Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

තොරතුරු ජාලකරණය | Data Communication & Networking | Distributed System - I කොටස

Dec 19, 2015 | 1 comments

ආයුබෝවන් , සැහෙන්න කාලෙකින් ලියන්න සිද්ද උනේ ,වැඩ අධික නිසාම . ඔක්කටම වැඩිය තාක්ෂණ දෝෂත් තිබුන "ම" යන්න නිසා.
ලියවෙන්න හදන්නේ නං තොරතුරු ජාලකරණය (Networking & Distributed System ) ගැනයි . සමහර විට දිගටම ලියවෙන්නෙත් නැති වෙයිද දන්නේ නැහැ සුදු මහත්තය කියනවා වගේ .

දන්නා දේවල් සහ සටහනේ නිවරද්‍ය බව තියාගන්න පොත පත සහ වෙනත් අඩවි වලද සහය ගන්න බලාපොරොත්තු වෙනව ඉදිරියේදීත්  .

හැම වචනයක්ම සිංහලෙන් නම් ලියන්න හදන්නේ නැහැ මොකද එහෙම ලීවොත් නොතේරෙන කෙනෙක්ට තවත් අවුල් වෙන නිසා . වැඩි කතා උවමනා නැහැ අපි යමු පොස්ටුවට

මොනවද මේ Distributed System කියන්නේ :
අර්ථ දැක්වීම් එක එක විදියට තිබුනත් අදහස් වෙන්නේ එකම දේයි . ව්‍යාප්ත ජාල යනුවෙන් හැදින්වෙන්නේ භෞතික වශයෙන් (Physically) හෝ සමහර විට භූගෝලීය (Geographically) වශයෙන් වෙන් උන පද්ධති දෙකක් හෝ ඊට වැඩි ගණනක් .

මොනවද Computer Networks කියන්නේ :
භෞතිකව වෙන් වුනු පද්ධති දෙකක් හෝ ඊට වැඩි ගණනක් සම්බන්ද කිරීම සහ දත්ත හුවමාරුව පරිඝනක ජාල කරණය ලෙස සරලම ආකාරයෙන් දක්වන්න පුළුවන් .



  • කොහොමද භූගෝලීය වශයෙන් වෙන් උන පද්ධති අතර දත්ත හුවමාරුවක් සිදු කරන්නේ ? 
  • දත්ත සම්ප්‍රේෂණය සිදු කලත් කොහොමද අතර මගදී සිදු වන දත්ත හානි ( Data lost or Corrupt) ගැන දැන ගන්නේ ? 

පරිගණක ජාලකරණය කියන්නේ කොහොමද අපි සම්බන්ද වන්නේ කියන දෙයි . ඉදිරියේදී ඇයි සහ කොහොමද ජාලකරණ සිදු වෙන්නේ කියල බලමු .

ජාලකරණ ඉතිහාසය දී
1920 දී ටෙලෙක්ස් ( Telex ) පද්ධතිය එලි දැක්වුනා මෙතෙක් කල් බාවිතා කල මොර්ස් කෝඩ් ( Morse Code ) සංකල්පයෙන් බැහැරව දත්ත සන්නිවේදය කල හැකි දෙයක් ලෙස .
1964 දී පළමු Time-Sharing පද්ධතිය නිර්මාණය උනා. භාවිත කරන්නන් කීප දෙනෙකුට එක් පද්ධතියක් බෙදා ගනිමින් වැඩ කරගත හැකි ආකාරයට මෙය නිර්මාණය උනේ . මිට පෙරත් 1950 , '60 , '62 වර්ෂ වලදී
SAGE , SABRE වැඩි උපකරණ නිර්මාණය උවත් සම්බන්ද විය හැකි පද්දතියක් ලෙසට නිර්මාණය උනේ මෙයයි .

TeleType System ( TTY)
ටෙලිටයිප් නිර්මාණය වෙන්නේ ටෙලෙක්ස් වල නව සංස්කරණයක් විදියට . බිට් 7 ක ඇස්කි  (7 bit ASCII) ක්‍රමයට Screen එකක රහිතව තමයි මෙය නිර්මාණය උනේ , පරිඝනකයක් කියන්න බැරි තරමට ප්‍රථමික අවධියක් තමයි තිබුනේ.

දත්ත ගමන් කිරීම
පරිඝනක ලෝකයේදී දත්ත ගමන් කරන්නේ  1 සහ 0 යන්න මත  කියල දන්නවනේ . ඒ කියන්නේ බයිනරි ( Binary ) කේත . දත්ත යවන්න විද්‍යුතය භාවිතා වෙනවා නං On , Off හෝ වැඩි , අඩු යන  දාරිතා යන සංකල්පය භාවිතා කරන්න ඕනේ . ඒ නිසා 1 සහ 0 මේ සදහා යොදා ගන්නවා .

විද්‍යුතය සම්බන්දය :
 ( මේ ටික ලියාගෙන යද්දී තමයි Computer Architecture ගැනත් ලියල හිටිය නං හොදයි කියල හිතෙන්නේ . Semi-Conductors , Extrinsic වල p,n විදි ගැනත් ඉදිරියේදී ලියන්නම් තවත් වැඩි පැහැදිලි කිරීම් වලට . වෙනම පොස්ට් කීපයකින් )


  • සම්ප්‍රේෂණය Local නම් twisted-pair Cable දෙකකින් සම්බන්ද වීම සිදු උනා (4 Wires )
  • මිලි ඇම්පියර් 20 ක විද්‍යුතයක් 1(one) ලෙස සහ 0(zero) ලෙස විද්යුත්යක් නැති වීම භාවිතයට ගත්ත.



දත්ත සම්ප්‍රේෂණය


Simplex


වලදී එක දිශාවකට පමණක් දත්ත සම්ප්‍රේෂණය වේ.



Half Duplex ( HDX)

දිශා දෙකටම දත්ත සම්ප්රේෂණයක් සිදු වන අතර එක මොහොතකදී සම්ප්‍රේෂණය වන්නේ එක් දිශාවකට පමණි .වෝකි ටෝකි ( walkie-talkie) වැඩි උපාංග මේ ලෙස ක්‍රියා කරයි . 


Full Duplex ( FDX ) ( Double Duplex System ) 


Full Duplex හෝ Double Duplex System ලෙස හදුන්වන ක්‍රමයේදී දිශා දෙකටම එක වර දත්ත සම්ප්‍රේෂණය කිරීමට පහසුකම සැලස්වේ . 
නුතන දුරකථන සම්බන්දතා මේ ඝනයට අයිති වේ. 


මේ සම්ප්‍රේෂණය සම්බන්ද විදි භාවිතා කරමින් කොහොමද bits පද්ධති අතර හුවමාරු වන්නේ ? 
ඕනෙම ( බොහෝ විට) දත්තයක් bit 1 එකකට වඩා භාවිතා කරන නිසා මේ දත්ත සම්ප්‍රේෂණය කරන්න ක්‍රම දෙකක් තියෙනවා 

1.Serial Transmission 
2.Parallel Transmission 


Parallel Transmission ( සමාන්තරගත සම්ප්‍රේෂණය )
මෙහිදී Multiple Connections භාවිතා කරමින් දත්ත සම්ප්‍රේෂණය සිදු කරයි . සාමානයෙන් ශ්‍රේණිගත ක්‍රමයට වඩා 8 ගුණයක් වේගය වැඩිය.


Serial Transmission ( ශ්‍රේණිගත සම්ප්‍රේෂණය ) 


එක් අවස්ථාවකදී එක බිට් එකක් පමණක් ලෙස එකකට පසු එකක් ලෙස සම්ප්‍රේෂණය වේ. 

පසුව : මේ පොස්ට් එක ඇත්තටම 2015 පෙබරවාරි මාසේ ලියවෙන්න ගිය පොස්ට් එකක් . ජාලකරණයට අවශ්‍ය මුලිකම දේවල් ලියවෙන්න සුදානම් උන. නමුත් නොයෙකුත් හේතු නිසා ඉහත තැනින් එහාට ලියවුනේ නැහැ , අද කාලෙකින් blogger.com එකට ගොඩ වැදුනමයි දැක්කේ . ඉතිං මම හිතුව ආයේ දවසක මේකේ දෙවැනි කොටසක් ලියවෙනකම් මේ ටික පල කරනවා කියල .

මේ පොස්ට් එක පල වෙන්නේ අවුරුද්දකටත් වැඩි කාලෙකට පස්සේ නොහික්මුණු ඇස බ්ලොග් අඩවියේ .ඉංග්‍රීසි මාධයෙන් බ්ලොග් මේ දිනවල පවත්වන් ගියාට නැවත නැවත හිතෙන්නේ දැනුම අවශ්‍ය බ්ලොග් පොස්ටු අපේ අයට සිංහලෙන් තියෙනව නම් හොදයි කියල . 

අඩුම ගානේ localization කරපු පොස්ටු හරි නැවත එනවා නම් හොදයි .





හැමෝටම ජය ~ !





Continue Reading