ජනවාරි 27 ගම්5 බ්ලොග් ලියන කියවන ඔබත් එනවද ?
Jan 17, 2013 | 34 comments
Labels:
2013 වර්ෂය
,
blog (බ්ලොග්)
මුණුපොතේ හැකින් පලහිලව්ව | Facebook Hacker Cup 2013
Jan 9, 2013 | 22 comments

![]() |
| 2011 වර්ෂයේ ජයග්‍රාහකයා |
ලොව පුරා සිටින හැකර් (Hackers / Programers ) ලගේ අභිමානය උදෙසා සටන් වදින භුමිය ලෙස නාමිකව හදුන්වන මේ තරගය මේ වර්ෂයේ ( 2013 වර්ෂයේ ) තරගය දැනටමත් ලියා පදිංචිය අරඹා ඉවරයි .
ජයග්‍රාහක තෑගි :
තවම නම් Facebook මගින් මේ වර්ෂයේ තෑගි මුදල කියල නැහැ ,
එහෙත් ගිය අවුරුද්දේ
1th -- 5,000 USD
2th -- 2,000 USD
3th -- 1,000 USD
4th - 25th -- 100 USD
TOP 100 -- Free shirts!
ලෙසට තමයි නම්කරලා තිබ්බේ .
මේ තරගයේ Online වට 3 ක් පැවැත්වෙන අතර , එයින් හොදම 25 දෙනා හට Facebook Head Office එකේ අවසාට වටයට මුණ දෙන්න සිද්ද වෙන්ව . ආ .. ගුවන් ටිකට් පත් සහ අතිරේක වියදම් නොමිලයේ ඒ එක්කම .
දැන් මේ අවුරුද්දේ දින දක්වලා තියෙනෙන් මේ විදියට
ජනවාරි 7 - ජනවාරි 27-- සාමාජික වීම (Registration)
ජනවාරි 25 - ජනවාරි 27 -- Online Qualification Round (සුදුසුකම්)
පෙබරවාරි 2 -- Online Elimination Round 1 (තරග වට 1)
පෙබරවාරි 9 -- Online Elimination Round 2 (තරග වට 2 )
පෙබරවාරි 16 -- Online Elimination Round 3 (තරග වට 3)
මාර්තු 22 -23 -- Onsite Finals at Facebook (අවසාන වටය)
![]() | |
| 2012 අවසන් වටයට තේරුණ පොරවල් සෙට් එකලු මේ |
වැඩි විස්තර : More Info
ලියාපදිංචි වීම් : Facebook Hacker Cup 2013
පිටුව : Official Hacker Cup Page
එහෙනම් ජය හැමෝටම !
වින්ඩෝස් 8 Ad-Hoc කනෙක්ෂන් එක හදාගන්න බැරිවද ?
Jan 8, 2013 | 12 comments
ඉදල ඉදල මමත් ලයිව් රයිටර් එක ගත්ත පොස්ට් එකක් දාන්න බලන්න , ප්‍රදීප් අයියට උවමනා උන
නිසා මමත් ටෙස්ට් කොරලම බැලුව .
අයෙමත් බ්ලොගර් වලට පේස්ට් කොරන්න වෙයි වගේ , පර්ම ලින්ක් , මීටා වගේ ඒවා නැහැනේ මේකේ :/
අයෙමත් බ්ලොගර් වලට පේස්ට් කොරන්න වෙයි වගේ , පර්ම ලින්ක් , මීටා වගේ ඒවා නැහැනේ මේකේ :/
සාමාන්යෙන් වැඩ කරන වෙලාවට මගේ සිස්ටම් වල හොක් එකක් ගහගෙන වැඩ
කරන්නේ ,
ඔන්න ඉතින් කොමෙන් හරි මමත් වින්ඩෝස් ටික 8 වලට අප්ඩේට් කොරගත්තම තමයි දැක්කේ හත් ඉලව්වේ කෝ යස අගේට තිබ්බ Ad-hoc connection එක හදන එක නැහැනේ Network Center එකේ කියල ,
ආ දන්නේ නැති අයව අවුල් කරන්න බැහැනේ , ඒ නිසා
මොකක්ද මේ ඇඩ් හොක් කොනෙක්ෂන් එකක් කියන්නේ ?
