Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ?- අවසාන කොටස

Oct 18, 2012 | 32 comments



හෙන වෙලාවක් කල්පනා කරා අන්තිම කොටස ගලපා ගන්න. විනාශ කාරී හැකර්වරු . වගේම මොලේ විකාර උන අය නිසා අවුල් උන අපේ පරිඝනකේ ආරක්ෂා කරගන්න වගේම ඒ වෙන්න කලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියල මේකෙදී විස්තර කරන්නම් .

හැබයි මුලින් මේ කොටස් දෙක කියවලා අදහසක් ප්‍රකාශ කරලම එන්න අමතක කරන්න එපා .

 ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න-  1 කොටස

ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න-  2 කොටස



තියරිය දැනගත්තානේ .. අද එහෙනම් ප්‍රැක්ටිකල් පාර්ට් එක :D

මුලින්ම හැම දේටම කලින් ඉතින් අපි කියන්නේ වයිරස් ගාර්ඩ් එක ගැනනේ..  ඔන්න ඉතින් සම්ප්‍රදනුකුලව ඇන්ටි වයිරස් ගාර්ඩ් එකක් පරිඝනකයේ ස්ථාපිත වෙලා තියෙන්න ඕනේ හොද එකක් .

මේ තියෙන්නේ 2012 වර්ෂයේ හොදම රේට් එක ලැබුණු පිළිවෙලට වයිරස් ගාර්ඩ් සෙට් එක



#1 Bit Defender Anti Virus
#2 Kaspersky Anti-Virus
#3 Panda Antivirus Pro
#4 F-Secure Anti-Virus
#5 AVG Anti-Virus
#6 Avast! Pro Antivirus
#7 G Data AntiVirus
#8 BullGuard Antivirus
#9 Avira AntiVir Premium
#10 ESET NOD32 Antivirus




මාව විස්වාසත් නැති නම් මේ වෙබ් අඩවියට ගිහින් බලාගන්න පුළුවන්
http://anti-virus-software-review.toptenreviews.com/



මට නම් සල්ලි දීලා ගන්න තරම් වත් කමක් නැති නිසා මම භාවිතා කරන්නේ
  ZoneAlarm® Free Antivirus + Firewall  

කියන එක . මොකද මම ක්‍රැක් කියන නමට වැඩිය කැමැත්තක් නැති නිසා. සාධාරණ පිළිතුර තමයි Malware Writers ලම තමයි ගොඩක් දුරට ක්‍රකින් කරන්නෙත් . ඒ නිසා මුදල් තියෙනවා නම් කියක් හරි දීල හොද එකක් ගත්තට නම් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. 
එත්  දැන් අපි කතා කරන්නේ සාමාන්‍ය USers ලට නිසා නොමිලයේ දෙන එකක් අරන් කොහොමද ඉස්සරහට වැඩේ කරන්නේ කියල බලමු .  
ඒ  ඇරෙන්න මයික්‍රොසොෆ්ට් එකෙන්ම දෙන MSE එකත් ගොඩක් හොදයි

මතක  තියාගන්න අප්ඩේට් ඔප්ෂන් එක ඔටෝ හරි දීල තියන්න මොකද දවස පාහේම එක තත්පරයකදී ට්‍රෝජන් දහස් ගණනක් අන්තර්ජාලයට එකතු වෙන නිසා . 
 ඒ වගේම එක AV එකකට වඩා ඕනෙත් නැහැ . ඔයාගේ පරිඝනකය වයිරස් බලපෑමකට වඩා පහල මට්ටමකට වැටෙන්න පුළුවන් . 

දැන් අපිට සාමාන්‍ය මට්ටමේ  ආරක්ෂාවක් තියෙනවා. දන්නවනේ කී ලොගර්ස් (Key Loggers ) ගැන ?
දැන් කාලේ ඉන්න පොඩිම වයසේ කෙනෙක් උනත් දන්නවා කීලොගර් එකක් හදලා යවන්න,  ඉතින් වැඩියම ව්‍යාප්ත වෙන්නේ මේවනෙ . අපි ටයිප් කරන හැම Key එකක්ම එයාට යන එකනේ වෙන්නේ .එකට ආරක්ෂා වෙන්න අපි අපේ Key එන්ක්‍රිප්ට් කරනවා . එකට මම යෝජනා කරන්නේ 


 ත්රේට් ෆයර් කියන මෘදුකන්ගේ . මේකෙන් අපේ පරිඝනකේ




  •   ටයිප් කරන හැම කී එකක්ම එන්ක්‍රිප්ට් කරනවා . 
  • ක්රිප්ට් කරලා තියෙන ට්‍රෝජන් detect කරනවා.
  • Backdoors ඩිලීට් කරනවා.
  •  නව මැල්වෙයා අදුනා ගැනීමක් කරනවා.
Download ThreatFire  


එහෙමත් නැති නම කී ස්ක්ර්ම්බල් යන මෘදුකාංගයත් ඒ කාර්යම ඉටු කරනවා  - Download Here !

