Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , » සයිබරයේ වින්දනීය හමුව ගම්පහ බ්ලොගර් ගේට්ටුව සහ තවත් කතා

සයිබරයේ වින්දනීය හමුව ගම්පහ බ්ලොගර් ගේට්ටුව සහ තවත් කතා

Jan 29, 2013 | 70 comments




ආයුබෝවන් පින්වතුනි . ඔබ මේ එකතු වී සිටින්නේ ගම්පහ බ්ලොග් ගේට්ටුවේ තවත් නිල  බ්ලොග් අප්ඩේට් එකක සමගයි , ඔක්කම එවුන් ලියනවා ,හැමෝගෙම කතා තියෙනවා , එත් මටත් එකක් නොලිය අරින්නම හිත නොදෙන නිසා ලියල දාන්න ඕනේ කියල හිතුන ,
මේ වෙද්දී ශම්මිගේ ශිෂ් සුශ් සස් එකයි  , දේව ගේ අඩවිය , රජා , අටමා  ඇතුළු කීප දෙනෙක්ම පොස්ටු දාල ,  දෙමන්සලේ (හැමෝම දන්නා පරිදි මඩ බ්ලොගුවේ ) ප්‍රදීප් සහ බිමා ත් නිල වශයෙන් පොස්ටු දාන බවට ප්‍රකාශ කරලා තියෙනවා

ඔන්න ඉතින් මම ලියනවා නොහික්මුණු ඇසට බ්ලොග් ගේට්ටුව දැක්ක හැටි
මම ඉතින් ඈත දිහාවක එකානේ , නිවාඩුවත් නිසා ගෙදර පැත්තේ තමයි හිටියේ මේ දවස් ටිකේ , පැය ගානක් බස් එකේ ඉදගෙන පස්ස රත් කොරගෙන ඇවිත් බැහැල බෝඩිම දිහාවට අඩිය තියද්දීම ශරීර කුඩුව පුරාම කොන්ඩේ වවා ගත්ත එකෙක් ඇවිත් පාරේ මැද ඇගේ එල්ලීගෙන කෑ ගහනවා "අඩෝ... කොහෙද ඩො යන්නේ මේ " කියල ,
 හුටා වට පිට බලද්දී ඌ එක්ක තව තුන්දෙනෙක් ඉන්නවා . මහ රෑ 10 ට විතර හත්වලාමේ ගැන්බැන්ග් එකක්ද කියල හිතද්දීම මෙන්න බනියගේ අහිංසක මුණ තියෙනවා , 
ඒ එක්කම මලියයි , උදිතයයි ත් ඉන්නවා තක්බීර් වෙලා බලාගෙන , බැලින්නම් ඇගේ එල්ලීගෙන ඉන්නේ චිරාත් කාලෙක පටන් දුටු තැන එල්ලෙන එකා දිලිපයා . කොම හරි එතනත් කතාව දාල උදේම නැගිටලා ගියා කොටුවට (හිටි එවුන් දැක්ක කොමද අවේ කියල ඒ නිසා බෑ)

අඩේ අෆ්ෆා වටේ පිටේ බලද්දී දන්නා එවුන් ඉන්නවද කියල නීනු අක්ක ඉන්නවා සේටාර් එකක් එක්ක . අපි දෙන්නත් ගිහින් ඔන්න හැමෝටම ගුඩ් මෝනින් පාර දාල ඔහේ හිටිය.

ඇයි යකෝ මුන් ඔක්කම උදේ පාන්දර තරහ වෙලා වගේ එකෙක් කතා කරන්නේ නැහැනේ , (එක්කෝ නීනු අක්කගේ කතාව නතර උනේ නැති නිසා වෙන්න ඇති ) .මමත් ඉතින් වැඩිය දන්නේ බැනගන්නයි , උපදෙසක් ගන්නයි ඉන්න ප්‍රදීප් අයියා නිසා සරින් සැරේ කෝල් කර කර කොහිද ඉන්නේ ඇහුවේ කරන්න දෙයක් නැති කමට 
ඌ ඒ අස්සේ කියනවා අඩේ බට්ට ඇවිත් ඇති ඌ අහලක ඉන්නවාද කියලා ,
%^&** යකෝ බට්ට මාවත් , මම බට්ට්වත් ඒ වෙද්දී දන්නේ නැහැ කියල මීටර් උනේ පස්සේ .
හැබැයි පස්සේ නම් අතිජාත විදියට සෙට් උනා පොරව . 

.සු.දී.ක අයියත් හිටිය පොර විතරයි නිකම් හරි වචනයක් දෙකක් දැන්මේ සැරින් සැරේ හැබැයි අදුන ගත්තේ නම් පස්සේ ගම්පහ ගියාටත් පස්සේ  ,

සෙට් එකම ඊළගට කතා කරනන් හොද මාතෘකාවක් අල්ල ගත්ත ,
 කොලබ සංවිධායකතුමා හෙවත් ප්‍රදීප් අයියගේ ප්‍රමාදය ගැන , දැන් හරි ඔක්කම එවුන් කතා කරනවා ඔහේ අතක් පාතක් නැතිව ,ආ ශම්මි හිටියා ඈ . 