කෙටියෙන් හදුනවනවානම් රැහැන් රහිත ජාල තාක්ෂණයේ Ad-Hoc ක්‍රමය මගින් භාහිර උපකරණයකට සම්බන්ද නොවී (වයි ෆයි රවුටර් ) , අදාළ පද්ධති අතර ජාලයක් නිර්මාණය කරගැනීම .
මෙම ජාල වක්‍රය ඇතුලත තියන ඕනෙම රැහැන් රහිත පද්ධතියකට මෙම ක්‍රමයදී Peer to Peer භාවිතා කරලා සම්බන්ද වෙන්න පුළුවන් .
ඔන්න ඉතින් කොමෙන් හරි මමත් වින්ඩෝස් ටික 8 වලට අප්ඩේට් කොරගත්තම තමයි දැක්කේ හත් ඉලව්වේ කෝ යස අගේට තිබ්බ Ad-hoc connection එක හදන එක නැහැනේ Network Center එකේ කියල ,
ආ දන්නේ නැති අයව අවුල් කරන්න බැහැනේ , ඒ නිසා
මොකක්ද මේ ඇඩ් හොක් කොනෙක්ෂන් එකක් කියන්නේ ?
කෙටියෙන් හදුනවනවානම් රැහැන් රහිත ජාල තාක්ෂණයේ Ad-Hoc ක්‍රමය මගින් භාහිර උපකරණයකට සම්බන්ද නොවී (වයි ෆයි රවුටර් ) , අදාළ පද්ධති අතර ජාලයක් නිර්මාණය කරගැනීම .
මෙම ජාල වක්‍රය ඇතුලත තියන ඕනෙම රැහැන් රහිත පද්ධතියකට මෙම ක්‍රමයදී Peer to Peer භාවිතා කරලා සම්බන්ද වෙන්න පුළුවන් .
මල්ටිප්ලේයර් ගේම් එකක් ගහන්න , ෆයිල් ශෙයා කරන්න , වගේ සාමාන්‍ය ජාලයකදී කරන සියලු දේවල් මේකෙදිත් වලංගුයි .
හරි මාතෘකාවෙන් පිට ගියේ හෙන්ඩුව දීලා අලියා කැලෑවට අතාරින්න බැරි නිසා.
Command Prompt එක දන්නවනේ CMD එක , එක දන්නෙත් නැත්තම්
ඔන්න ඔය Key එක ඔබල , CMD කියල ටයිප් කරාම එන Console එක , මේ CMD එක රයිට් ක්ලික් කරලා Run As Administrator ඕපන් කරගන්න
netsh wlan show drivers
කියල ලියල බලන්න cmd එකේ , මේ විදියට එන්න ඕනේ
Hosted Network Supported : Yes කියල තියෙනවා නම් ඔයාට දිගටම වැඩේ කරගෙන යන්න පුළුවන් .
netsh wlan set hostednetwork mode=allow ssid=name key=password
හයිලයිට් කරලා තියෙන name සහ password කියල දෙකට , සාමාන්‍ය විදියට කනෙක්ට් වෙන් භාවිතා කරන නමක් නැහැ හොද මුර පදයක් යොදන්න .
එක Enter කලාම මේ වගේ එනවා නම් හරි .
ඊළගට තියෙනෙන් ඉතින් හදපු එක ස්ටාර්ට් කොරන්න තමා . එකට
netsh wlan start hostednetwork
netsh wlan start hostednetwork
පාවිච්චි කරන්න අන්තිමේදී , ඔන්න අද ඉපදුන බබෙක්ට වගේ පින්තුර එක්කම දාල මම O.o , මටත් විකාරයි වගේ
ආ ඉවරයි , මට මම ලියන පොස්ට් වලින් , ඊළගට "මොනවද මේ DOS Attack" සහ "ක්රිප්ටෝග්‍රෆි" පොස්ට් දෙක ලියන්නත් තියෙනවා , ඒ අතරේ මේ වගේ දේකුත් දාන්න එපාය කියල හිතුන .