 ඊලගට පියවර 3 - Anti-Malware එකක් ස්ථාපිත කිරීම
 අපි දැන් වයිරස්ගාර්ඩ් එකක් ඉන්ස්ටෝල් කරගත්ත . කී ස්ක්රම්බල් එකක් ඉන්ස්ටෝල් කරගත්ත දැන් මැල්වෙයා / ට්‍රෝජන් වලින් ආරක්ෂා වෙන්න ඕනේ නිසා එකට හරියන්න Anti-Malware භාවිතා කරනවා.
ඕනෙම Malware Advicer කෙනෙක් රෙකමන්ඩ් කරන්නේ මැල්වෙයාබයිට් (Malware Byte )කියන මෘදුකාංගේ .ඒ එක්කම  Super Antispyware කියලත් එකක් තියෙනවා. මේ දෙකෙන් කැමති එකක් බාගත කරගන්න පුළුවන් (එකයි හැබැයි හොදේ දෙකම එපා වදයක් වෙයි ) .මම නම කියන්නේ Malware byte එක ඉන්ස්ටෝල් කරගන්න කියල 

මැල්වෙයා බයිට් 

                                                                         හෝ 

සුපර් ඇන්ටි ස්පයිවෙයා
 මේ දෙකම නොමිලයේ දෙන නිසා ඕනේ එකක් තෝරා ගන්න. මතක ඇතිව මේක ඉන්ස්ටෝල් කරගන්න කලින් System Backup එකක් හදා ගන්නත් අමතක කරන්න එපා. මොකද ඉන්ෆෙක්ට් වෙලා තියෙන පරිඝණකයක එහෙම මේක ඉන්ස්ටෝල් කර ගමන් ඉන්ෆෙක්ට් වෙලා තියෙන හැම ෆයිල් එකක්ම ඩිලීට් / රෙපයාර් කරගෙන යනවා. ඉන්ස්ටෝල් කරලා රන් කරන්නත් අමතක කරන්න එපා . 

 පියවර -4
ඊළගට  අපි හොද ෆයිර් වෝල් (Firewall) එකක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ නෙට්වර්ක් එකේ ආරක්ෂාවට . 
 අමතක කරන්න එපා අපිට වින්ඩෝස් ෆයිර් වෝල් එකකුත් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ ඉබේම වින්ඩෝස් එක්කම . හැබැයි ඔයා වැඩි ආරක්ෂාව ගැන හිතනවා නම් අනිවාර්යෙන් වෙන එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ . මොකද Windows Firewall ඒකෙන ඒ හැටි දෙයක් සිද්ද වෙන්නේ නැති නිසා. 
 මේකෙත් වැඩියම හොද එක තමයි කොමොඩෝ (Comodo Frewall) එක , ඒ හැරෙන්න තව වැඩියම භාවිතා කරන එක වෙන්නේ සන්බෙල්ට් ( Sunbelt Firewall ) එක . මම නම් කියන්නේ කොමොඩෝ ඉන්ස්ටෝල් කරගන්න එක හොදයි . ඔයාට නොමිලේ දෙන වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරගන පුළුවන් දෙකේම 

Download Comodo Firewall
 එහෙමත් නැති නම් 

download Sunbelt Firewall
 ZoneAlarm Virus Guard + Firewall ඉන්ස්ටෝල් කරගෙන ඉන්න අයට නම් මේ දෙකම උවමනා වෙන්නේ නැහැ.
 දැන් හරි . මේ හැම එකක්ම ඉන්ස්ටෝල් කරලා රන් කරන්න ඔන්ලයින් ඉද්දිත් හැම වෙලේම . මොකද ඔයාගේ යාලුවෝ උනත් පෙන් ඩ්‍රයිවර් පරිඝනකයේ භාවිතා කරද්දී පරිස්සමෙන් ;) .
 

 ඉවරයිද දැන් ? නෑ නෑ තව තියෙනවා මොකද මම කිවනේ අද අවසාන කොටස කියල ඒ නිසා ඉවර කරන්න පුළුවන් තරමක් එකතු කරනවා. මොකද මේකේ ඉවරයක්‌ කරන්න බැරි නිස . 

