ආයුබෝවන් හැමෝටම ,අදත් කාලෙකින් විතර නැතිව අනිත් පොස්ටුව දාල දවස් දෙක තුනකින්ම එකක් ලියන්න හිතුන ගොඩක් අයට බහුලවම තියෙන ප්‍රශ්නක් නිසාම . කලින් පොස්ටු වගේම මේකත් ටිකක් අදාළ වෙන්නේ පරිඝනක අපරාද කාරයෝ එහෙමත් නැතිනම් හැකර්ලගේ බඩේ පහර වදින ලේබලයකට තමයි .
මේ දවස් වල පැතිරිලා යන වයිරස ජාති නිසාම ගොඩක් අය තම තාමගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න දැන් දැන් පුරුදු වෙලා තියනව. අද ලියන්නේ ඒ සැලකිලිමත් අයට තවත් අමතර විස්තර කීපයක් .
(මේ වෙද්දී ගුගල් මිත්‍ර පිරිස 50 වෙලා නිසා පොඩි ස්තුති කතාවක් දාන්න ගියේ ඒක වෙනම පොස්ට් එකක් උනා අන්තිමට , ඒ නිසා පස්සෙම 50 වෙනි පොස්ටුවේදී දානවා කියල ඒ ටික අයින් කරා . මොකද ඉතින් හිට්ස් / මිත්‍ර පිරිස / කොමෙන්ට් කියන්නේ බ්ලොග් ලියන කෙනෙක්ට ඇත්තම හයියක්නේ )
ඕක කියද්දීම මතක් උනේ අලුත් හරි පරණ හරි මොකක් හරි බ්ලොග් ලියන කෙනෙක්ට නම් වැදගත් වෙන පොස්ටුවක් හිරු හිමා දාල තිබ්බ --> මෙතනින්
හරි නැවත මාතෘකාවට , වයිරස් කීවට ඇත්තටම ට්‍රෝජන් හෝ(ර්)ස් නේ කරදර සිද්ද කරන්නේ අපිට . ඕවගේ ඒක ඒක විස්තර තියෙනවා වර්ගීකරණ අනුව ඒක බලන්න පරිඝනක වයිරස වර්ගීකරණය ගිහින් බලන්න පුළුවන්
හැබැයි මුලින්ම ආරක්ෂා වෙන්න කලින් මේව මොනවද , මොනවද මේවගෙන් වෙන්නේ කියල දැනගෙන ඉන්න ඒක හොද නිසා
මොනවද මේ ට්‍රෝජන් වර්ග කියල බලමු
Software Detection Killers(Botkillers/ AV killers)
කලින් පොස්ටුවක මම මේ ගැන කිව මතකයි . සොෆ්ට්වෙයා ඩිටෙක්ෂන් කිලර් එහෙමත් නැති නම් බොට් කිලර්ස් වලින් කරන්නේ මේ ට්‍රෝජන් / මැල්වෙයා හොයා ගන්න ඔයාගේ පරිඝනකයේ ඉන්ස්ටෝල් (install) කරලා තියෙන වයිරස් ගාර්ඩ් (AV - Anti Virus) , වගේ මෘදුකාංග අයින් කරන එකයි (remove / uninstall / disable)
Remote Access Trojans(RAT's)
හැකිං උණ වැළදිලා තියෙන අයට මුල් කාලේ එන අසනීපයක් තමයි ඕක , මීයෙක් යවන ඒක ;) මේක ඇවිත් සාමාන්යෙන් Team Viewer / හරි ඔයාල මෙහෙයුම් පද්දතියේ තියෙන රිමෝට් ඇක්සස් (remote access) යන ඒවා භාවිතා කරනවා වගේ වැඩක් , හැබැයි ඒක කරන්නේ ඔයාට දැනෙන්නේ නැති වෙන්න . වැඩි විස්තර වෙනම පොස්ටුවකින්
Proxy/ Wingate Trojans
මේ ප්‍රොක්සි / වින්ගේට් ට්‍රෝජන් වලින් ඔයාගේ පරිඝනකය අනිත් කෙනාගේ ප්‍රොක්සි එකක් විදියට භාවිතා කරන්න හැකියාවක් තියෙනවා ,
Keyloggers
මේකත් ගොඩක් ප්‍රසිද්දයිනේ , ඒ නිසා වැඩිය ලියන්නේ නැහැ , ඔයා ටයිප් කරන හැම කී එකක්ම අනිත් කෙනාගේ අතට පත් වෙන එක තමයි මේකෙන් කරන්නේ
කී-ලොගර් එකක් හැක් කරා මතක ඇතිනේ අපි කලින් , නැත්තං මේකට ගිහින් බලන්න
කී-ලොගර් හැකිං හෙවත් හැකර්ව හැක් කිරීම - Reverting
Destructive trojan
හැටියටම ට්‍රෝජන් එකක් කියන්න බැරි වයිරස් එකක් විදියටට්යි මේක වැඩ කරන්නේ . නමේ හැටියටම ඔයාගේ පරිඝනකේ තියෙන ෆයිල් ඩිලීට් කරන එකයි මේකෙන් කරන්නේ
Denial Of Service(DoS) Attack Trojans
ඩෙනියල් ඔෆ් සර්විස් ගැන මම වෙනම ලියන්නම් , මේකෙන් කරන්නේ ඔයාගේ පරිඝනකය තවත් කෙනෙක්ට Attack කරන්න පුළුවන් විදියට භාවිතා කරන එකයි
FTP (File Transfer Protocol) Trojan
මේකට නම් මම ආසයි :p , ඔයාගේ පරිඝනකයේ පොර්ට්ස් තියෙනවනේ , දන්නේ නැතිනම් ඒවා හරියට ගෙදරකට යන්න තියෙන දොරවල් වගේ , ඒක ඒක දොරින් විවුර්ත වෙන්නේ ඒක ඒක තැන් . ඉතින් අපේ පරිඝනකයේ පොර්ට් 21 කියන්නේ FTP - ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්රෝටෝකොල් ඒක ඕපන් කරන ඒක . පරිඝනකයේ දත්ත සමග සම්බන්ද වෙන්න පුලවන් .
Password Sending Trojan / Stealers
පාස්වර්ඩ් සෙන්ඩින් ට්‍රෝජන් වලින් ඔයාගේ පරිඝනකයේ තියෙන හැම වර්ගයේම පාස්වාඩ් අනිත් කෙනාගේ අතට ලැබෙන්න සලස්වනවා ඔයාගේ IM වල (MSN , Skype , IRC , Facebook Desktop Chat ) වගේම ,
FTP , HTTP හැම දෙයකම ඒවා නොදනුවත්මව අනිත් කෙනාගේ අතට යන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ
මල කෙලියයි . දැන් මේක ලියල ඉවර වෙද්දී වෙනම පොස්ට් එකක් වගේ . වැඩිය ලියන්න ගියොත් කියවන කෙනාට කම්මැලි වෙයිද දන්නේ නැහැනේ ඒ නිසා මම මේ පොස්ට් ඒක කොටස් 3 කට කඩන්න හිතුවේ.ඔන්න එහෙනම් මේක පලවෙනි කොටස කියල නම් කරා.
මේ එක්කම අනිත් පොස්ට් දෙකත් පල කරන්න උත්සහ කරනවා .
පසු සටහන :
දිනය - 2012 . 10 . 15
මෙහි දක්වා තියෙන්නේ මේ වනතුරු පිළිගත ගත හැකි මට්ටමෙන් අන්තර්ජාතිකව නම් කරලා තියෙන ට්‍රෝජන් වර්ග . කාලයත් සමග මේවා අලුත් විය හැකිය
දෙවැනි කොටස : ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් කියවන්න - 2 කොටස