ආ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කොරා , ඔය ඉන්න ගමන් දකුණු පැත්තේ තියෙන චන්දෙට Vote එකක් දාල යන්න හොදේ
ආ ඉවරයි , මට මම ලියන පොස්ට් වලින් , ඊළගට "මොනවද මේ DOS Attack" සහ "ක්රිප්ටෝග්‍රෆි" පොස්ට් දෙක ලියන්නත් තියෙනවා , ඒ අතරේ මේ වගේ දේකුත් දාන්න එපාය කියල හිතුන .
ආ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කොරා , ඔය ඉන්න ගමන් දකුණු පැත්තේ තියෙන චන්දෙට Vote එකක් දාල යන්න හොදේ
තව බ්ලොග් එකට වෙනස් කම් ටිකක් කරගෙන කරගෙන යනවා , ඉදල ඉදල මට නම් හිතට අල්ලපු ටෙම්ප්ලේට් එකක් නිසා :D
ආ... ඔන්න ඉතින් .. කෝ කොමෙන්ටුවක් ?
Labels:
Researches
,
වින්ඩෝස්
Crack නැති මැල්වෙයාබයිට් ප්‍රෝ - Malwarebyte Pro Premium Key
Jan 7, 2013 | 12 comments
2012 ත් උදුවප් මාසේ කිසිම පොස්ට් එකක් නොදා ඉදල අද තමයි ඉතින් එකක් දාන්නේ , කලින් පොස්ට් කියවපු අය දන්නවනේ මගේ ඔය ක්‍රැක් කියන වචනෙට වැඩි කැමැත්තක් නැහැ කියල , මැල්වෙයා අපේ පරිඝනගේ ධාවනය වෙන්න පුළුවන් හොදම ක්‍රමේ තමයි ක්‍රැක් කියන්නේ ,
සමහරු නම් කියනවා , ක්‍රැක් එකක් නිසා මේක වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න පුළුවන් , ඒ නිසා වයිරස් ගාර්ඩ් එකෙන් , ෆයර් වෝල් එකෙන් Allow කරන්න කියල ,
ක්‍රැක් එකෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්යෙන් ඩිමෝ එකේ තියෙන ට්‍රයල් කෝඩ් එක ඉවත් කරන එක වගේ දෙයක් නම් , එක කොහොමද වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්නේ කියන ප්‍රශ්නේ ගොඩක් දෙනෙක්ට එන්නේ නැති එක තමයි ප්‍රශ්නේ ,
පොස්ට් එකක් ලිය ලියා හිටිය එත් එක ඉවරයක් වෙන්නේ නෑ වගේ , දැනටමත් මාව සින්ඩි 2-3 කින් අයින් කරලා කාලෙකින් ලිවේ නැති නිසා ,
වැඩි දෙයක් නැහැ ඉතින් , මම දැක්ක ගොඩක් අය මේ දවස් ටිකේම මැල්වෙයා බයිට් එකේ ක්‍රැක් එකක් ශෙයා කරනවා , ඉතින් ඒ ක්‍රැක් එකත් වයිරස් ගාර්ඩ් වලින් අල්ලනවා කියල තිබ්බ නිසා මට මතක් උනා මගේ ගාව Malwarebyte Pro Premium Key ටිකක් තිබ්බ ඒ ටික දුන්න නම් හරි කියල ,
පහල සයිට් එකෙන් :
Malwarebytes Anti-Malware PRO Download
කරගන්න , Premium Key ඕනේ වෙන්නෙත් නැති වෙයි .
ඕනේ උනොත් මේක භාවිතා කරන්න
Serial: A44T-E9WG-R5W2-MHTQ
Premium Key එක වැඩ නොකලොත් දැනුම් දෙන්න , අලුත් එකක් ලබා දෙන්නම් .
ආ ..දැන් සමහරු බලයි මොකක්ද මේ Malwarebyte කියන්නේ කියල මේ පොස්ට් එක කියවලාම බලන්න
***ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? - අවසාන කොටස***
නැවත හමු වෙන තෙක් ඔබට ජය !
