Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , , » Proxy / VPN වලින් ඇත්තටම හැංගෙන්න පුලුවන්ද ? ඇත්ත මෙන්න - 1

Proxy / VPN වලින් ඇත්තටම හැංගෙන්න පුලුවන්ද ? ඇත්ත මෙන්න - 1

Sep 20, 2012 | 28 comments




ඔන්න ආයෙමත් කලෙකින් ලියන බ්ලොග් එකේ ලියන්න දෙයක් ආව , කලින් එක එක කෙනාගේ ඒවා දෙක තුනක් ශෙයා කරාද මන්ද සින්ඩි වලින් එලියට දාන නිසා ,

ඔක්කටම වඩා අවුල තියෙන්නේ බ්ලොග් ටෙම්ප්ලේට් එක එක්ක , අලුත් එකක් දැක්ක ගමන් දා ගන්න හිතෙනවා , පින්වතෙක් ඉන්නවා නම් මට යුනික් මෙව්වා එකක් හදල දෙන්න පුළුවන් නම් ජය වේවා ! :P

හරි මාතෘකාවට එමුකො සාමන්යෙන් හැමෝම දන්නවානේ මේ ප්‍රොක්සි , වී.පි.එන් කියන්නේ මොනවද මොනවටද මේවා භාවිතා කරන්නේ කියල ?
දන්නවා නේද ? :D

හරි මේක ලියන්නේ නම් මේවා මොනවද මොනවාද වෙන්නේ කියල දන්නා අයටයි එත් අනිත් අයටත් මේක කියවලා ඉන්න එක වටීවි කියල මම හිතනවා , ගොඩක් අය කියනවනේ
හැකිං කරන්න කලින් , ඕනේ නැති තැන් වල රිංගන්න කලින් ප්‍රොක්සි , VPN භාවිතා කරන්න කියල ,
ඒ තමාගේ IP  (Internet Protocol) ලිපිනය  හංගාගෙන වැඩ කරන්න ඕනේ නිසානේ ,
එහෙම කියන අයට තමයි මේ පොස්ට් එක වැඩියම වටින්නේ මම හිතන්නේ ,
මේ ප්‍රොක්සි වර්ගත් තියෙනවා Anonymous Proxy , Elite Proxy , Transparent Proxy වගේ තියෙනවා කියල ,

අනිත් ටිකක් වැඩියෙන් දන්නා අය කියනවා ඇති මේ මේ VPN එකේ ලෝග්ස් සේව් වෙන්නේ නෑ කියල , ඒ නිසා අයි . පි ලිපිනය ආරක්‍ෂිත වෙනවා කියල කියනවනේ .

ඇත්තටම අපි ආරක්ශිතද ?

අපි මේ ප්‍රොක්සි එකක් VPN එකක් භාවිතා කලොත් අපි අන්තර්ජාලයට  සම්බන්ද වෙලා දත්ත හුවමාරු කරගන්න මේ විදියටනේ


අපේ පරිඝනකය  -->  අපේ අන්තර්ජාල සැපයුම් කරු  -->   Proxy/VPN එකේ  අන්තර්ජාල සැපයුම් කරු -->  ප්‍රොක්සි සවර් එක --> අපිට සම්බන්ද වෙන්න ඕනේ දත්ත සපයන සවර් එකේ අන්තර්ජාල සැපයුම්  කරු --> අපිට සම්බන්ද වෙන්න ඕනේ සවර් එක

ඒ ගැන ගැටළුවක් නැහැනේ ? ,  තියෙනවා නම් ඉතිරි ටික කියවන්න කලින් එක විසදගෙන ඉන්නෝ..

දැන් අපේ සම්බන්ද වෙන්න ඕනේ උන සවර් එක අපි යවපු ඩේටා කියවලා එකට පිළිතුරු එවනවා අර කලින් කිව මාර්ගේම අනිත් පැත්තට ,


ඉතින් අපි කියා ගණන්ව අපි හැංගිලා අපේ අයි.පි හංගලා කියල , ඇත්තටම එක වෙන්න පුලුවන්ද ?
අපිට අපේ පරිඝනකෙට පිළිතුරු පණිවිඩයක් එන්නේ ඇත්තටම අනිත් සවර් එකට අපේ පරිඝනකෙට එන්න පුළුවන් මාර්ගේ හොයා ගන්න පුළුවන් නම් විතරයි නේද ?



තවත් සරලව ගමුකො , අපි ලියුමක් යවනවා එකට පිළිතුරු එන්න ලියුම ගෙනියන කෙනා නැවත එන්න අපි ඉන්න තැන දැනගෙන ඉන්න ඕනේ නේ.