CCleaner / Adcance System Care වගේ මෘදුකාගන්ගයකින් පරිඝනකය හොදට සුද්දයක් දාගන්න ඔය උඩ ස්කෑන් වලින් පස්සේ  . 
Download CCleaner

ලහිරුගේ බ්ලොග් සටහනෙන් ඇඩ්වාන්ස් සිස්ටක්‌ කෙයා 6 එක

Sinhala LMG- ASC 6 Download



දැන් නම් කතාව හරි තිබ්බ නම් මොකක් හරි අපල උපද්‍රවයක් ඔයාගේ කොම්පිතරේ සුන්නත් දුලී වෙලා යන්න ඕනේ ! . 

තවත් මෘදුකාංගයක් තියෙනවා ඔයා නිතරම අනුන්ගේ කුණු ඩවුන්ලෝඩ් කරනවා නම් නිතරම වගේ සෑන්ඩ් බොක්ස් එකක්  භාවිතා කරන්න අමතක කරන්න එපා . Avast , Bitdefender වල වගේ නම් තියෙනවා. එහෙමත් නැති නම් මේකෙන් ගන්න එකක් , මොකක් හරි සොෆ්ට්වෙයා එකක් රන් කරනවා නම් Open With Sandboxie දෙන්න අමතක කරන එපා 
Download Sandboxie
 ආ මෙන්න පින්තුරයක් හම්බ උනා ඒක බලන ගිහින් , මේකේ තියෙන්නේ සෑන්ඩ් බොක්සි එකේ ක්‍රියාව  
 



ඒ වගේම ඔයාගේ Computer එක Defragment කරන්නත් අමතක කරන්න එපා සී ක්ලිනර් එක හෝ වින්ඩෝස් වල ඇප්ලිකේෂන් එක භාවිතයෙන් . 

 Windows 7 Users සදහා :

Start>Control Panel>System and Security>Under Administrative Tools  වල  "Defragment your hard drive"

  XP Users සදහා :

Start>All Programs> Accessories>System Tools>Disk Defragmenter

Vista users සදහා :

Start>Control Panel>System and Maintenance>Under Administrative Tools වල  "Defragment your hard drive"


බ්‍රවුසරය තෝරා ගනිද්දී පරිස්සම් වෙන්න , වැඩියම ෆයිර් ෆොක්ස් (FireFox) භාවිතා කරනවා නම් හොදයි , 
ෆයිර්ෆොක්ස් වලත් ඉන්ස්ටෝල් කරගන ඕනේ ඇඩෝන්ස් ටිකක් මෙන්න 
NoScript - අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරගන්න මේක නම් මොකද ක්‍රොස් සයිට් ස්ක්‍රිප්ටින් (XSS) ,සහ CSRF  කියන වෙබ් සයිට් හැක් කිරීමේ ක්‍රම මාර්ගයෙන් ඔයා වෙබ් අඩවියකට යද්දීත් අනාරක්ෂිත වීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා කවුරු හරි ලින්ක් එකක් දුන්නොත් ඒ ලින්ක් එකේ <script>"Site"</script> වගේ ඒවා තිඉයෙනවා බලන්න මුලින් , පස්සේ හයියෝ.. වැරදිලා ක්ලික් උනානේ කියනවට වඩා එක හොදයි .
AdsFight - සයිට් වල එක ඇඩ්ස් නවත්තනවා 
Lazarus auto-saves web-form - දිග.. පොස්ටුවක් , මැසේජ් එකක් ලිය ලියා ඉන්නකොට හදිසියේ කම්පියුටර් එක ඔෆ් උනොත්, පේජ් එක රිෆ්‍රෙශ් උනොත් දෙවියෝ මතක් වෙනවනේ . ඒ වෙලාවට ඉතින් දෙවියෝ මේ ඇඩෝන එක තමයි , නැවත ලිය ලියා හිටිය ෆෝරම් එකට ගිහින් Right Click කරලා Menu එක බලන්න ඔයා ටයිප් කරපු ටික එහෙම්ම තියෙයි 

ආ ඇඩෝන් ඇති දැන් .ඒවා පස්සේ ! , වෙන පොස්ටුවකින් වැඩි දුර .
 
  බ්‍රවුසර් එකට Master Password එකක් දාන්න අමතක කරන්න එපා ඔයා ඔයාගේ අනිත් වෙබ් අඩවි වල මුර පද Auto Fill වෙන්න සේව් කරනවා නම් . එත් එපා කියල තමයි මම නම් කියන්නේ .  මොකද එක වෙබ් අඩවියක ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් ඒවා වෙනත් කෙනෙක් අතට යන්න ඕනේ තරම් ඉඩ කඩ තියෙන නිසා . 