2013 ට සුදානම් වෙන නොහික්මුණු ඇස
Dec 30, 2012 | 14 comments
ආයුබෝවන් හැමෝටම ,
තව පැය කීපයකින් උදා
වෙන 2013 වර්ෂයට හැමෝම ලැහැස්ති වෙනව ඇති . කාලෙකින් බ්ලොග් එක ලියන්න උනේ නැහැ , (කොමත් නිතර එන අය නම් දන්නවනේ අවාරෙට පොල් වැටෙනවා වගේ බ්ලොග් එකක් කියල ).
ඒ කියල නොලිය නම් ඉන්නේ නැහැ :) ,ලියන්නේ නැත්තේ මොකෝ කියල වගේම මගේ විද්‍යුත් ලිපිනයට Contact Form එක හරහා දෙන්නෙක් මැසේජ් කරලා අහල තිබ්බ බ්ලොග් එක ලියන්නේ නැත්තම් දෙන්න පුලුවන්ද ඉදිරියට කරගෙන යන්න කියල .
සයිබර් ආරක්ෂාව ගැන කැමති කෙනෙක්ට ලිපි ලියල බ්ලොග් එකේ නම එක්ක පල කරන්න නම් පුළුවන් :)
කොහොම හරි මොනව හරි ලියහන් කියල වගේම නිතරම සප් එකට ඉන්න මිත්‍ර සනුහුරෙටත් ස්තුති කරන ගමන් ,
බ්ලොග් එක කියවන්න එන නොඑන හැමෝටම .
දැනුමෙන් පිරි සුබ අලුත් වර්ෂයක් කියල ප්‍රර්ථනා කරනවා !
Labels:
2013 වර්ෂය
ඔබත් අන්තර්ජාලයේ ආරක්ශිතද ? Privacy Control - Doxing
Nov 23, 2012 | 23 comments
මේක නම් ලියන්න හිතුවේ විශේෂයෙන්ම මුණුපොත නිසාමයි , මොකද අනිත් සමාජ ශලා අඩවි වලට වඩා වැඩියෙන්ම ප්‍රසිද්දියේම භාවිතා කරන්නේ ෆේස්බුක් එක නිසා ,
සයිබර් ආරක්ෂාව ගැන සාමාන්යෙන් දන්නා කෙනෙක් නම් ඩොක්ස් (Dox) කිරීම ගැන දැනුවත් ඇති .
ආ හරි ඕක සිංහලෙන් පැහැදිලි කොරන්නත් එපාය. Dox කියල කෙටියෙන් හදුන්වන්නේ Documents (විස්තර) යන්නයි.
මේ අන්තරජලයේදී කෙනෙක්ට වෙන්න පුළුවන් ලොකුම විනාසේ තමයි තමාගේ Personal Dox එකක් කවුරු හරි එලි කිරීම මම හිතන්නේ .
සම්පුර්ණ නම
වෙනත් නම්
ලිපිනය
දුරකථන අංක
සේවා ස්ථානය ලිපින සහ දුරකථන අංක
විද්‍යුත් ලිපිනය
සෝෂල් ප්‍රොෆයිල්
ළමයි
කෙල්ලගේ/නෝනා හාමුගේ නම ,
කලින් සිද්දි :p
ඔය වගේ එකී නොකී සියලුම විස්තර එකතු කරගන්න එක තමයි මේ ඩොක්ස් කරනවා කියන්නේ .
සාමාන්යෙන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයි කියන පොරකට නම් නම / E-Mail එක තිබුනම වැඩිත් එක්ක ඔය හැම විස්තරයක්ම හොයන්න .
මොකක්ද ප්‍රශ්නේ ඕව හොයා ගත්ත කියල බන් ?
මේකයි ප්‍රශ්නේ කියල නම් හරියට ඉවර කරන්න බැහැ සිද්දිය . මොකද කරන්න ඕනේ තරම් දේවල් තියෙනවා තමාට ලැබෙන කෙටි තොරතුරකින් අනෙකාගේ මුළු ජීවිතේම කෙලවලා දාන්න පුළුවන් මානසික මට්ටමේ අය ඉන්නවා .
තොරතුරු වලින් බැංකු ගිණුමක් අරබන්න,
ලෝන් එකක් ගන්න .