ඒ වගේමයි මේ වීපිඑන් / ප්‍රොක්සි ලෝග්ස් තියාගන්නේ නැහැ කිවත් ඔවුන්ගේ සේවා සැපයුම් ආයතන තමාගේ Incoming සහ Outgoing ලෝග්ස් තියා ගැනීමට නීතියෙන් බැදී සිටිනවා .

ඉතින් ඔය වගේ තමයි බොහොමයක් ඇනොනිමස් වෙන්න හදන අය විස්වාස කරන මිත්‍යා මත වලින් එකක් වෙන්නේ .

දැන් අහයි එහෙනම් "මම ඕනේ තරම් හැක් කරලා තියෙනවා බන් , උබ ලොකු ටෝක් නොදී ඉඩහන් ඔය එකෙක්වත් මාව අල්ලලා නෑ මේ වෙනකම් කියල "

කියන්න තියෙන්නේ මේකයි
ඔන්න පුතේ පොඩි කාලේ අපේ එකෙක් කඩේකින් සිනි බෝල හොරකම් කරා . එත් ඉතින් කඩේ මනුස්සයට සයිකෝ නැහැනේ පොලිසියට කියල CID එකට කියල දෙකක් කරන්න සිනි බෝල දෙක තුනක් ඉස්සුවට .
පස්සේ ඒ කඩේම ලොකු හොරෙක් ඇවිත් කැඩුව . සතියක් ගියෙත් නැද්ද කොහෙද , හොරා පොලිසියේ :P "



එහෙනම් ඉතින කියවලා තවත් මේ වගේ ගොඩක් ඇත අතිශෝක්තියෙන් කතා කරන සයිබර් ආරක්ෂාවට සම්බන්ද දේවල් වල මගේ අදහස වගේම ඇත්ත නැත්ත කියවන්න අයෙමත් එන්න  ,
අමතක කරන්න එපා
යටින්ම තියෙනවා සබ්ස්ක්‍රයිබර් එකක්, අලුත්ම ලිපි ඔයාලගේ E-Mail එකටම ගෙන්න ගන්න ලේසියෙන් .



Share this article :

28 comments :

  1. හිකිස්..
    ''ඔන්න පුතේ පොඩි කාලේ අපේ එකෙක් කඩේකින් සිනි බෝල හොරකම් කරා . එත් ඉතින් කඩේ මනුස්සයට සයිකෝ නැහැනේ පොලිසියට කියල CID එකට කියල දෙකක් කරන්න සිනි බෝල දෙක තුනක් ඉස්සුවට .
    පස්සේ ඒ කඩේම ලොකු හොරෙක් ඇවිත් කැඩුව . සතියක් ගියෙත් නැද්ද කොහෙද , හොරා පොලිසියේ :P " නොදැන සිටි දෙයක් දැනගත්තෙමි.. ;)

    ReplyDelete
  2. එල එල මම නම් අනුන්ගේ එව්ව හැක් කොරන්න යන්නේ නෑ නේ මොකටද නිකන්......

    ReplyDelete
    Replies
    1. ඒ මගුල හැක් කොරන එකක් ගැන නෙමේ බන් මේකේ කියල තියෙන්නේ ,

      Delete
  3. Manm use karanna proxies Maka use karanna site yana one ne. proxies Ip aka PC akata dagthma elata wada. Proxy gana livma Hits anawa marata. Math vadiynm liyna Proxy gana aka nisa. Oyaga Post niyami. Thanks.!

    ReplyDelete
    Replies
    1. ගොඩ දවසකින් දෙයක් ලියන්න තිබුනේ නෑ , නිකමට වගේ දැක්ක කතාවක් නිසා ලියන්න හිතුන :)
      බොහොම ස්තුති අදහසට සහෝ :)

      Delete
  4. එක එලයි ඈ .. ෆට්ටයි awesome ... . :) .. නියමම එකක් සිරා

    ReplyDelete
    Replies
    1. අලෙ සුද්දෝ , බොම ස්තුති හැමදාම වගේ කරන සප් එකට <3

      Delete
  5. අයි පී එක හොයා ගන්න පුලුවන් වුනා වුනත් , හුවමාරු වන දත්ත මොනවද කියලා අපේ අන්තර්ජාල සැපයුම් කරුට හොයා ගන්න බැරි නිසා ඔහුගෙන් එල්ලවන බාධා වලින් තොරව කටයුතු කරන්නත් , අතරමැදි සර්වරයෙන් යවන රික්වෙස්ට් එකට උත්තර ලැබෙන නිසා රටවල් අනුව බ්ලොක් කරපු සමහර වෙබ් අඩවි බලන්නත් VPN හොඳයි , හැක් කරන්න ගියොත් (ඇත්තටම හැක් කරන්න පුලුවන් වුනත් ) නම් ඉතින් කොහොමටත් අවධානම් !

