක කරන්න එපා.

ඒ වගේම බ්ලොග් වල , සයිට් වල කොමෙන්ට් කරන්නෙත් මොනවටද කියල පොස්ට් කරන්න කලින් දෙපාරක් කියවල ඉන්න අමටහ්ක කරන්න එපා . 
හැගීම් වලට වහල් වෙලා පොස්ට් කරා වගේ නෙමෙයි ගින්න අවිලෙනකොට . 



තව එකතු කරන්න දෙයක් , මට මග හැරුණු දෙයක් , අදහසක් , ඉස්සරහට ලියන්න අදහසක් කොමෙන්ටුවක් විදියට දාලා යන එක මට හයියක් 
Continue Reading