Sim එකක් ගන්න ,
වගේ පොඩි (ඒවා මොනවද බන් කියන අයට ) දේවල් ඉදල හිතාගන්න පුළුවන් හොදම දෙ කරන්න පුළුවන් ,
සමාජශාලා අඩවි ත්ඣිය්නෙඅව ,ගෘප් තියෙනවා බොහොමයක් දැන් , අපි උදහරයකට වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවියක් ගමු . මේ වගේ එකක එඩිට් කරපු හොද* පින්තුරයක් , ලිපිනය , ගෙදර ඉන්න වෙලාව , දිනය විද්‍යුත් ලිපිනය වගේ විස්තර දැන්මොත් කොහොමට තියෙයිද ?
ගැහැණු අයට විතරක් නෙමෙයි , පිරිමි කෙනෙක්ටත් ගොඩක් අපහසුතාවයට පත් වෙන්න වෙන්ව ,
උදා : "අදාල විස්තරත් එක්ක මම මේ වගේ අයව Deal කරන කෙනෙක් මේ වෙලාවට මේ දින වලට එන්න කැමති කෙනෙක් තෝරාගෙන යන්න "
වගේ දෙයක් පොස්ට් කරොත් , Cert එකට , පොලිසියට කිව කියල වැඩක් තියෙයිද , එන්න පුළුවන් ඔක්කම බහුභූත මිනිස්සු තමාගේ ගෙදරටම ආවට පස්සේ ,
ගත්ත සිම් එකකින්ම කෝල් කරනවා හතර වටේම තියෙන ඩිලිවරි ෂොප් වලට අහවල් ඒවා ගෙන්න කියල , කොහොමද ෆන් එක , අන්තිමේදී නම්බර් එක බැලුවමත් තියෙන්නේ තමාගේම නමට උනාම ,
තවත් දුර යන්නව නම් පත්තරේ , YellowPage , අන්තර්ක්ජාලය වගේ හැකි හැම දේම අරගේම ජොබ් ඉල්ලලා තියෙන අයට අදාල කෙනාගේ නිවසේ ජොබ් එකට අදාළ මිටින් සෙට් කරන්න :P ,
ටොයිලට් ක්ලීනින් සර්විස් ගෙන්න ගන්න , ඉන්ෂුරන්ස් පොරවල් යවන්න , එලෝ මෙලෝ නැතිව ලිපි යවන්න ,
වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් කියල තේරෙනවනේ ,
අමන්දා ටොඩ් ව මතක නම් එයාටත් උනේ BlackMail කරන සිද්දියක් ඒවගේ පින්තුර ප්‍රසිද්ද කරන නිසා .
තවත් ක්‍රම තියෙනවා E-Whoring කියල , කෙටියෙන් කියනව් නම මුදල් හෙවීමේ පරමාර්ථය කරගත්ත පරිඝනක අපරාද කාරයන්ගේ ප්‍රියතම මාතෘකාවත් තමයි එක නම් ,
ගොඩක් කාන්තා පාර්ශවයේ අයතමාගේ එක එක විදියේ පින්තුර එක ඇල්බම් එකකට 100 ක් විතර එකතු කරනවා , ඉතින් ඔය වගේ ඇල්බම් අරගෙන වෙනම නමකින් තවත් සෝෂල් නෙට්වර්ක් වල අකවුන්ට් හදල ,
ඒ පින්තුර විකුනන (තව එඩිට් කරලා ) එක තමයි මේ අය කරන්නේ .සාමාන්‍ය මුදල වෙන්නේ 10 කට 5$ වගේ , වැඩේ දක්ෂයි නම් දවසට බර ගානක් ගලවගන මේ අය දක්ෂයි .
*ඔන්න කිව හරිද මම නම් ඔය කිසිම දෙකට අදාළ නැහැ , තම තමාගේ ආරක්ෂාව තකල තමයි මම මේ ලියන්නේ . ඕව කොරන ගිහින් CERT එකට මාට්ටු උන්නට පස්සේ දුක් නොවී ඉඩහන් :D
එක්කෝ මම අද ඕනෙවට වඩා වැඩි දේවල් ලියනවා වගේ . ඒ නිසා මෙතනින් ක්‍රම ගැන නවත්තනවා තව ලියන් ගියොත් මොනවා ලියවෙයිද දන්නේ නැහැ
Facebook Hacking කරන ගොඩක් දෙනෙක් කරන්නේ Forget My Password බොත්තම ඔබන එකනේ .
