ඔන්න ආයෙමත් කලෙකින් ලියන බ්ලොග් එකේ ලියන්න දෙයක් ආව , කලින් එක එක කෙනාගේ ඒවා දෙක තුනක් ශෙයා කරාද මන්ද සින්ඩි වලින් එලියට දාන නිසා ,
ඔක්කටම වඩා අවුල තියෙන්නේ බ්ලොග් ටෙම්ප්ලේට් එක එක්ක , අලුත් එකක් දැක්ක ගමන් දා ගන්න හිතෙනවා , පින්වතෙක් ඉන්නවා නම් මට යුනික් මෙව්වා එකක් හදල දෙන්න පුළුවන් නම් ජය වේවා ! :P
හරි මාතෘකාවට එමුකො සාමන්යෙන් හැමෝම දන්නවානේ මේ ප්‍රොක්සි , වී.පි.එන් කියන්නේ මොනවද මොනවටද මේවා භාවිතා කරන්නේ කියල ?
දන්නවා නේද ? :D
හරි මේක ලියන්නේ නම් මේවා මොනවද මොනවාද වෙන්නේ කියල දන්නා අයටයි එත් අනිත් අයටත් මේක කියවලා ඉන්න එක වටීවි කියල මම හිතනවා , ගොඩක් අය කියනවනේ
හැකිං කරන්න කලින් , ඕනේ නැති තැන් වල රිංගන්න කලින් ප්‍රොක්සි , VPN භාවිතා කරන්න කියල ,
ඒ තමාගේ IP (Internet Protocol) ලිපිනය හංගාගෙන වැඩ කරන්න ඕනේ නිසානේ ,
එහෙම කියන අයට තමයි මේ පොස්ට් එක වැඩියම වටින්නේ මම හිතන්නේ ,
මේ ප්‍රොක්සි වර්ගත් තියෙනවා Anonymous Proxy , Elite Proxy , Transparent Proxy වගේ තියෙනවා කියල ,
අනිත් ටිකක් වැඩියෙන් දන්නා අය කියනවා ඇති මේ මේ VPN එකේ ලෝග්ස් සේව් වෙන්නේ නෑ කියල , ඒ නිසා අයි . පි ලිපිනය ආරක්‍ෂිත වෙනවා කියල කියනවනේ .
ඇත්තටම අපි ආරක්ශිතද ?
අපි මේ ප්‍රොක්සි එකක් VPN එකක් භාවිතා කලොත් අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා දත්ත හුවමාරු කරගන්න මේ විදියටනේ
අපේ පරිඝනකය --> අපේ අන්තර්ජාල සැපයුම් කරු --> Proxy/VPN එකේ අන්තර්ජාල සැපයුම් කරු --> ප්‍රොක්සි සවර් එක --> අපිට සම්බන්ද වෙන්න ඕනේ දත්ත සපයන සවර් එකේ අන්තර්ජාල සැපයුම් කරු --> අපිට සම්බන්ද වෙන්න ඕනේ සවර් එක
ඒ ගැන ගැටළුවක් නැහැනේ ? , තියෙනවා නම් ඉතිරි ටික කියවන්න කලින් එක විසදගෙන ඉන්නෝ..
දැන් අපේ සම්බන්ද වෙන්න ඕනේ උන සවර් එක අපි යවපු ඩේටා කියවලා එකට පිළිතුරු එවනවා අර කලින් කිව මාර්ගේම අනිත් පැත්තට ,
ඉතින් අපි කියා ගණන්ව අපි හැංගිලා අපේ අයි.පි හංගලා කියල , ඇත්තටම එක වෙන්න පුලුවන්ද ?
අපිට අපේ පරිඝනකෙට පිළිතුරු පණිවිඩයක් එන්නේ ඇත්තටම අනිත් සවර් එකට අපේ පරිඝනකෙට එන්න පුළුවන් මාර්ගේ හොයා ගන්න පුළුවන් නම් විතරයි නේද ?
තවත් සරලව ගමුකො , අපි ලියුමක් යවනවා එකට පිළිතුරු එන්න ලියුම ගෙනියන කෙනා නැවත එන්න අපි ඉන්න තැන දැනගෙන ඉන්න ඕනේ නේ.
ඒ වගේමයි මේ වීපිඑන් / ප්‍රොක්සි ලෝග්ස් තියාගන්නේ නැහැ කිවත් ඔවුන්ගේ සේවා සැපයුම් ආයතන තමාගේ Incoming සහ Outgoing ලෝග්ස් තියා ගැනීමට නීතියෙන් බැදී සිටිනවා .
ඉතින් ඔය වගේ තමයි බොහොමයක් ඇනොනිමස් වෙන්න හදන අය විස්වාස කරන මිත්‍යා මත වලින් එකක් වෙන්නේ .
දැන් අහයි එහෙනම් "මම ඕනේ තරම් හැක් කරලා තියෙනවා බන් , උබ ලොකු ටෝක් නොදී ඉඩහන් ඔය එකෙක්වත් මාව අල්ලලා නෑ මේ වෙනකම් කියල "
කියන්න තියෙන්නේ මේකයි
ඔන්න පුතේ පොඩි කාලේ අපේ එකෙක් කඩේකින් සිනි බෝල හොරකම් කරා . එත් ඉතින් කඩේ මනුස්සයට සයිකෝ නැහැනේ පොලිසියට කියල CID එකට කියල දෙකක් කරන්න සිනි බෝල දෙක තුනක් ඉස්සුවට .
පස්සේ ඒ කඩේම ලොකු හොරෙක් ඇවිත් කැඩුව . සතියක් ගියෙත් නැද්ද කොහෙද , හොරා පොලිසියේ :P "
එහෙනම් ඉතින කියවලා තවත් මේ වගේ ගොඩක් ඇත අතිශෝක්තියෙන් කතා කරන සයිබර් ආරක්ෂාවට සම්බන්ද දේවල් වල මගේ අදහස වගේම ඇත්ත නැත්ත කියවන්න අයෙමත් එන්න ,
අමතක කරන්න එපා
යටින්ම තියෙනවා සබ්ස්ක්‍රයිබර් එකක්, අලුත්ම ලිපි ඔයාලගේ E-Mail එකටම ගෙන්න ගන්න ලේසියෙන් .