Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

ඔබත් අන්තර්ජාලයේ ආරක්ශිතද ? Privacy Control - Doxing

Nov 23, 2012 | 23 comments


මේක නම් ලියන්න හිතුවේ  විශේෂයෙන්ම මුණුපොත නිසාමයි , මොකද අනිත් සමාජ ශලා අඩවි වලට වඩා වැඩියෙන්ම ප්‍රසිද්දියේම භාවිතා කරන්නේ ෆේස්බුක් එක නිසා ,

සයිබර් ආරක්ෂාව ගැන සාමාන්යෙන් දන්නා කෙනෙක් නම් ඩොක්ස් (Dox) කිරීම ගැන දැනුවත් ඇති .

ආ හරි ඕක සිංහලෙන් පැහැදිලි කොරන්නත් එපාය. Dox කියල කෙටියෙන් හදුන්වන්නේ Documents (විස්තර) යන්නයි.
මේ අන්තරජලයේදී කෙනෙක්ට වෙන්න පුළුවන් ලොකුම විනාසේ තමයි තමාගේ Personal Dox එකක් කවුරු හරි එලි කිරීම මම හිතන්නේ .

සම්පුර්ණ නම
වෙනත් නම්
ලිපිනය
දුරකථන අංක
සේවා ස්ථානය  ලිපින සහ දුරකථන අංක
විද්‍යුත් ලිපිනය
සෝෂල් ප්‍රොෆයිල්
ළමයි
කෙල්ලගේ/නෝනා හාමුගේ නම ,
කලින් සිද්දි :p

ඔය වගේ එකී නොකී සියලුම විස්තර එකතු කරගන්න එක තමයි මේ ඩොක්ස් කරනවා කියන්නේ .

සාමාන්යෙන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයි කියන පොරකට නම් නම / E-Mail එක තිබුනම වැඩිත් එක්ක ඔය හැම විස්තරයක්ම හොයන්න .

මොකක්ද ප්‍රශ්නේ ඕව හොයා ගත්ත කියල බන් ?

මේකයි ප්‍රශ්නේ කියල නම් හරියට ඉවර කරන්න බැහැ සිද්දිය . මොකද කරන්න ඕනේ තරම් දේවල් තියෙනවා තමාට ලැබෙන කෙටි තොරතුරකින් අනෙකාගේ මුළු ජීවිතේම කෙලවලා දාන්න පුළුවන් මානසික මට්ටමේ අය ඉන්නවා .

තොරතුරු වලින් බැංකු ගිණුමක් අරබන්න,
ලෝන් එකක් ගන්න .
Sim එකක් ගන්න ,

වගේ පොඩි (ඒවා මොනවද බන් කියන අයට ) දේවල් ඉදල හිතාගන්න පුළුවන් හොදම දෙ කරන්න පුළුවන් ,

සමාජශාලා අඩවි ත්ඣිය්නෙඅව ,ගෘප් තියෙනවා බොහොමයක් දැන් , අපි උදහරයකට වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවියක් ගමු . මේ වගේ එකක එඩිට් කරපු හොද* පින්තුරයක් , ලිපිනය , ගෙදර ඉන්න වෙලාව , දිනය විද්‍යුත් ලිපිනය වගේ විස්තර දැන්මොත් කොහොමට තියෙයිද ?

ගැහැණු අයට විතරක් නෙමෙයි , පිරිමි කෙනෙක්ටත් ගොඩක් අපහසුතාවයට පත් වෙන්න වෙන්ව ,
උදා : "අදාල විස්තරත් එක්ක මම මේ වගේ අයව Deal කරන කෙනෙක් මේ වෙලාවට මේ දින වලට එන්න කැමති කෙනෙක් තෝරාගෙන යන්න "
වගේ දෙයක් පොස්ට් කරොත් , Cert එකට , පොලිසියට කිව කියල වැඩක් තියෙයිද , එන්න පුළුවන් ඔක්කම බහුභූත මිනිස්සු තමාගේ ගෙදරටම ආවට පස්සේ ,


ගත්ත සිම් එකකින්ම කෝල් කරනවා හතර වටේම තියෙන ඩිලිවරි ෂොප් වලට අහවල් ඒවා ගෙන්න කියල , කොහොමද ෆන් එක , අන්තිමේදී නම්බර් එක බැලුවමත් තියෙන්නේ තමාගේම නමට උනාම , 