ඉතින් අච්චර ඔයාගේ විස්තර හොයා ගත්ත මනුස්සයෙක්ට Security Question එකට උත්තර දෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි නේද ?
තව තමාගේ පාසලට , සේවා ස්ථානයට එහෙම ඔහොම ෆන් එකක් අවොත් බෙල්ල වැල දාගන්න එක සැපයි නෙහ් ?
හත් ඉලව්වේ කොහොමද මේව නවත්තන්නේ ?
මම දන්නවාද ,අර මොනවද කෑවා නම් ඉවසපන් පුසෝ කිවලු :D
ඕක නවත්තන්න එච්චර දෙයක් කරන්න ඕනේ නැහැනේ , මුලින්ම පුළුවන් තරම් සෝෂල් නෙට්වර්ක් වල රෙජිස්ටර් වල එකතු වෙන එක නවත්තන්න , (MySpace,Hi5,LinkedIn විශේෂයෙන් )
කරන්න දෙයක් නැහැ ෆේස්බුක් එපා කීවට ඕක වෙන්නේ නැති දෙයක්නේ ,හැබැයි ඔයාගේ විස්තර ගන්න පුළුවන් හොදම සෝර්ස් එකත් වෙන්නේ මුණු පොත දැන් ,අර About Me ටැබ් එකට ගිය ගමන් ඔක්කම තියෙනවනේ ,
ඉතින් ෆේක් එකක් භාවිතා කරනවා නම් ඔන්න වැඩියම හොදයි , එත් ඉතින් දැන් තියෙන මට්ටම අනුව එකත් බැහැනේ .
මුලින්ම (ඔය ලෙඩේ නම් මම දැකල තියෙනෙන් ගොඩක්ම කෙල්ලොන්ගේ ) තමාගේ ශරීර කුඩුවේ අංශක 360 ම පින්තුර දැමීමෙන් වලකින්න ,ඒ දැන්මතඒවාට ප්‍රයිවසි කොන්ටෝර්ල් දාන්න අමතකක රන්න එපා.
කොල්ලොන්ටත් එක්ක ඈ කිවේ , (ආසයිද ඩයල්* ඇවිත් යමුද අහනවට :D ) .
ඊළගට උදේ පාන්දර වැසිකිලි ගිය එකේ ඉදල රාත්‍රී ගමන වෙනකම් මුණු පොතේ ස්ටේටස් පල කිරීමෙන් වැළකිලා ඉන්න ,
කොල්ල විනාඩියක් මැසේජ් නොකරම , කෑම්ප් ගියාම , කෙල්ලගේ ෆෝන් එකේ බැටරි ලෝ උනාම , කලින් එක නැවතුනාම , ආසම ෆිල්ම් එක බලල ඉවර උනාම ,
තව ටික දවසකින් ***** එක්කෝ ඕනේ නෑ වගේ කියන්න :D
මම බොරු නම් කියනනේමේ දැන් ගිහින් Home tab එක ඔබල බලන්න ඕවා නැද්ද කියල ,
ස්ටේටස් අප්ඩේට් කරන්න ඕනේ ,කරන්න ඕනේ දේවලුත් තියෙනවා ඕනේ නැති ඒවත් තියෙනවා.
ඊළගට නිතරම එකම E-mail ලිපිනය භාවිතා කිරීමෙන් වැළකීමේ ශික්ශාපදයක් හදා ගන්න.මොකද කඩපු අනිත් පන්සිල් ඔක්කම එලි වෙයි . අර මේල් එක එක්ස්පොස් උනොත්
ඒ නිසා හැම වෙබ් අඩවියකටම ලොග් වෙන්න එකම මේල් එක භාවිතයෙන් වළකින්න,
ඩොමේන් එකක් ගන්නවා නම් Privacy Protection එකත් තව ඩොලර් 2 ක් විතර දීලා ගන්න අමතක කරන්න එපා.