රෙපා යි , ස්කුබියයි වාර්තා කරාට පස්සේ අන්තිමේදී  දොස්තර කාරයා (ප්‍රදීප් අයියා ) වාර්තා කරා . 
ආ හින්දාරි කෙල්ලෙකුත් ඇවිත් ඔයාලා බොලොග් ද අහපි ,  (සිත්තරි මං )

කොස්තිය එනකම් , අඩේ මේ කහ පාට ඇදන් ඉන්නේ කවුද ? මට කතා කරන්න උවමනාව තිබ්බට කතා කරන්න උනේ නෑ පොර එක්ක . 


කෝච්චියට හැප්පුණු ගෑනු කෙනා ගේ රුප රාමු බලමින් , සිත්තරිට නම් ජන්ගමෙන් තොර ලෝකයක් තිබුනේ නැතිය

7 ට එන්න හිටි කොලබින් එන අපි අවසානේ 8 පහු වෙලා දුම්රියට වාර්තා කොරා හබයි එකත් හරියටම ගම්පහ ට්‍රෙන් එකද දන්නේ නැතිව , දගයා , දිනේල්ක ,ජාතිකේ වගේ වීඩියෝ කමෙරාව එල්ල කරන් ඉන්න  උෂාන් අයියා , කන වෙනුවට හෙඩ් සෙට් එක බෙල්ලට දාගෙන හිටිය පොරකුයි (බස් එකේ තිලිනයා ) , බට්ටා , ජින්ජියා ශයන්ග වගේම  අඩේ හිටිය අනිත් සෙට් එක මතක නැනේ , ඒ දැක්කොත් මේක කොමෙන්ටුවක් දාල කියහන් හිටියා කියල .

කෝච්චියේ විස්තර වලට එනවා නම් වැඩිමනක් නෑ ජින්ජියාට එහා පැත්තේ වාඩි උන කෙල්ලව සෙට් කරන්න අපි වින්ද දුක කියනවා ඇරෙන්න , උගේ අතට කොලේකුයි පැනකුයි දීලා දුන්න සප් එකටත් පාඩුද කොහෙද , (හැබැයි අපේ ඒකමතික බලාපොරොත්තුව වෙලා තිබ්බේ ඌ කන පුරෝලා කනවා බලන්න ) .
පෑන සහ කොලේ අතැතිව

නලා විකුණන අංකලව චාටර් කරලා මුලින් ඒ අන්කල්ගේන්ම නලා අරන් සෙට් එකම කොච්චි ගමන පුරාවටම මියුරු සංගීතයකින් හැමෝවම මන්මත් කරා . ඒවගෙන් ඔලුව අමාරුව හැදුන මගීන්ට පෙනඩෝල් විකුනන්න තරමේ හොද අදහසකුත් බස් රේඩියෝවේ තිලිණයාට ආ..වේ..ය.. , 

බස් එකට එකෙන් බැහැල ( කොන්දොස්තර ටිකට් අරන් තිබුනේ ශම්මි ඇතුළු 5 දෙනෙක්ගෙන් විතරද කොහිද , අනිත් අපි බස් එකේ නාව එවුන් වගේ ඔහේ ආව ) 
පාර දිගේ එන ගමන් ශම්මිය ශේප් එකේ අහනවා "මේ... මම ප්‍රදීප් අයියට වඩා උසයි නෙහ් :D " , කොමෙන් හරි අඩවි රජා සහ සමියා තමාට වඩා කොටයි කියල හෙන සන්තෝසෙන් හිටිය නම් දැක්ක (හැබැයි එත් රජාත් උසයිද කොහිද )

ටිකට් ටිකභාරව හිටිය "සමි" ය නම් ඔක්කම එවුන්ගේ බ්ලොග් මතක තියාගෙන ඇවිත් වගේ ප්‍රොෆයිල් පින්තුරේ පවා කියා කියා පිළිගත්තේ . හැබැයි සමි කියල දැනගත්තේ පස්සේ මමයි අනිකයි වාඩි වෙලා ඉද්දි 
ඇවිත් : එස්සුස් මි ..
මේ ස නේද , ඉතකොට මේ....  වෙන්න ඕනේ
ඉතිරි ටික ඇහෙන්න කලින් මම ගාල කඩා ගත්ත එකා වගේ හු කියාගෙන දර්ශන පටන් නික්මිලා ගියා .

කොම හරි අපි හෙවත් සංගීත නලා (කෝච්චියෙන් ගත්තුවා ) පෙරටු කරගෙන හෙනරත්ගොඩ මෙව්වා එකේ ගෘන්ඩ් එකට ගොඩ වැදුන .
නලා පෙරටු කරගනිමින්

දැන් ඉතින් ලජ්ජා වෙන්න ගියොත් වැඩේ හරි යන්නේ නැති නිසා එක එකාට අදුන්වලා දිදී විස්තර අහගෙන යද්දී පුටුවක කොනක සයිඩ් එකේ රජෙක් වගේ එකෙක් වාඩි වෙලා ඉන්නවා අහිංසක කිරිසප්ප මුනකින් , මුටත් කතා කොරන්න ගියාම , 

මම : කොමද මචං ගුඩ් මෝනින් වේවා ,
අරු :ගුඩ් මෝනින් වේවා
මම :මොකක්ද මචං බ්ලෝග ?
අරු : මම රජා මචං 

මට නිකම් ටිකට් වෙන්න ටිකක් වෙලා ගියා අඩෝ මේ අහිංසක මුණක් තියෙන කොට ජීවිතේද රජා කියන්නේ ,හත්වලාමේ සිරාවටම අදුනගන්න ලැබුන එක සතුටුයි කියල ඌ කොම උනත් රජා නිසා එහා පුටුවේ මැදින් හිටි එකාට රජාව මැදට දාහන් කිවත් බෑ කියල නිකා හිටිය . (ගවේසකයා)

ඕම ඉද්දි තඩි තලගොයෙක් එක පාරම දුවගෙන ඇවිත් අහපි තෝ නොහික්මුණු ඇස නේද කියල , කන්න වෙයිද කියල මමත් ලජ්ජා නැතිව උගෙන් ඇහුවනේ කවුද මචං උබ ඉතකොට කියල , 
තරිය ගේ මුණ නිකම් සුප් එකක් වගේ උනා , ඇයි හත්වලාමේ හැමදාම දකින්නේ මුගේ පින්තුරේ තියෙන කෙසෙල් කැනනේ . එහෙව් එකේ මුණ මතක තියේය . කොමෙන් හරි දැන් ඉතින් ප්‍රසිද්ද රහසක් එලි උනා කියල හිත හදා ගණන් තියෙන්නේ . 
DarkNet උදියට , දිලිප්යා ලමිස්සියක් යයි පැටලී , රත්ගමයා ද ඉදිරියට බර වී සිටි , නීනු අක්ක මර ලතෝනි දෙමින්


හදුනා ගැනීමේ පෙරට්ටුවකුත් තිබ්බ , හැබැයි අහන් ඉන්න උනේ නෑ , කුපාඩි රැලක් වූ  උදිත් ඉෂාර (DarkNet) , දිලිපයා , දගයා , මලියා , ශාන්යන්ග ,බනිය , මම ඇතුළු  වගේ සෙට් එකම මයික් එක ප්‍රතික්ෂේප කිරීමේ සිල් පදේ කඩන්න බැරුව හැංගි හැංගි සිටි නිසා ,

කොම හරි සිරා විසින් අප හැමෝවම උද්‍යානය වටා රබර් කතාවක් කරමින් එක්ක ගොහින් අවා , අනිත් එවුන්ට කින්ඩි දදා සිටි නිසා අනිත් අය කියන්නාක් මෙන් සිරා sසිරාවටම රබර් ගැන කොපි පෙස්ටුවක් දුන්නාද මට මීටරයක් නැත . 
(අඩේ ඒ [පැරණිම ගහ කීවට එකේ මුල විතරනේ බන්  තියෙනෙන් O.o ) 
ඉතා උනන්දුවෙන් රබර් කතාව අසා සිටින බ්ලොග ටික

චාටර් කරනවද ? ප්‍රශ්න අහනවද ?
ඉස්සුව පින්තුරකි .


 දුකකට තියෙන්නේ ලෙසටම බ්ලොග්කරණයේ හිතමිත්රයකු වෙච්චි මඩිස්සලේ නිශාන් කාරයව ලොකුවටම අදුන ගන්න බැරි උන එක , වචන කීපයයි කතා කරන්න උනේ , මොකද මගේ හිතේ ඇදිල තිබ්බේ උබ රැවුල තියෙන උස පොරක් විදියට ,ඊටත් දැන් උබ අනිත් එවුන්ට බැන්නට කතා කොරේ නෑ කියල උබත් ඇවිත් අදුන්වලා දුන්නේවත් නැහැනේ .

ඒ අස්සේ මම තව එකෙක්ට මාව අදුන්වලා දෙද්දී අහක හිටිය චේ ගුවේරා ටයිප් එකේ තොප්පියක් දාගෙන හිටිය කොට චරිතයක් මැදින් පැනල
ඌ :ඒ උබද නොහික්මුණු ඇස ,
මම : ඔව් බන් , උබ
ඌ : නාඩියා බන් 

අම්මට සිරි නෑදෑයෙක් දැක්ක වගේ සතුටුයි මටත් ඉතින් , ඕක හැමෝගෙම කතා වලට හොරෙන් රබර් කන දාගෙන ඉන්න වගක් නම් මට මීටර් ,

රේපා ගැන අමතක කොරන්නේ කොමද , මව්බිම කියල සිරා ප්‍රකාශ කර වෙලාවේ සිට රෙපාගේ තට්ටය ගිනියක් වෙලා තිබු බවක් දුටුවේ නොහික්මුණු ඇස පමණක්ද මන්ද 

මේ අතරේම එකෙක් ඇවිත් පිටි පස්සෙන් අයිනවා . හැරිලා බැලුවම කන්නාඩි පොලගෙක් , යකෝ මේ උදේ කෝල් කොරාම එන්නේ නෑ කියපු බිම්සරයා , ඌ බම්බලපිටියට ක්ලාස් යනවා කියල ගිහින් අයෙමත් ශේප් එකේ මේ පැත්තේ කැරකිලා . හැබැයි අක්කට නම් මාට්ටු පස්සේ දන්නා විදියට 