තවත් දුර යන්නව නම් පත්තරේ , YellowPage , අන්තර්ක්ජාලය වගේ හැකි හැම දේම අරගේම ජොබ් ඉල්ලලා තියෙන අයට අදාල කෙනාගේ නිවසේ ජොබ් එකට අදාළ මිටින් සෙට් කරන්න :P ,
ටොයිලට් ක්ලීනින් සර්විස් ගෙන්න ගන්න , ඉන්ෂුරන්ස් පොරවල් යවන්න , එලෝ මෙලෝ නැතිව ලිපි යවන්න ,


වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් කියල තේරෙනවනේ , 

අමන්දා ටොඩ් ව මතක නම් එයාටත් උනේ BlackMail කරන සිද්දියක් ඒවගේ පින්තුර ප්‍රසිද්ද කරන නිසා .

තවත් ක්‍රම තියෙනවා E-Whoring කියල , කෙටියෙන් කියනව් නම මුදල් හෙවීමේ පරමාර්ථය කරගත්ත පරිඝනක අපරාද කාරයන්ගේ ප්‍රියතම මාතෘකාවත් තමයි එක නම් ,

ගොඩක් කාන්තා පාර්ශවයේ අයතමාගේ එක එක විදියේ පින්තුර එක ඇල්බම් එකකට 100 ක් විතර එකතු කරනවා , ඉතින් ඔය වගේ ඇල්බම් අරගෙන වෙනම නමකින් තවත් සෝෂල් නෙට්වර්ක් වල අකවුන්ට් හදල ,
ඒ පින්තුර විකුනන  (තව එඩිට් කරලා ) එක තමයි මේ අය කරන්නේ .සාමාන්‍ය මුදල වෙන්නේ 10 කට 5$ වගේ , වැඩේ දක්ෂයි නම් දවසට බර ගානක් ගලවගන මේ අය දක්ෂයි . 

*ඔන්න කිව හරිද මම නම් ඔය කිසිම දෙකට අදාළ නැහැ , තම තමාගේ ආරක්ෂාව තකල තමයි මම මේ ලියන්නේ . ඕව කොරන ගිහින් CERT එකට මාට්ටු උන්නට පස්සේ දුක් නොවී ඉඩහන් :D 


එක්කෝ මම අද ඕනෙවට වඩා වැඩි දේවල් ලියනවා වගේ . ඒ නිසා මෙතනින් ක්‍රම ගැන නවත්තනවා තව ලියන් ගියොත් මොනවා ලියවෙයිද දන්නේ නැහැ  

Facebook Hacking කරන ගොඩක් දෙනෙක් කරන්නේ  Forget My Password බොත්තම ඔබන එකනේ .
ඉතින් අච්චර ඔයාගේ විස්තර හොයා ගත්ත මනුස්සයෙක්ට Security Question එකට උත්තර දෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි නේද ? 


තව තමාගේ පාසලට , සේවා ස්ථානයට එහෙම ඔහොම ෆන් එකක් අවොත් බෙල්ල වැල දාගන්න එක සැපයි නෙහ් ?

හත් ඉලව්වේ කොහොමද මේව නවත්තන්නේ ?

මම දන්නවාද ,අර මොනවද කෑවා නම් ඉවසපන් පුසෝ කිවලු :D 

ඕක නවත්තන්න එච්චර දෙයක් කරන්න ඕනේ නැහැනේ , මුලින්ම පුළුවන් තරම් සෝෂල් නෙට්වර්ක් වල රෙජිස්ටර් වල එකතු වෙන එක නවත්තන්න , (MySpace,Hi5,LinkedIn විශේෂයෙන් )

කරන්න දෙයක් නැහැ ෆේස්බුක් එපා කීවට ඕක වෙන්නේ නැති දෙයක්නේ ,හැබැයි ඔයාගේ විස්තර ගන්න පුළුවන් හොදම සෝර්ස් එකත් වෙන්නේ මුණු පොත දැන් ,අර About Me ටැබ් එකට ගිය ගමන් ඔක්කම තියෙනවනේ , 
ඉතින් ෆේක් එකක් භාවිතා කරනවා නම් ඔන්න වැඩියම හොදයි , එත් ඉතින් දැන් තියෙන මට්ටම අනුව එකත් බැහැනේ . 
මුලින්ම (ඔය ලෙඩේ නම් මම දැකල තියෙනෙන් ගොඩක්ම කෙල්ලොන්ගේ ) තමාගේ ශරීර කුඩුවේ අංශක 360 ම පින්තුර දැමීමෙන් වලකින්න ,ඒ දැන්මතඒවාට ප්‍රයිවසි කොන්ටෝර්ල් දාන්න අමතකක රන්න එපා. 
කොල්ලොන්ටත් එක්ක ඈ කිවේ , (ආසයිද ඩයල්* ඇවිත් යමුද අහනවට :D ) . 