එහෙම නැතත් අමුතුම ක්‍රමයක් තියෙනවා බොහොමයක් සයිබර් ආරක්ෂාව ගැන දන්නා දෙනා පවා දන්නේ නැති Misleading කියලා . වචනයෙන්ම පැහැදිලි වෙනවා ඇති මොකක්ද සිද්දිය කියල .එක ගැන ලියම්දෝ නොලියම්දෝ හිතල තමයි අන්තිමේදී මේක ලිවේ .
අන්තිමේදී හොදම දෙ පිස්සොත් එක්ක ගණන් හදන්න යන්න එපා.අදහස් කරේ හැම තැනකම පැටලෙන්න හදන්න එපා . මොකද අපේ අය ඉන්නවනේ ඉන්ටර්නෙට් හිරෝලා . කෙහෙල් ගහක හොට පටලුනාට පස්සේ අඩව්වට උත්තර නම් ලැබෙන්නේ නැහැ .
ඔය කොහොම ආරක්ෂාව තහවුරු කරත් උවමනාව තියෙන කෙනාට තමාගේ අරමුණ සාර්ථක කරගන්න නම් නමේ මුල් අකුර තිබ්බත් ඇති වෙයි (මේ එක ජෝගියට හොදේ කිවේ )
namechk.com , http://www.pipl.com වගේ වෙබ් අඩවි වලට ගිහින් තමාගේ මොන මොනා විස්තර එලියේද කියල බලාගන්න , අනවශ්‍ය ඒවා ඉවත් කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම බ්ලොග් වල , සයිට් වල කොමෙන්ට් කරන්නෙත් මොනවටද කියල පොස්ට් කරන්න කලින් දෙපාරක් කියවල ඉන්න අමටහ්ක කරන්න එපා .
හැගීම් වලට වහල් වෙලා පොස්ට් කරා වගේ නෙමෙයි ගින්න අවිලෙනකොට .
තව එකතු කරන්න දෙයක් , මට මග හැරුණු දෙයක් , අදහසක් , ඉස්සරහට ලියන්න අදහසක් කොමෙන්ටුවක් විදියට දාලා යන එක මට හයියක්
Labels:
Cyber Security
,
Doxing
,
Social Engineering
,
සමාජ ජාල (Social Network)
,
සයිබර් ආරක්ෂාව
,
හැකිං (Hacking)
Digital Stenography - රහස් තොරතුරු සැගවීම
Nov 18, 2012 | 17 comments
කියවපු අයට නම් මතක ඇති මම කලින් ලිව ස්ටේනොග්‍රෆි ගැන ඒ කිවේ දත්ත සැගවිමේ කලාව ගැන .
කියෙව්වේ නැත්තම්
රහස් ලේඛන කලාව හෙවත් Art of Steganography
උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_
- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -
රහස් ලේඛන කලාව - Art of stenographyඋපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_
- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -
පොස්ටුව කියවලාම එන්න .
ඉතින් ඒ විදියට එක එක ක්‍රම තියෙනවනේ දත්ත සැගවීමට . මම කතා කරන්න යන්නේ නම් Digital Stenography ගැනයි. ඒ කියන්නේ පරිඝනකය භාවිතා කරලා දත්ත සැගවීම කරන්නේ කොහොමද කියන එක .
දන්නා කස්ටිය ක්රිප්ටර් වගේ එව්වා එක්ක මේක පටලවා ගන්න එපා.එක වෙනම එකක් .
මුලින්ම බලමු කොහොමද පින්තුරයක් අස්සේ අපිට උවමනා ලියුමක් වගේ දෙයක් හංගන්නේ කියල .
එකක් තමයි අපිට හංගන්න උවමනා ලියුම Notepad එක ඕපන් කරගෙන එකේ ලියල . අපේ පිටතට පෙන්න ඕනේ Image File එකට එකතු කරන එක .
- උදා
- : පින්තුරේ නම :img.jpg
- හංගන්න උවමනා වචන : Sample Text Hide for Stenography
- මේ "Sample Text Hide for Stenography" සේව් කරගත්ත Text Document එකේ නම : hide.txt
කරන තියෙන්නේ සුළු දෙයයි . අපි හිතමු D:/hide කියන ෆෝල්ඩරේ සේව් කරගත්ත කියල මේ ඉහත ෆයිල් දෙකම (img.jpg , hide.txt)
අපේ කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරලා Path එක තෝරාගෙන .
D:\hide>
copy /b img.jpg + hide.txt output.jpg
කියල දෙන්නයි. මේකේ
Copy /b - කියන්නේ කමාන්ඩ් එක
img.jpg - අපේ ඉමේජ් එක
hide.txt - අපේ ටෙක්ස්ට් එක
output.jpg - රහස් ලියුම ඇතුලත් ඉමේජ් එක
දැන් ෆෝල්ඩර් එකේ output නමින් ඉමේජ් එකක් හැදිලා ඇති . අර හංගපු වචන ටික බලන්න නම් image එක notepad එක මාර්ගයෙන් විවුර්ත කරගෙන අවසානයේම බලන්න .
ඔය වගේම මේ වැඩේ ලේසියෙන්ම කරගන්න මෘදුකාංගයක් තියෙනවා QuickStegno කියල . ඒ ගැන නම් වැඩි විස්තරයක් කියන්නේ නැහැ . වෙබ් අඩවියට ගිහින්ම බලන්න
Visit QuickStegno : වෙබ් අඩවිය
අපි කරේ ටෙක්ස්ට් එකක් හංගන එක විතරනේ , ඕනෙම ෆයිල් එකක් හංගන්න නම් එත් කරන්න තියෙන්නේ , අපිට හංගන්න උවමනා ෆයිල්ස් සේරම එක ෆෝල්ඩර් එකක ඇතුලට දාල එක WINRAR වලින් Compress කරන එකයි .
කලින් වගේම ඕනේ ඉමේජ් එකත් ඒ ෆෝල්ඩර් එක තුලට දාගෙන
D:\hide>
copy /b img.jpg + hidefiles.rar output.jpg
විදියට දෙන එකයි . මේක ඕපන් කරගන්න නම් එක්කෝ අපේ ඉමේජ් ෆයිල් එකේ එක්ස්ටෙන්ෂන් එක .RAR විදියට හරවාගෙන ඕපන් කරන්න ඕනේ නැත්තම් ඉමේජ් එක WinRar මගින් ඕපන් කරගන්න ඕනේ .
ඉතින් මේ දේ කරන්නත් මෘදුකාංග භාවිතය කරන්න පුළුවන් .
OpenPuff -Download වෙබ් අඩවිය
ඉලගට් තව එකක් තමයි Hide Me කියන්නේ මේකේ නම් විශේෂත්වේ අපේ කෙනෙක්ගේ ගේ දෙයක් නිසා .
ලස්සන Friendly User Interface එකක් තියෙන නිසා වගේම ඉමේජ් එක WinRAR වලින් ඕපන් කරත් නොපෙන්නන නිසා ආරක්ෂාවත් හොදයි .
වෙබ් පිටුව :Download වෙබ් අඩවිය
Facebook Page : https://www.facebook.com/djsofts.hideme
මේ වගේ එක එක ක්‍රම වලින් හංගන ක්‍රම ,මෘදුකාංග බිහි වෙද්දී මම ඊළගට Cryptography - Art of Reading Stenography ක්‍රම ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා . සගවලා තියෙන දත්ත හදුනා ගැනීම , ඒවා කියවීම යන මාතෘකා යටතේ .
ආ තව ටිකෙන් අමතාක වෙනවා . ඔය උඩ කිව ක්‍රම ඉමේජ් එකත් එක්ක සම්බන්ද ඒවා නිසා . මොනවා හරි හංගපු ෆයිල් එක වැරදිලා හරි Rotate කොරොත් සොරි තමයි හොදේ , හැම දෙයක්ම නැති වෙනවා .
ලාව හෙවත් Art of Steganography
උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_
- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -
උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_
- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -
රහස් ලේඛන කලාව හෙවත් Art of Steganography
උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_
- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -
උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_
- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -
Labels:
Digital Stegnography
,
ක්රිප්ටෝග්‍රෆි
,
රහස් ලේඛන කලාව
Subscribe to:
Comments
(
Atom
)