    ReplyDelete
    Replies
    1. එක තමයි , සාමාන්‍ය භාවිතය සදහා නම් කොහොමත් ප්‍රශ්නයක් නැහැ , මොකද ඒවා හදුන්වලා දීලා තියෙන්නෙත් ඒ වගේ හේතු වලටනේ :)

      බොහොම ස්තුති අදහසට සහෝ :)

      Delete
  6. "ඔන්න පුතේ පොඩි කාලේ අපේ එකෙක් කඩේකින් සිනි බෝල හොරකම් කරා . එත් ඉතින් කඩේ මනුස්සයට සයිකෝ නැහැනේ පොලිසියට කියල CID එකට කියල දෙකක් කරන්න සිනි බෝල දෙක තුනක් ඉස්සුවට .
    පස්සේ ඒ කඩේම ලොකු හොරෙක් ඇවිත් කැඩුව . සතියක් ගියෙත් නැද්ද කොහෙද , හොරා පොලිසියේ :P "

    සිරා උදාහරණේ..
    මෙන්න දේවල් තේරුම් කරල දෙන විදි..
    ජය!!

    ReplyDelete
    Replies
    1. :) , බොහොම ස්තුති තිස්ස දොඩන්ගොඩ :) , ඒ වෙලාවට ඔහේ හිතට එන ඒවා ලියල දානවනේ :)

      Delete
  7. මෙහෙම දෙයක් තියනවානේද ? අපි සයිට් එකකට ඇටෑක් කලා කියමු.එතකොට ඒ සර්වර් එකේ ලොග් එකේ වදින්නේ ප්‍රොක්සියේ අයි පී එක. එයා බැක්ට්‍රේස් කලොත් හොයාගන්න පුලුවන් වෙන්නේ ප්‍රොක්සි සර්වර් එක. එතකොට ප්‍රොක්සි සර්වර් එකෙන් අපේ ඇත්ත අයි පී එක එලියට දුන්නෙ නැත්තං ප්‍රශ්නයක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔවු එහෙම ඒවා තියෙනවා , ඔෆ් ෂෝර් රටවල් තියෙනවා අපි භාවිතා කරන විස්තර පිටතට නොදෙන , රුසියාව තමයි ප්‍රධාන ,
      එත් මම කිව වගේ අර සිනි බෝල කතාව තමයි එකටත් අදාළ වෙන්නේ, ඒ අය ඔක්කම අන්තර්ජාතිකව බැදිලා ඉන්නවා ප්‍රධාන අවස්ථාවකදී විස්තර ලබා දෙන්න ,
      ඒ වගේ ඕනේ තරම් උදාහරණ තියෙනවා හකර්වරු අල්ලාගත් අවස්ථා , :)

      Delete
  8. නියමයි මචන්!!
    පුලුවනම් කියල දෙන්න ආරක්ෂිතව poxy පාවිච්චි කරන විදිය ලොකු දෙයක්! එකත් දැනගන්න ඕනේ !!!
    - has fdo -

    ReplyDelete
    Replies
    1. සහෝ කෙටියෙන්ම කියනවා නම් දැනට තියෙන එකම ආරක්‍ෂිත එක තමයි TOR Browser එක භාවිතා කරන එක , එක VPN එකක් විදියට නෙමෙයි වෙනම නෙට්වර්ක් එකක විදියටට්යි වැඩ කරන්නේ ,
      සාමාන්යෙන් TOR හරහා යදි ඔයාගේ IP එක ලොග් වෙන්නේ 127.0.0.1 කියල , ඒ කියන්නේ අපි හැමෝගෙම ලෝකල්හොස්ට් එකේ IP එක :)

      Delete
    2. ටෝර් නෙට්වර්ක් එකේදී විතරයි ලෝකල්හොස්ට් එක විදියට පෙන්නන්නේ සහෝ ,
      ඒ වගේම සමාවෙන්න , එකම එක කියල වැරදියට මම ලියල තියෙනවා ,

      Delete
  9. Sorry to say that bro but you need to learn more about VPN technology before posting things like this.

    ReplyDelete
    Replies
    1. Please don't be sorry ,

      i really dislike when people saying my Post (Actually my opinion ) is incorrect without giving no proof ,

      if you can post here what is about are you talking then i gladly change the my blog post .

      btw this isn't VPN Technology , this is about protecting anonymity with VPN's ,

      so please don't mislead from topic.

      PS - your comment was in Spam box , which i'm not checking always , i just saw it and posted

      Delete
  10. අයියේ හැක් වෙච්ච ෆේස් බුක් ප්‍රෝෆයිල් එකක් ආයෙත් හදන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. සහෝ මට ඔයාගේ ප්රොයිල් එක එවන්න මෙතනින්
      http://nohikmunuasa.blogspot.com/p/blog-page_9340.html

      Delete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති