Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

මුණුපොතේ හැකින් පලහිලව්ව | Facebook Hacker Cup 2013

Jan 9, 2013 | 22 comments





 මේක දාන්න කියල හිටියට කලින් දාන්න අමතක උනානේ , දන්නෝ දනිති පරිදි අපේ මිත්‍ර සංගමේ සෙට් වෙන තැන ඒ කිවේ මුණුපොතේ ඒමත් නැත්තම් ( Facebook )  , වාර්ෂිකව සයිබර් ලෝකේ පොරවල් වලට තරගයක් තියෙනවා . Facebook Hacker Cup කියල හදුන්වන මෙයට ලොව පුරා  සිටින ඕනෙම පරිඝනක ක්‍රම ලේඛන භාෂා ගැන  දන්නා කෙනෙකුට ලියා පදිංචි වෙන්න පුළුවන් . 


2011 වර්ෂයේ ජයග්‍රාහකයා


ලොව පුරා සිටින හැකර් (Hackers / Programers ) ලගේ අභිමානය උදෙසා සටන් වදින භුමිය ලෙස නාමිකව හදුන්වන මේ තරගය මේ වර්ෂයේ ( 2013 වර්ෂයේ )  තරගය දැනටමත් ලියා පදිංචිය අරඹා ඉවරයි

 
ජයග්‍රාහක තෑගි :

තවම නම් Facebook මගින් මේ වර්ෂයේ තෑගි මුදල කියල නැහැ , 


එහෙත් ගිය අවුරුද්දේ

1th -- 5,000 USD
2th -- 2,000 USD
3th -- 1,000 USD
4th - 25th -- 100 USD
TOP 100 -- Free shirts!


ලෙසට තමයි නම්කරලා තිබ්බේ  .

මේ තරගයේ Online වට 3 ක් පැවැත්වෙන අතර , එයින් හොදම 25 දෙනා හට Facebook Head Office එකේ අවසාට වටයට මුණ දෙන්න සිද්ද වෙන්ව . ආ .. ගුවන් ටිකට් පත් සහ අතිරේක වියදම් නොමිලයේ ඒ එක්කම .


දැන් මේ අවුරුද්දේ දින දක්වලා තියෙනෙන් මේ විදියට 


ජනවාරි 7 - ජනවාරි 27-- සාමාජික වීම (Registration)
ජනවාරි 25 - ජනවාරි 27 -- Online Qualification Round (සුදුසුකම්)
පෙබරවාරි 2 -- Online Elimination Round 1 (තරග වට 1)
පෙබරවාරි 9 -- Online Elimination Round 2 (තරග වට 2 )
පෙබරවාරි 16 -- Online Elimination Round 3 (තරග වට 3)
මාර්තු 22 -23 -- Onsite Finals at Facebook (අවසාන වටය)



2012 අවසන් වටයට තේරුණ පොරවල් සෙට් එකලු මේ 


වැඩි විස්තර : More Info
ලියාපදිංචි වීම් : Facebook Hacker Cup 2013

පිටුව : Official Hacker Cup Page



එහෙනම් ජය හැමෝටම !
Continue Reading