ඊළගට උදේ පාන්දර වැසිකිලි ගිය එකේ ඉදල රාත්‍රී ගමන වෙනකම් මුණු පොතේ ස්ටේටස් පල කිරීමෙන් වැළකිලා ඉන්න , 

කොල්ල විනාඩියක් මැසේජ් නොකරම , කෑම්ප් ගියාම , කෙල්ලගේ ෆෝන් එකේ බැටරි ලෝ උනාම , කලින් එක නැවතුනාම ,  ආසම ෆිල්ම් එක බලල ඉවර උනාම , 
තව ටික දවසකින් ***** එක්කෝ ඕනේ නෑ වගේ කියන්න :D

මම බොරු නම් කියනනේමේ දැන් ගිහින් Home tab එක ඔබල බලන්න ඕවා නැද්ද කියල ,
ස්ටේටස් අප්ඩේට් කරන්න ඕනේ ,කරන්න ඕනේ දේවලුත් තියෙනවා ඕනේ නැති ඒවත් තියෙනවා.

 ඊළගට නිතරම එකම E-mail ලිපිනය භාවිතා කිරීමෙන් වැළකීමේ ශික්ශාපදයක් හදා ගන්න.මොකද කඩපු අනිත් පන්සිල් ඔක්කම එලි වෙයි . අර මේල් එක එක්ස්පොස් උනොත් 
 ඒ නිසා හැම වෙබ් අඩවියකටම ලොග් වෙන්න එකම මේල් එක භාවිතයෙන් වළකින්න, 

ඩොමේන් එකක් ගන්නවා නම් Privacy Protection එකත් තව ඩොලර් 2 ක් විතර දීලා ගන්න අමතක කරන්න එපා.


එහෙම නැතත් අමුතුම ක්‍රමයක් තියෙනවා බොහොමයක් සයිබර් ආරක්ෂාව ගැන දන්නා දෙනා පවා දන්නේ නැති Misleading කියලා . වචනයෙන්ම පැහැදිලි වෙනවා ඇති මොකක්ද සිද්දිය කියල .එක ගැන ලියම්දෝ නොලියම්දෝ හිතල තමයි අන්තිමේදී මේක ලිවේ . 

අන්තිමේදී හොදම දෙ පිස්සොත් එක්ක ගණන් හදන්න යන්න එපා.අදහස් කරේ  හැම තැනකම පැටලෙන්න හදන්න එපා . මොකද අපේ අය ඉන්නවනේ ඉන්ටර්නෙට් හිරෝලා . කෙහෙල් ගහක හොට පටලුනාට පස්සේ අඩව්වට උත්තර නම් ලැබෙන්නේ නැහැ . 


ඔය කොහොම ආරක්ෂාව තහවුරු කරත් උවමනාව තියෙන කෙනාට තමාගේ අරමුණ සාර්ථක කරගන්න නම් නමේ මුල් අකුර තිබ්බත් ඇති වෙයි (මේ එක ජෝගියට හොදේ කිවේ )

namechk.comhttp://www.pipl.com වගේ වෙබ් අඩවි වලට ගිහින් තමාගේ මොන මොනා විස්තර එලියේද කියල  බලාගන්න , අනවශ්‍ය ඒවා ඉවත් කරන්න අමතක කරන්න එපා.

ඒ වගේම බ්ලොග් වල , සයිට් වල කොමෙන්ට් කරන්නෙත් මොනවටද කියල පොස්ට් කරන්න කලින් දෙපාරක් කියවල ඉන්න අමටහ්ක කරන්න එපා . 
හැගීම් වලට වහල් වෙලා පොස්ට් කරා වගේ නෙමෙයි ගින්න අවිලෙනකොට . 



තව එකතු කරන්න දෙයක් , මට මග හැරුණු දෙයක් , අදහසක් , ඉස්සරහට ලියන්න අදහසක් කොමෙන්ටුවක් විදියට දාලා යන එක මට හයියක් 
Continue Reading

Digital Stenography - රහස් තොරතුරු සැගවීම

Nov 18, 2012 | 17 comments


කියවපු අයට නම් මතක ඇති මම කලින් ලිව ස්ටේනොග්‍රෆි ගැන ඒ කිවේ දත්ත සැගවිමේ කලාව ගැන .
කියෙව්වේ නැත්තම්
රහස් ලේඛන කලාව හෙවත් Art of Steganography

උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_
- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -
රහස් ලේඛන කලාව - Art of stenography
පොස්ටුව කියවලාම එන්න .

ඉතින් ඒ විදියට එක එක ක්‍රම තියෙනවනේ දත්ත සැගවීමට . මම කතා කරන්න යන්නේ නම් Digital Stenography  ගැනයි. ඒ කියන්නේ පරිඝනකය භාවිතා කරලා දත්ත සැගවීම කරන්නේ කොහොමද කියන එක .

දන්නා කස්ටිය ක්රිප්ටර් වගේ එව්වා එක්ක මේක පටලවා ගන්න එපා.එක වෙනම එකක් . 

මුලින්ම බලමු කොහොමද පින්තුරයක් අස්සේ අපිට උවමනා ලියුමක් වගේ දෙයක් හංගන්නේ කියල .


එකක් තමයි අපිට හංගන්න උවමනා ලියුම Notepad එක ඕපන් කරගෙන එකේ ලියල . අපේ පිටතට පෙන්න ඕනේ Image File එකට එකතු කරන එක .

  • උදා
  • : පින්තුරේ නම  :img.jpg  
  • හංගන්න උවමනා වචන : Sample Text Hide for Stenography 
  • මේ "Sample Text Hide for Stenography" සේව් කරගත්ත Text Document එකේ නම : hide.txt

කරන තියෙන්නේ සුළු දෙයයි . අපි හිතමු D:/hide කියන ෆෝල්ඩරේ සේව් කරගත්ත කියල මේ ඉහත ෆයිල් දෙකම (img.jpg , hide.txt)
අපේ කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරලා Path එක තෝරාගෙන .




D:\hide> copy /b img.jpg + hide.txt output.jpg


කියල දෙන්නයි. මේකේ
Copy /b - කියන්නේ කමාන්ඩ් එක
img.jpg - අපේ ඉමේජ් එක
hide.txt - අපේ ටෙක්ස්ට් එක
output.jpg - රහස් ලියුම ඇතුලත් ඉමේජ් එක



දැන් ෆෝල්ඩර් එකේ output නමින් ඉමේජ් එකක් හැදිලා ඇති . අර හංගපු වචන ටික බලන්න නම් image එක notepad එක මාර්ගයෙන් විවුර්ත කරගෙන අවසානයේම බලන්න .




ඔය වගේම මේ වැඩේ ලේසියෙන්ම කරගන්න මෘදුකාංගයක් තියෙනවා QuickStegno කියල . ඒ ගැන නම් වැඩි විස්තරයක් කියන්නේ නැහැ . වෙබ් අඩවියට ගිහින්ම බලන්න

Visit QuickStegno : වෙබ් අඩවිය


අපි කරේ ටෙක්ස්ට් එකක් හංගන එක විතරනේ , ඕනෙම ෆයිල් එකක් හංගන්න නම් එත් කරන්න තියෙන්නේ , අපිට හංගන්න උවමනා ෆයිල්ස් සේරම එක ෆෝල්ඩර් එකක ඇතුලට දාල එක WINRAR වලින් Compress කරන එකයි .
කලින් වගේම ඕනේ ඉමේජ් එකත් ඒ ෆෝල්ඩර් එක තුලට දාගෙන

D:\hide> copy /b img.jpg + hidefiles.rar output.jpg

විදියට දෙන එකයි . මේක ඕපන් කරගන්න නම් එක්කෝ අපේ ඉමේජ් ෆයිල් එකේ එක්ස්ටෙන්ෂන් එක .RAR විදියට හරවාගෙන ඕපන් කරන්න ඕනේ නැත්තම් ඉමේජ් එක WinRar මගින් ඕපන් කරගන්න ඕනේ .

ඉතින් මේ දේ කරන්නත් මෘදුකාංග භාවිතය කරන්න පුළුවන් .

OpenPuff -Download වෙබ් අඩවිය

ඉලගට් තව එකක් තමයි Hide Me කියන්නේ මේකේ නම් විශේෂත්වේ අපේ කෙනෙක්ගේ ගේ දෙයක් නිසා .


ලස්සන Friendly User Interface එකක් තියෙන නිසා වගේම ඉමේජ් එක WinRAR වලින් ඕපන් කරත් නොපෙන්නන නිසා ආරක්ෂාවත් හොදයි .

වෙබ් පිටුව :Download වෙබ් අඩවිය
Facebook Page : https://www.facebook.com/djsofts.hideme 


මේ වගේ එක එක ක්‍රම වලින් හංගන ක්‍රම ,මෘදුකාංග බිහි වෙද්දී මම  ඊළගට Cryptography - Art of Reading Stenography ක්‍රම ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා . සගවලා තියෙන දත්ත හදුනා ගැනීම , ඒවා කියවීම යන මාතෘකා යටතේ .

ආ තව ටිකෙන් අමතාක වෙනවා . ඔය උඩ කිව ක්‍රම ඉමේජ් එකත් එක්ක සම්බන්ද ඒවා නිසා . මොනවා හරි හංගපු ෆයිල් එක වැරදිලා හරි Rotate කොරොත් සොරි තමයි හොදේ , හැම දෙයක්ම නැති වෙනවා . 

 
ලාව හෙවත් Art of Steganography

උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_
- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -
රහස් ලේඛන කලාව හෙවත් Art of Steganography

උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_
- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -
Continue Reading

Web Browser එක ආරම්භයේදීම මුර පදයකින් ආරක්ෂා කරන්න

Nov 16, 2012 | 8 comments




කලින් කිව වගේ ලිපි ලියන එක නවත්තලා ටික කාලෙකට ගජේට් කෑලි ටිකක් ශෙයා කරනවා මේ දවස් ටිකේ දැන් :D , මොකද ඉතින් ඒවත් තියෙන්න එපාය . නැත්තම් කියවලාම එපා වෙයි සමහරුන්ට .

අනිත් කාරණේ මගේ RSS Feedburner එකේ පොඩි අවුලක් වගේ තියෙනවා මම හිතන්නේ .මේ හෙන කාලෙකට කලින් ලියපු පොස්ට් දැන් සබ්ක්ර්යිබ් වෙලා ඉන්න මේල් වලට යනවනේ ,
ඒ නිසා කියවපු ඒවා නැවත අවොත් මම ඩබල් පොස්ට් දාල නෙමෙයි ඔන්න .

අද නම් වැඩි දෙයක් නැහැ , සමහරුන්ට ඕනේ වෙනවා ඇතිනේ තමාගේ web browser (වෙබ් බ්‍රවුසර්) එක ලොක්(lock) කරගන්න . අනිත් අයට භාවිතා කරන්න බැරි වෙන්න .
ඉතින් වැඩියම භාවිතා කරන බ්‍රවුසර් දෙකක් වෙන ක්‍රෝම් වලටයි , ගිනි නරියටයි (FireFox) , Addon දෙකක් තියෙනවා (ඔපෙරා වලට නම් මට හොයා ගන්න බැරි උනා) .

මේකෙන් කරන්නේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරද්දී මුර පදයක් (Password) අහන එක , 

ගිනි නරියට (FireFox)

https://addons.mozilla.org/en-US/firefox/addon/startupmaster/

මේකේ  නම් ඔයාගේ FireFox Option වල Security Tab එකේ තියෙනවා Change Master Password කියල බට්න් එකක් , එක මගින් මුර පදය හදා ගන්න පුළුවන් ,

Chrome ( ක්‍රෝම් ) 

https://chrome.google.com/webstore/detail/simple-startup-password/ojoalkffommhmdmbohjphohoejjmgepc
මේකේ මුර පදය හදා ගන්න නම් tools-> extensions-> simple startup password-> options->  වලින් Password set කරන්න . 


 ආ අවසානේ තව කාරණයක් තියෙනවා , මගේ යම් කිසි පොස්ට් එකක වැරද්දක් තියෙනවා නම්  සුද්ධ සිංහලෙන් වැරදි වැරදි කියල කොමෙන්ට් Anonymous විදියට දාන්නේ නැතිව ,
වැරදිලා තියෙන්නේ මොන කොටසද , එකට විසදුම , ඉදිරිපත් කරා නම් වටිනවා , මොකද එහෙම නැතිව මට පොස්ට් එක වැරදි කීවට පිලිගන්න බැහැ , මම දන්නා දෙයක් තවත් හොයලා පල කරන නිසා මම මේ වෙනකම් වැරදි දෙයක් පල කරලත් නැති බවයි මගේ විස්වාසය :)

හැමෝටම සුබ දවසක් !


Continue Reading