ප්‍රසිද්ද බ්ලොග් කරුවෙක් වෙන ඒ වගේම සුප්‍රසිද්ද සෙලිනා ගෝමස් ගේ නිල අයිති කරුවකු 
වන රත්ගමයා මහතා දින කීපයකට කලින් මෙසේ පොස්ටුවක් දමා තිබුනේ සෙලිනගෙන් අවසර ගත්තා යයි කියමිනි , 
ක්ලික් ටු සුම්
 නමුත් ඔහු සෙලිනාට බුට් එක තබා 27 දින කැන්දන් ආ කොමලිය කවුද ?
සංරක්ෂිත දර්ශන 4.13.3 4.රත්

මැච් එකේ සිද්දිය මෙමයි, 6 ක් ගැහුවොත් 4 යි ,4 ක් ගැහුවොත් 6 යි , ටීම් එකේ දෙන්නයි , ටීම් 12 යි , ෆීල්ඩ් කරන්න 22 යි , 
යකෝ ගෘන්ඩ් එකේ බොලේ වැටෙන්නවත් ඉඩක් නෑ ෆිල්ඩ කරන එවුන් වැඩි නිසා .
ඔන්න ඉතින් මැච් එක පටන් ගත්ත , හප්පා.. පුදුම සිතලක්නේ යකෝ තියෙන්නේ , ටිකක් වෙලා යනකම් ෆීල්ඩ් කොරන්න හිටියට බැට්ස් මන් ල නැතව වෙන වෙන එවුන් ආසාවට බොලේ දදා හිටි නිසා මම බලුවෙත් නෑ, 
එහෙන්ම ටිකින් ටික පිච් එකට ලං වෙද්දී මෙන්න යකෝ මුන් මැච් එක පටන් අරන්ලු  , :/ 
මැච් එකට තුන්ඩු ගන්න පොරකමින්


මමයි ෂයන්ග යයි තමයි කිසි ගේමක් නැතිව ගැහුවේ මැච් එක , කොම හරි එලියට ආවම අපි දෙන්න ගහනවා දැක්කෙත් නැහැලු සමහරු කියනවා ,  හරි ඉතින් පලවෙනි බෝලෙනුයි දෙවෙනි බෝලෙනුයි අපි දෙන්න දක්ස වැඩි නිසා ගහන් නොදී අයින් කොරනේ . 
ඔය 0 තියෙන්නේ VIP ඈයෝන්ටලු
 ඔකේ නම සිරා දාල තියෙනෙන් නොහික්මුණු ඇස වෙනුවට නොහික්මුණු ඇය කියල , ශිෂ් ඒමත් චාටරයක් ,

කොමෙන් හරි පලවෙනි වටේ ඉවර උනා ලකුණු ලැයිස්තුව පහල ,ඔය 0 දාල තියෙනෙන් VIP අය කියල ලු . 

එතනින් එහාට ටිකක් වෙලා යනකම් විස්තර දන්නේ නැත :D ,
ඒ අස්සෙම රවුමක් දදා හිටිය කපලක් කෑම ගැන කියනවා ඇසි අනිත්ව අමතක කර කෑම එකට පෙරේත කමේ දුවන් ආව වගකුත් ආරංචියක් තියේ :D 
ලන්ච් එක පරක්කුවට හේතුව මූ කියල ආරංචි තියෙනවා දැන්


එතනම කාර් එකක ඩිකිය ගාව සතුටු සමිච්චියේ හිටිය අය වගේකුත් හිටිය , 
  ගහකට හේත්තු වෙලා හිටි වැඩි සද්දයක් නැතිව හිටි පොරක්ගෙන් ඇහුවම කවුද මචං කියල චමි4යු කියන්නේ මම බන් ලු,  අම්මප මුන් සැබෑ ජිවිතේ කොඡ්චාර සැදැහැවත් ද කියල හිතුනේ ඔයි වෙලේ . 
ඇයි යකෝ , රජා , නිශාන් , තරියා , දැන් chami4u  යකෝ ත්‍රිලියනෙට ගනින්න බෑ වගේනේ . 

උෂාන් අය්යා සමග නීනු අක්ක


මතක් කරන්න ඕනේ නලින් අයියා වගේම අටම්පහුරේ අටමා ,කොලු ගැටවු දෙන්න්නෙක් වගේම ඉගෙන කතා කරලා හැමෝටම පුදුම සුහද ශීලි බවක් තිබුනේ , 
සමකය වටේ ලියන නලින් අයියා දැක්කම  ඇත්තටම මට ඒ වෙලාවේ තමයි ඇත්තටම දැනුනේ , හරිම ලෙන්ගතු සරල කෙනෙක් හැමෝටම එක වගේ ආදරෙන් කතා කරලා දවස ගෙව්වා

නලින් , ලොකු ජෝන් , අටම්පහුර වගේම ඒ හැමෝම තමන්ගේම පුතාලට , දුවලට , නංගිට , මල්ලිට උපදෙස් දෙනවා වගේ එන්න කලින් ජිවිහෙට ඔවදනක් දෙන්න අමතක කරෙත් නැහැ , 