MSN , Yahoo , Facebook , Skype වගේ IM මැසෙන්ජර් වල  මුර පද සේව් කරලා තියන්න එපා
FTP Clients ලගේ FileZilla , SmartZilla වගේ ඒවගෙත් මුර පද සේව් කරල තියන්න එපා  / 
ෆේස් බුක් ගේම්ස් හැකිං / සල්ලි හොයන පුලවන් කියන සොෆ්ට්වෙයා Download කරන්නත් එපා , (කලින්වට අමතරව)
එව්වා කෙනා නොදන්නා ෆයිල් අඩුම තරමේ PDF / Images / Mp3 වත් ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා ස්කයිප් හරහාවත් 
 හැම ෆයිර්වොල් ,/ වයිරස් ගාර්ඩ් , මැල්වෙයා බයිට්ස් හැම එකකම Update කරන නිතරම . 

කාට  හරි මිට අමතරව උදව්වක් ඕනේ නම් මාව සම්බන්ද කරගන්න ඕනේ වෙලාවක . ඔය හැම දේම කරලත් නිතරම මොකක් හරි ඇබැද්දියක් වෙනවා නම් හරි . අනේ හැබැයි මේ ටික මුලින් කරලා ඉන්න හොදේ . 
මේ  කොච්චර දේවල් කරත් තවත් ක්‍රම ඕනේ තරම් තියෙඅනවා අපිව අනාරක්ෂිත වෙන්න .
වෙලාව රෑ 1 යි , ඉතින් වෙච්ච මහන්සියට ඔයාලට උදව්වක් උනා නම් අනිවාර්යෙන් කොමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා


මෙතනින්  එහාට මම ටික කාලෙකට වගේ සයිබර් ආරක්ෂාව ගැන ලියන එක නවත්තන තීරණය කරා. එක එක ගජමැටික්ස් කෑලි ටිකක් (Internet Tips and Tricks , Downloads , Scripts , ) ශෙයා කරන්න හිතුවේ .  

අමතක කරන්න එපා. ඔයාගේ යාළුවා ගේ ආරක්ෂාව ඔයාගේ ආරක්ෂාවටත් බලපානවා කියල. ඒ නිසා කැමති නම් ඒ අයටත් බලන්න ෆේස්බුක් / G+ / Twitter වලත් ශෙයා කරන්න .
Share this article :

32 comments :

  1. :D :D :D පැය දෙකක් යනවා තමයි මේකට.. සාධාරණ හේතු.. මටත් මේක කරන්න හිතෙනවා..ඒත් බයයි මොකද වැඩි වැඩ දාන්න ගිහිල්ලා මගේ කොම්පියුටර්ස් 6කට වගේ වෙච්ච දේ ලැප් එකටත් වුනොත් බයයි..(මම අත ගැහුවොත් සාමාණ්‍යෙයන් එහෙමයි)
    ජය!!

    ReplyDelete
    Replies
    1. :P , ඇති යන්තම් නැත්තම් විකාරෙන් වගේ කියෝනව :D

      Delete
  2. නියමයි මචෝ. ‍ලින්ක් ටිකත් දාලා තියන එක මරු
    තැන්ක්ස් ............

    ReplyDelete
    Replies
    1. @Lahiru - ස්තුති සහෝ :) නිතරම ඇවිත් කොමෙන්ටුවකින් හරි සහය පල කරලා යනවට :)

      Delete
  3. මට කොහොමද මෙච්චර වැදගත් බ්ලොග් එකක මගහැරුනේ කියලා මං මේ කල්පනා කලේ... මාර වැදගත් පෝස්ටුව නම්... මේ වෙලාවේ මොකුත් ඩවුන්ලෝඩ් කලේ නම් නෑ... මේ මං වැඩ කරන තැන නේ... පස්සේ ඇවිත් ගන්නම්කෝ... ඔබට ජයෙන් ජය...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මේ පැත්තේ ආවට , ආයෙත් එන්න : , ආ මටත් කවි ලියන බැරි උන්නට මමත් අර සොෆ්ට්වෙයා එක නම් ගත්ත ඔයාගේ හොදේ :D

      Delete
  4. Replies
    1. මම මෙ දන් කියෙව්ව , හොද ලිපියක් :)

      Delete
  5. නියමයි මචං. පට්ට. උඹ වගේ ඉස්පැෂලිස්ට් කෙනෙක් මගෙ හොදම යාළුවෙක් වුන එක ගැන නම් මාර ආඩම්බරයි. පොඩි අවුලක් තියෙනවා වගේ. ප්‍රශ්නයක් තියෙන මිනිස්සු උඹව කොන්ටෑක් කොරන්නෙ කොහොමද බං අපිටත් උඹව අල්ලගන්න හයමාසයක් දගලන්න ඕනනේ... ජය...!

    ReplyDelete
    Replies
    1. මු මිනිස්සු නොමග යවනව . මම ඔනෙ වෙලාවක ඉන්නවන්නෙ :D
      උබ මගෙ මම උබට කිව කතාවක් කොපි කොරල ඔය උඩින්ම දම්මෙ නෙ.. එව බැ හරිද ඩොක්..

      Delete
  6. Godak deval denagathta. Thanks!!

    ReplyDelete
  7. If any one using 512MB Ram pC , i dont recommend ZoneAlarm® Free Antivirus + Firewall, it slows your PC down, use Eset Smart Security(you can find keys on the web) + Comodo Free Firewall (in custom mode) :D

    ReplyDelete
    Replies
    1. Choice a better one for you , :) , but as i remind eset got exposed lately
      thanks for the comment Prasanna

      Delete
  8. සුපිරි මචෝ
    අන්තිම කොටස තමයි නියමෙට ලියලා තියෙන්නේ උඹ,ජයවේවා.
    ක්‍රෝම් එකට මාස්ටර් පාස්වෝඩ් එකක් දාන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. Master Password නම් දාන්න බැහැ Chromium වලට , එත් සෙව් කරන්වා නම් හොද Password කරන වා නම් ක්‍රොම් වල අවුලක් එන්නෙ නැහැ :)
      ස්තුති අවසන් පොස්ටුවත් කියවන්න ආවට :)

      Delete
  9. සා .. මලු ... ජුන්ඩිත්තක් ලේට් උනා .. ..ඒ මට ෆයර් වෝල් එකක් ඕනි වගේ ...

    ReplyDelete
  10. නියමම නියමයි..ඔයා මේ ලිපි තව පබ්ලිෂ් කලානම් ගොඩක් දෙනා මේවා ඉගෙනගනී මල්ලෝ..පියවර 3 නම් කරලා තියනවා..හිමිට මේවා කරලා බලන්න ඕන..ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. මැල්වෙයා බයිට් තියෙනවා නම් සාමාන්‍ය විදියට පරිඝනකේ භාවිතා කරනවා නම් අනං මනං අස්සේ රින්ගනේ නැතිව ප්‍රශ්නයක් නම් නැහැ ,
      බොහොම ස්තුති අක්කේ :) , පබ්ලිෂ් කරන්න කීවට ඉතින් මගේ බ්ලොග් එකේ SEO තවම හරි නැහැ ,:) , ඊටත් මම කම්මැලි එකෙක්නෙ හොදටම :D

      Delete
  11. Awesome Post , i really like your blog aiya . please don't stop writing about Cyber Security. Keep Up

    ReplyDelete
  12. he he e comado fire wall eka mala anayakne :( wena hnda ekak nadda

    ReplyDelete
    Replies
    1. හැම මගුලටම system try එක පැත්තෙන් . alert එකක් එනවා... එපාම උනා.. හේ හේ .. එහෙම එන්නේ නැති එකක් එහෙම නැද්ද ,, හොයාගන්න

      Delete
    2. ඉතින් බන් , එකේ අර ටික් කෑල් දාන්න තියෙනවනේ , ඒවා දාල පොඩ්ඩක් හදහන් අවුලක් නැහැනේ :D

      Delete
  13. ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයා වලින් මම විශ්වාස කරන්නේ අවස්ට් විතරයි මොකද 2006 ඉඳන් කිසිම විදියකට මාව ඉන්ෆෙක්ට් වෙලා නැහැ. නමුත් අනෙක් හැම සොෆ්ට්වරේ එකකින්ම ඉන්ෆෙක්ට් වෙනවා දැකල තියෙනවා ඔයාගේ ලිපි පෙළ මම එකක් නෑර කියෙව්වා ගුණාත්මක අතින් ඉතා ඉහලයි. දිගටම කරන් යන්න මගේ සුභ පැතුම්

    ReplyDelete
  14. ගොඩක් වටිනා ලිපියක්. මම කාලෙක ඉදන් පාවිච්චි කරන්නෙ Avast Free එක. මේ වෙනකන් මට කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. අවස්ට් එකත් හොදයි තමයි , එත් සමහර වෙලාවට අප්සට් තැන් තියෙනවා :)
      ජය !

      Delete
  15. සුපිරිම පෝස්ට් එකක් සහෝ. book mark එකක් දාල තියා ගත්තා. :ඩී

    ReplyDelete
    Replies
    1. :D , අදනේ මේක දැක්කේ , ස්තුති සහෝ ,

      Delete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති