Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

හැකින් කරන්න නැතිවම බැරි BackTrack ? පට්ට Tool එකක්ද ?

Aug 16, 2012 | 29 comments



අද වෙද්දී බොහොමයක් අන්තර්ජාලයේ ජනප්‍රියම මාතෘකාවනේ මේ හැකින් කියන්නේ . ඒ අස්සේ ඇහෙන අනිත් ජනප්‍රියම වචනේ තමයි බැක්ට්‍රැක් (BackTrack) කියන්නේ .

මේ ඇවිත් සාමාන්යෙන් අහන්න ලැබෙන දේවල් ටිකක්


  1. -WIFI හැක් කරන්න නම්  බැක් ට්‍රැක්  දා ගන්න මචං - කවුරු හරි WIFI Crack කරන්න පුලුවන්ද කියල අහල තිබ්බ පොස්ට් එකකටලැබුනු ප්‍රතිචාරයක් .
  2. -මම නම් යුස්‌ කරන පට්ටම හැකිං ටුල් එක තමයි BackTrack - තවත් අහන්න ලැබුනු එකක් .
  3. -හැක් කරන්න කිසිම ගින්නක් නැහැ මචං  බැක්_ට්‍රැක්  දා ගත්ත ගමන් ඔක්කම ගොඩ . -
  4. -ඇනෝනිමස් ලා Develop කරපු  බැක්-ට්‍රැක්  -
ඔය 3, 4 නම් මම දැක්කේ බ්ලොග් පොස්ට් එකක .

ඔය වගේ ඒවා ඕනේ තරම් දකින්න ලැබෙනවා ඇති හැමෝටම. මුනුපොතේ උදව් ඉල්ලන ගෘප් වල මේ වගේ කතා නිතරම යනවා .

ඇත්තටම මේක Hacking Tool එකක්ද ? හැකිං කෙසේ වෙතත් පරිඝනකය ගැන දන්නා කෙනෙක් නම් කියන්නේ OS එකක් ඒ කියන්නේ Operating System (මෙහෙයුම් පද්ධතියක්) කියල .

ඇත්තටම මොකක්ද මේ


BackTrack 5 කියන්නේ  Ubuntu Lucid (10.04 LTS) (උබුන්ටු දන්නවා ඇතිනේ ?  ) මත පදනම් උන Linux kernel 2.6.38 එක භාවිතා කරන Open Sourceමෙහෙයුම් පද්දතියක් . මේකේ වෙනස තමයි Security සහ Penetration Testing වලට අදාළ වන මෘදුකාංග Pre-Installed (ඒ සමගම ඇතුලත් කර ) එන එක.
ඒ වගේම මේකේ Developers ල වෙන්නේ Linux Security | Backtrack.org වලින්


Whoppix, IWHAX, සහ  Audito යන Distribution සමග තමයි මේ ලිනක්ස් මත පදනම් උන BackTrack වලත් උපත සිද්ද වෙන්නේ .
ඕනේ කෙනෙක්ට මේ මෙහෙයුම් පද්ධතියේ KDE හෝ GNOME යන ඒවගෙන් බා-ගත කරගන්න පුළුවන්
32 bit හෝ 64 bit x86 වලින් . (මේ ගැන වැඩි විස්තර මේකෙන් කියන්නේ නැහැ , ඇත්තටම කිවොත් කියන්න තරම් ලොකු.. වෙනසකුත් නැහැ පොඩි පොඩි ඒවා හැරුන කොට :p ).



දැන් මේ BackTrack කියන දේ ගැන සරල වැටහීමක් හරි ලැබුනානේ . දැන් වැඩේ තියෙන්නේ සමහර අය කියනවා වගේ BackTrack දැන්ම ගමන් වැඩේ හරිද ? ගේමක් නැතිව හැක් කරන්න පුලුවන්ද ? කියන එකයි .

මේ පොස්ට් දෙක කියෙව්වේ නැත්තම් මුලින්ම කියවලම එන්න

1.
ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි ~ වයිරස් ගාර්ඩ් ද ? මොලයද ?
2.මොකක්ද මේ හැකින් -What is the Hacking ? මුල ඉදල තේරුම් ගන්න


වැඩි දෙයක් නැති උනත් ලාවට හරි තේරුම ගන්න දේවල් ඇති . දෙවැනි පොස්ට් එකේ තියෙනව සාමාන්යෙන් භාවිතා වෙන ක්‍රම . ඉතින් ඒ හැම දෙයක්ම වෙන්නේ කොහොමද කියල තේරුම ගත්තේ නැති නම් Backtrack Install කරා කියල වැඩක් තියෙයිද ?
සබන් හදන මැෂිමක් අරගත්තට සබන් හදන්න දන්නේ නැත්තම් මැෂින් ඒකෙන වැඩක් නැහැනේ නේද ? ;)

ඒ වගේම සමහර අය කියයි වින්ඩෝස් වල ඉදල මේ වැඩ කරන්න බැහැ අනිවාර්යෙන්ලිනක්ස් බේස් OS එකක් නැති නම් කියලත් . 










අපි සාධාරණව බැලුවොත් BackTrack වල විශේෂය තියෙන්නේ Menu එකේ BackTrack කියන මෙනු එක නිසානේ , මේකේ තියෙන ගොඩක් ඒවා රන් වෙන්නේ Terminal එකේ .
උදා :-

Graphical User Interface තියෙන Application තියෙනේ බොහොම සුලුතරයයි . ඒ වගේම මේ එක එක ටර්මිනල් එකේදී භාවිතා කරන්න උවමනා Commands ද දැනගන්න ඕනේ . ගොඩක්ම තියෙන්නේ Python , Perl වගේ පරිඝනක භාෂා පදනම් කරගෙන නිපදවුණු Applications . ඉතින් මේ බොහොමයක් ඒවා වින්ඩෝස් වලත් රන් කිරීමේ හැකියාව තියෙනවා . හැබැයි ඉතින් ඒ ඒ දේවල් ගැන නිසි දැනුම නම් අවශ්‍ය වෙනවා .



මම ඇහුවම ඇයි BackTrack පාවිච්චි කරන්නේ කියල කෙනෙක්ගෙන්
"එකේ තියෙන Exploit , Scripts වැදගත්නේ මචං " 


ඔන්න ඕකයි ලැබුන පිළිතුර. මේ එකක්වත් මේ සමග පමණක් එන ඒවා නෙමෙයි . සාමාන්යෙන් සයිබර් ආරක්ෂාව ගැන සැලකිල්ලෙන් ඉන්න කෙනෙක්ට අලුත් වෙන Security holes , Exploitation ගැන හොයා ගන්න පුළුවන් . 


ඒ වගේම මේ බැක්ට්‍රැක් වල තියෙන මෙනුව ඔයාලගේ වෙනත් ලිනක්ස් මත පදනම් උන වෙනත් OS එකකට උනත් ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගැන ඕනේ නම කොමෙන්ටුවකින් අහන්න , පොස්ට් එකක් දාන්නම් ,


අනිත් කාරණේ මේ Security සහ Penetration Testing වලට යෝග්‍ය OS එකකට තියෙන්නෙම මේ BackTrack කියන මෙහෙයුම් පද්ධතියන විතරද කියන කාරණේ .
                                  

මම ඉහතදී සදහන් කරා මේ ඔ . එස් එක නිපදවිලා තියෙන්නේ Whoppix, IWHAX, සහ  Audito යන Distribution සමග කියල . ඒවත් මේ වගේම security සදහම නිපදවූ එවයි .

මේ වෙද්දී තවත් ජනප්‍රියම වෙන OS දෙකක් තමයි DarkRacer සහ Backbox කියන ඒවා .  



ඩාර්ක් රේසර් මෙහෙයුම් පද්ධ්ත්හිය



බැක් බොක්ස් මෙහෙයුම් පද්ධතිය 


 ඉතින් මේ ගොඩක් මිත්‍යා කතා පැතිරිලා තියෙන්නේ මොන වගේ අය නිසාද කියල ඔයාලට තේරුම් ගන්න පුළුවන් . :p
කොහොම මොනවා දා ගත්තත් Formula එක , ක්‍රමය ඉගෙන ගන්නේ නැතිව කිසිම වැඩක් නම් කරන්න බැහැ . ;)

ඉතින් මම කියන්නේ ඔයාලත් වින්ඩෝස් වලට පුරුදු උන කෙනෙක් නම් මේ සයිබර් ආරක්ෂාව , හැකිං කියල වචන වලට වහල් වෙලා එක පාරම BackTrack දා ගන්න හදන්න එපා.  ubuntu , fedora , Hanthana Linux වගේ OS එකකින් මුලින් linux Command වලට පුරුදු වෙන්න .

මම මේ පොස්ටුවෙන් BackTrack Linux ගැන අඩු තක්සේරුවක් කරන්න බලාපොරොත්තු උනා නෙමෙයි . ඒ ගැන හරි වැටහීමක් ලාවට දෙන්නයි ලිවේ .

මේ ඊයේ පෙරේද වෙද්දී , BackTrack 5 r3 සංස්කරණයත් නිකුත් උනා ,

මුණුපොතේ OMG Linux කියන ගෘප් එක මේ ලිනක්ස් භාවිතා කරන අයට ගොඩක් වැදගත් වෙයි .


ඒ වගේම ඔයාලටත් හිතේ තියෙන දේ කොමෙන්ටුවකින් කියල යන්න වෙලාවක් තිබුනා නම් බොහොමත්ම ස්තුති වන්ත වෙනවා


Continue Reading

Public IP සහ Private IP වල වෙනස

Aug 6, 2012 | 12 comments

අපිට අන්තර්ජාලය භාවිත කරද්දී නිතර අහන්න ලැබුනත් වැඩි දෙනා නොදන්න දෙයක්නේ මේ ඉන්ටර්නෙට් ප්රෝටෝකොල් (Internet Protocol ) වල තියෙන පබ්ලික් අයි.පි (Public IP) සහ ප්‍රයිවට් අයි.පි (Private IP) කියන දේ .

මේ පොස්ටුවෙන් මේ ගැන සරලව පොඩි හැදින්වීමක් කරන්නම්

මුලින්ම බලමු මොනවද මේ පබ්ලික් අයි.පී_(Public IP) කියන්නේ කියල

Continue Reading

ජනෙල් 7 අක්‍රිය වී ඇති ටෙල්නෙට් ක්‍රියා කරවීම

Aug 4, 2012 | 4 comments


වින්ඩෝස් එක්ස් පි වලදී නම් ටෙල්නෙට් පහසුකම ක්‍රියාකාරී ලෙස ආවත් . විස්ටා වලින් පසුව ටෙල්නෙට් පහසුකම Default අක්‍රිය ලෙසයි පැමිණෙන්නේ .
සාමාන්‍ය පරිඝනක භාවිතා කරන්නන්ට නම් බොහෝ විට අවශ්‍ය නොවුනත් අවශ්‍ය වෙන වෙලාවල් එන්න පුළුවන් .

Continue Reading

එකම Facebook ගිණුමට මුර පද තුනකින් ඇතුල් වෙන්න

Aug 3, 2012 | 12 comments


ටිකක් සිත් ඇදගන්න මාතෘකාවක් වගේ නේද ;) , සාමාන්යෙන් අපිට ලොග් වෙන්න තියෙන අනිත් වෙබ් අඩවි වලට වඩා මුණු පොතේ වෙනස් කමක් තියෙනවා අපේ ගිණුමට ලොග් වෙද්දී .
ඒ කියන්නේ අපිට මුර පද 3 කිං අපේ ගිණුමට ඇතුල් වෙන්න පුළුවන්

Continue Reading

ෆේස්බුක් චැට් එකේ Memes යවන්න ලේසියෙන්ම

Jul 13, 2012 | 7 comments





Facebook Chat එකෙන්ම Memes ලේසියෙන් යවන්න පුළුවන් නම් තවත් ෆන් වැඩේනේ :)

මේක පොඩි ස්ක්‍රිප්ට් එකක් (මම ලිව එකක් නෙමේ ) , ඔයාල මේක ඉන්ස්ටෝල් කරගත්තම වෙබ් බ්‍රුසර් එකට
චැට් එකේම මෙනු එකක් එවන Memes යවන්න පුළුවන් විදියට

Continue Reading

පන්සීය පනස් ජාතක පොත් වහන්සේ PDF ෆයිල ලෙසින් බාගන්න

Jul 12, 2012 | 6 comments


පන්සීය පනස් ජාතක පොත් වහන්සේ කියන්නේ ගොඩක් වැදගත් දෙයක්නේ , මේක E-Book ලෙස ගන්න තියෙනවා නම් ගොඩක් වටිනවනේ , මේ ෆයිල මට දුන්නේ මම නම දන්නේ නැති කෙනෙක් ,

Continue Reading

ගෞතම බුද්ධ චරිතය සිතුවම් වලින් Download කරගන්න

| 7 comments



පින්තුර 108 වගේ තියෙනවා , බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් ගොඩක් සිත්තමට නැගල තියෙනෙන් ඉන්දියානු ජාතික කෙනෙක් කියල තමයි මමත් දන්නේ නම් . ධර්ම දානය ලොකු පිනක්නේ :) , 
ඉතින් මේ ටික බෙදා ගන්න හිතුන 

සමහර පින්තුර 











මට දුන්නෙත් මම තවම නම දන්නේ නැති කෙනෙක් ,

Download කරගන්න _- http://www.mediafire.com/?suled52hvr139io
Continue Reading