මැච් එක වෙලාවේ බස් රේඩියෝවේ බයිට් ටික අහන හිටි නිසා මට වැඩිය මැච් එකත් මතක නැහැ :D

කොමෙන් හරි කෑම එක කන්න ගිහිනුත් මටම තමයි කෙල උනේ , එන ගමන් බිම්සරයාගෙන් චිකන් කෑල්ලක් කාවට ඌ කරපු සාපෙ ඇවිත් මම උස්සපු චිකන් කෑල්ලත් වැටුන . :/නොදෝමකින් පෙරේතයා (මම නෙමෙයි ඈ ,බිමා )

අඩේ අද ප්‍රදිපයා ගැන කියන්න දෙයක් වැඩිපුර නැහැනේ ඌ අහිංසකය වගේ හිටිය විතරයි දවසම , අපිට හොරෙන් මුනා කොරාද දන්නේ නැහැ හැබැයි , 
හැබැයි කියන්න ඕනේ මම ගෙට් එකට එන්න මුලික හේතුව ප්‍රදීප් අයියා කියල . මගේ බ්ලොග්කරණයට ගොඩක්ම හැමදාම උදව් ,උපදෙස් දෙන්නේ එයා .

සමහරු නම් Xtra Large එකෙට ඔලුව දාගෙනත් ඇවිත් හිටියා දැක්ක,බ්ලොග්ගුවේ අට සිල් සමාදන් වෙලා හැමෝටම මෙත් වඩව්වට  ,ඉතින් උන්ට බලෙන් කතාකරන්න පුළුවන්ය මට. නෑ අඩෝ මම එත් කතා කරා.. :D 
ඔය අස්සේ මම මැච් එකට ඇදන් එන්න ට්‍රයි කොරපු යුවතියකට මල පැන්නයි කියලත් ආරංචියක් ආව , හත්වලාමේ ඇයි යකෝ $%^&*(  නේ .. 

ඔය අස්සෙම හොරෙන් කැන්ටිමට ගිය සෙට් එකේ හිටිය අපේ ලෝක ප්‍රසිද්ද චරිත වෙන තරියගේ , ස්කුබි ගේ , ඉංග්ලන්ඩ් වල හිටිය දවස් වල පෙප්සි වලින් අත හේදුව කතා වල ඉදල දිනේල්කගේ ඩොලර් වලින් ලිපට දැන්ම කතා අහන්නත් ,වීඩියෝ කරන්නත් මා ඇතළු අනිත් සුළු තරයක් වාසනාවන්ත උනා



මැච් එකේ දෙවැනි කාර්තුවේදී බොලේ ආසවටවත් එන්නේ නැති තැනක හිටි නිසා ගවේශකයි මමයි ඔන්න පර්සනලි සෙට් උනා , 
ඌ හැබැයි කෙලින් නොහිටියත් කැච් එක නම් කතාව අස්සෙම ගත්ත ,
සුශ් හොද වෙලාවට මේක ලගක හිටියේ නැත්තම් මටත් නාඩියා , නිශාන්  ගත්ත මෙඩල් එක ගණන් වෙනවා උඩ පන්දු රැකීම ගැන ,

සුශ් අම්ටහ්කම කරන්න බැරි සිද්දිය සෑම් ගේ සහ උමා ගේ ගිතෙන් ගීතේ. "න" යන්නෙන් ගීතයක් ගායනය කරන්න තිබ්බ වෙලාවේ සිරාගේ අවහිරයක් නිසා සින්දුව චා උන බව කියමින් න යන්නෙත් වෙනත් ගීතයක් කීමට තරම් බොක්ක රත් කරගෙන හිටිය සෑමට , උම අක්කාගෙන් උණුසුම් හාදුවක් ඉල්ලගන්නත් පැකිලුනේ නැහැලු :D 

මේ ජයා රුපයේ පවනි තරංගා ද ඇතුලත්ය
කොටුවක් පයින්න බැරි කමට නාඩියා මුලක් පනිමින්


කොමෙන් හරි අටම්පහුරේ අයියාගේ කතාව මැදදී එන්න උනා , එදා දවසේ බයිට් කීපයෙන් එකක් වෙච්චි ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ කරන බ්ලොග් කාරනියකට ලැබුණු උණුසුම් රසවත් කතාවක්ද අහගෙන , 

ඔච්චර නම් නෙමෙයි , කතාව එත් ඉතින් පුළුවන් මතකේ හැටියට ලියල දැන්ම ,
අවසාන වශයෙන් ඉතින් ස්තුති කතාව තමයි . බ්ලොග් අවකාශයේ මිතුරෝ වෙනුවෙන් , සැහෙන්න මහන්සියක් සෑම් , සිරා , අටම්පහුර සහ සංවිධායක මණ්ඩලය වෙලා තිබ්බ බව ඕනෙම කෙනෙක්ට තේරුනා, කිසිම අඩුවක් නැතිව , 

ආදරණිය අටම්පහුර සහ සද්ගුණවත් සිරා

සෑම අත් නොහරින ගේමක උමා සමග | ඒ කිවේ ගිතෙන් ගීතේ හොදේ

 
ආදරණිය සමකය වටේ නලින් අයියා සමග අටන් අයියා

ඉතින් අවේ නැති අයව අප්‍රේල් 21 සයිබර් සිහින උළෙලේදී නැවත හමුවෙන්න හිතනවා, 
ඇවිත් හැබැයි සද්දේ නැතිව ඉදල කතා කොරේ නෑ කියල දොස් මුරේ නම් දාන්න එපා හරිය එකෙදිද්ත්, 

ගොඩක් අය එක්ක කතා කරාට ඒ අයගේ නම් දන්නේ නැහැ ,ඒ නිසා තරහ වෙන්න එපා , නාමිකව සිද්දි දැක්කුවේ නැති උනාට  , මුනවල් ටැග් කොරන්න බැහැනේ මේකේ ,




Share this article :

70 comments :

  1. අඩෝ!! කවුද යකෝ මුල් පැන්නේ!!!මේ නිශානයටයි මටයි ටෙනිස් බෝල හුරු නෑ බං! අපි පාවිච්චි කරන්නේ ලෙදර් බෝලනේ බං... ඒකයි! )

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ යස අගේට උබ මුලක් පනින්න හදන එකක් , ඔවු බන් උබල ඉතින් ඉන්ටර්නසනල් පොරවලනේ , ඔය කීවට හොද වෙලාවට මම ඉන්න පැත්ත පළාතකටවත් බොලේ ආවේ නෑ ,ආව නම් සොරිම තමයි :D

      Delete
  2. හරිම කැතයි...සෙලීනා දන්නමා මගේ ගැන..අනික අපි අතර අවබෝදේ වැඩ්යි...

    ReplyDelete
    Replies
    1. පවුල් කඩා කම්මල් කිරීමේ කිරියා නොකරමි, නමුත් ලෝකයාට වසන් වී සුප්‍රසිද්ද තරුවකට බුට් එක තියා පැමිණීම දරා ගත නොහැකිය

      Delete
  3. මාවම බයිට් කරන්නේ :/ හොද වැඩේ,චිතන් කෑල්ල නෙවෙයි බත් එකම වැටෙන්න තිබ්බේ එදා :P

    අර දුවන් ගිය ඩබල කවුද බොලව්? හැමෝගෙම පෝස්ට් බල බල ඉදලා,මේකා අන්තිමට දැම්මා ඔක්කටම මඩ ගහලා..

    ReplyDelete
    Replies
    1. :D මේ මඩ ? අනේ නෑ..... කපල් එකක් දිව්වලු කෑම එක ගන්න බැරි වෙයි කියල

      Delete
    2. අඩෝ මම ශම්මියට වඩා උසයි ඈ!!!!

      බලහන් අර අපි ගත්තු පින්තූරේ! මම මේකිට වඩා උසයි ;)

      https://www.facebook.com/photo.php?fbid=477090255685238&set=a.477075952353335.105319.100001528048947&type=3&theater

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    3. ආයේ,,, මම කිවේ ටක්කටේම , රජා උසයි කියල :d

      Delete
    4. රජාගේ උස හරිගියොත් සාදිරිසට පොල්ල තමා... ඒ ගැන නොහික්මුණු ඇය කලබල විය යුතු නැත.

      Delete
  4. සුන්දර අත්දැකිම් හුඟක් එකතුවුන දවසක්
    :) :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම , ගොඩක් අය හම්බුනා

      Delete
  5. ගොඩාක් හොදට තිබිල තියනවා හැඩයි.අපේ පැත්තෙත් එන්න.http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න ආව අපිත් ඔය පැත්තේ , එන්න අප්‍රේල් 21 සයිබර් සිහින උළෙලට පුළුවන් නම්

      Delete
  6. ඔය 0 දාල තියෙනෙන් VIP අය කියල ලු .
    හි හි අනිවා මචෝ ...අනිත් උන් වැඩක් නැ බන් අපි VIP නේ ... :P :P

    ReplyDelete
    Replies
    1. නැතුව, මේ සමහරු හිතන් ඉන්නේ උබයි මමයි 0 ට අවුට් උනා කියල බන්

      Delete
    2. හිතන්න දෙයක් නෑ ඒම තමයි,සැක්,,ලැජ්ජාවේ බෑ...

      Delete
    3. අඩෝ ඛනිජ තෙල් සංස්ථාවේ කොට එකී..

      Delete
  7. කව්ද ඩෝ තලගොයා ඈ....
    පට්ට ඈ...
    මං ටිකක් පහු වෙලා සැර මඩක් දෙන්නං ඈ...

    ReplyDelete
  8. Replies
    1. අඩේ මොකක්ද ඇදගෙන හිටි ඇදුමත් කියලම යන්න

      Delete
  9. අඩේ.... නියමයි ඈ.....
    කට්ටිය හෙන ෆන් එකක් අරන්නේ..... :D

    ReplyDelete
    Replies
    1. යකෝ ආවේ නැද්ද ? අපරාදෙනේ ,21 සෙට් වෙමු එහෙනම්

      Delete
    2. ආවනම් කතා කරන්න එනවනේ බොල....
      මුනා කරන්නද අප්පා.... දුක තමයි......

      Delete
  10. අඩේ මට ලැජ්ජයි වගේ බන්. එල එල. අපු එකම ලොකු දෙයක්. දිගටම ලියමු. ආ... ඊ බං උබනේ මගේ බ්ලොග් එකේ technical පැත්ත බලන්නේ. තෑන්ක් යු ඈ. ජය....!

    ReplyDelete
    Replies
    1. උබට අහවල් එකටද ලැජ්ජාව :D

      Delete
    2. //අඩේ අද ප්‍රදිපයා ගැන කියන්න දෙයක් වැඩිපුර නැහැනේ ඌ අහිංසකය වගේ හිටිය විතරයි දවසම , අපිට හොරෙන් මුනා කොරාද දන්නේ නැහැ හැබැයි , හැබැයි කියන්න ඕනේ මම ගෙට් එකට එන්න මුලික හේතුව ප්‍රදීප් අයියා කියල . මගේ බ්ලොග්කරණයට ගොඩක්ම හැමදාම උදව් ,උපදෙස් දෙන්නේ එයා .//

      Delete
    3. ඉතින් බොරුය , උබ නැත්තම් මම ලියයිද මෙලහකටත් ? නැහැනේ :D

      Delete
  11. නොහික්මුණු ඇස නියම පෝස්ට් එක 27 ට වැඩිය පෝස්ට් බැලුවම මාර හැපී......ඒත් කවුද මේ නොහික්මුණු ඇස...............

    සමාවෙන්න ඕනි දන්නෙ නෑ මම.......ඒත් අපි අදුරගමු අප්‍රේල් 21

    ReplyDelete
    Replies
    1. හරියට කිවොත් මටත් මීටර් නාහ්නේ , අවුලක් නෑ,හොයාගන්න පුළුවන් ලදුන් කිපයිනේ හිටියේ

      Delete
  12. :D

    නොහික්මුනු ඇය.. ඒක සිරා.. :)))

    දිපු සහයෝගයට ස්තුති සහෝ !

    ReplyDelete
    Replies
    1. ඇඩෝ... එන්න එපා කින්ඩි දාන්න හරිය ,

      ස්තුති කියනන් ඕනේ අපි, අපි වෙනුවෙන් වෙච්චි මහන්සියට ,

      Delete
  13. දැන් නං ගියා වගේ අෆ්ෆා .... :)

    ReplyDelete
    Replies
    1. කොම උනත් නොහික්මුණු + ඇය එල නමක් ලෙස යෝජනා කරමි

      Delete
    2. තෝ වරෙන් සයිබර් ෆෙස්ටිවල් නෙලන්න සින්දු කියනකම්ම ;)

      Delete
  14. Replies
    1. හරි හරි අක්කේ , අනිවා සෙට් වෙමු අප්‍රේල් 21 :_)

      Delete
  15. අපරාදේ බන් මටත් එන්න තිබුන,,,,,,,,,,,,,,,,, ඊලග අවුරුදේ අනිවා ලහිරුවත් එනවා

    ReplyDelete
    Replies
    1. ඊලග අවුරුද්ද ඕනේ නෑ බන් ,අප්ර්ල් 21 සෙට් වෙමු එහෙනම්

      Delete
  16. ඇ‍ඬෙනවා ....... මූ වීඩියෝ එක දාලා .....................

    ReplyDelete
    Replies
    1. මචං මටත් එවහන් හොදේ ඩොලර් කොලයක් :D

      Delete
  17. මාත් ආව ඔන්න බලල යන්න, නලීන් අයියගෙ බ්ලොගේ කමෙන්ට් එක දැකල තමා ආවෙ.

    අඩේ .. මේක අමුවෙන්ම ලියලනේ. පවු අර විචාරෙට අහුවෙච්ච අහිංසකයො ටික. :)

    අටම් අයියගෙ කතාවෙ වීඩියො එක හොයන් බලන්න ඕන, මිනිහ නම් රස සාගරයක්ය කියල කට්ටිය කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. එක තියෙනවා මම හිතන්නේ උෂාන් අයියා ලග , ඒ උනාට අටන් අයියට මඩ ගැසීමේ සික්කාපදේ මම සමාදන් උනා බන් ,

      Delete
    2. ඒකනං දාන්ඩ එපා මම වහබොනවා

      Delete
    3. අටන් අයියගේ මුල්ම ගමන මේ පැත්තේ මම හිතන්නේ :D ,
      හම්බුනා අයගෙන් සිරාවටම බොක්කට කතා කරන්න පුළුවන් කෙනෙක් විදියටට්යි මම නම් අටම්පහුර හදුන්වන්නේ ,

      Delete
  18. මම මේ බ්ලොගියට ආවෙත් අදයි බන්.. හිටපන්කො හිමීට කියවලා බලන්න..

    ReplyDelete
    Replies
    1. ආයේ දැක්කොත් මේක , ඔම්ම කියහන්කෝ බ්ලොග් එක ස්ලෝව් ද කියල :D

      Delete
  19. විත් : එස්සුස් මි .. මේ ස නේද , ඉතකොට මේ.... වෙන්න ඕනේ ඉතිරි ටික ඇහෙන්න කලින් මම ගාල කඩා ගත්ත එකා වගේ හු කියාගෙන දර්ශන පටන් නික්මිලා ගියා .

    හික් හික්.. මට මේකෙ හිස්තැං සම්පූර්ණ කරන්න හිතෙනව අයියෝ :D

    සෑහෙන විස්තරයක් මහන්සි නොබල ලියල..ගොඩක් සන්තෝසයි මචන් අඳුන ගන්න ලැබුන එකට!! ජය!

    ReplyDelete
    Replies
    1. කවුද බොලා ? මම නම් දන්නේ නැහැ ,
      සිරාවටම උබ වගේ නියම මිත්‍රයෙක් අදුන ගන්න ලැබුණු එක නම් පට්ටට සතුටුයි ඈ මචන් ,

      Delete
    2. අඩේ.... මට නිකන් මේ හුටස්පරේ තේරෙනවා වගේ.... හික්...හික්....

      Delete
    3. වැඩක් නෑ අෆ්ෆා , මම චාටර් වෙලා ඉවරයි දැන් නම් කොමත් :/

      Delete
  20. මල්ලි කිව්වත් වගේ කොටුවේදී කට්ටිය හිටියේ නිකං බය වෙලා වගේ. මටත් මාර බඩගින්දරක් තිබුනත්, බෑග් එකේ මාළු පාන් තිබුනත් එලියට අදින්න ගම්පහට යනකම්ම ඉන්න වුනානේ.

    ReplyDelete
    Replies
    1. මගේ අම්මෝ.. බඩගින්න , අම්මප මට ගේට්ටුව ගාව ඉදන් දුන්න මාළු පාන් එකට පින් දෙන්න බැරි උනානේ ,
      ආව අයගෙන් තවත් සිත් ගත්ත චරිතයක් සුදික අයියා කියන්නේ , :)

      Delete
  21. කට්ට්ය සුපිරි ෆන් එකක් අරන් තියෙනවා වගේ එල එල.

    ReplyDelete
  22. උඹට ආපු ඔක්කොම වුන්ව මතකයිනේ බොල.සිරාවට උඹ නේද පිට්ටනිය මැද්දෙදි මට කිව්වේ අපේ පැත්තට බොලයක්වත් එන්නේ නැහැ කියලා? :D

    ReplyDelete
    Replies
    1. ආන්න උබට ලාවට හරි මතක් වෙනවා :D ,

      Delete
  23. මේ තියෙන්නේ තවත් සුන්දර සටහනක්. නියමයි මල්ලෝ...බේ බ්ලොගේ ටෙම්ප් එක නියමයි. සැබෑ වෙනසක් ඇති බ්ලොගක්... ඉතින් එන්නම් හැමදාම මේ පැත්තටත්..

    ReplyDelete
    Replies
    1. නැවත දිනයක හමු වෙන්න හිතනවා :)

      Delete
  24. එළ මචන් , අපි අහිංසකයි රටක් වටි ..හික් , තව අදුන ගන්න ඕනේ උන් ගොඩක් හිටියා බන් , කතාකරන්න කාල වේලාව මදි කමකුත් තිබුනා....

    එක නෙමේ උබට නොහික්මුණු ඇය කියපු එකනම් නිතරම මතක්වෙලා තනියම හිනහ යනවා

    ReplyDelete
    Replies
    1. අනේ උබේ අහිංසක කම ,හම්බුන තැනේ හැටියට හරි අහිංසකයි :p

      Delete
  25. ඇත්තම කිව්වොත් මමත් අදමයි මේ බ්ලොගියට ආවේ...අයියෝ මට මේ ගෙට්ටුවට එන්න බැරි වුනානේ...අප්‍රේල් 21නම් එක පයින් එනවා..

    ReplyDelete
  26. පහුගිය ගෙට්ටුවෙන් පස්සෙ බ්ලොග් කියවන්න වෙලාවක් ලැබුනෙම නෑ මග හැරුන, ගෙට්ටුවෙදි මුනගැහුන, බ්ලොග් මිතුරන්ගෙ බ්ලොග් සටහන් වලට ගොඩවදින්න වෙලාවක් ලැබුනෙ දැන් තමයි. තවත් සුන්දර අත්දැකීමක් සටහන් කරපු සටහනක්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් , එදා දවස නම් ඉතාමත් සුන්දරයි :)

      Delete
  27. හා හා.. කට්ටියම ජොලිය දාපු දවසක්.

    ReplyDelete
  28. එදා දවස පට්ට ආතල්....අප්‍රේල් මාසේ එනකම් ඇඟිලි ගැන ගැන ඉන්නේ..

    උඹේ බොග ලෝඩ් වෙන්නේ නෑ කීවට ඒක මගේ අවුලක්ද කොහෙද බං.. දැන් හරි එලට වැඩ

    ReplyDelete
    Replies
    1. නොදකින් පාහරයා , මම මේ අලුත් ටෙම්පුවකුත් හදන ගමන් ඉන්නේ අපරාදේ

      Delete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති