Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , » වින්ඩෝස් 8 Ad-Hoc කනෙක්ෂන් එක හදාගන්න බැරිවද ?

වින්ඩෝස් 8 Ad-Hoc කනෙක්ෂන් එක හදාගන්න බැරිවද ?

Jan 8, 2013 | 12 comments

වින්ඩෝස් 8 හොක් වයි ෆයි


ඉදල ඉදල මමත් ලයිව් රයිටර් එක ගත්ත පොස්ට් එකක් දාන්න බලන්න , ප්‍රදීප් අයියට උවමනා උන නිසා මමත් ටෙස්ට් කොරලම බැලුව .
අයෙමත් බ්ලොගර් වලට පේස්ට් කොරන්න වෙයි වගේ , පර්ම ලින්ක් , මීටා වගේ ඒවා නැහැනේ මේකේ :/

සාමාන්යෙන් වැඩ කරන වෙලාවට මගේ සිස්ටම් වල  හොක් එකක් ගහගෙන වැඩ කරන්නේ ,
ඔන්න ඉතින් කොමෙන් හරි මමත් වින්ඩෝස් ටික 8 වලට අප්ඩේට් කොරගත්තම තමයි දැක්කේ හත් ඉලව්වේ කෝ යස අගේට තිබ්බ Ad-hoc connection එක හදන එක නැහැනේ Network Center එකේ කියල ,

ආ දන්නේ නැති අයව අවුල් කරන්න බැහැනේ , ඒ නිසා


මොකක්ද මේ ඇඩ් හොක් කොනෙක්ෂන් එකක් කියන්නේ ?

කෙටියෙන් හදුනවනවානම් රැහැන් රහිත ජාල තාක්ෂණයේ Ad-Hoc ක්‍රමය මගින් භාහිර උපකරණයකට සම්බන්ද නොවී (වයි ෆයි රවුටර් ) , අදාළ පද්ධති අතර ජාලයක් නිර්මාණය කරගැනීම .
මෙම ජාල වක්‍රය ඇතුලත තියන ඕනෙම රැහැන් රහිත පද්ධතියකට මෙම ක්‍රමයදී Peer to Peer  භාවිතා කරලා සම්බන්ද වෙන්න පුළුවන් .


මල්ටිප්ලේයර් ගේම් එකක් ගහන්න , ෆයිල් ශෙයා කරන්න , වගේ සාමාන්‍ය ජාලයකදී කරන සියලු දේවල් මේකෙදිත් වලංගුයි . 


හරි මාතෘකාවෙන් පිට ගියේ හෙන්ඩුව දීලා අලියා කැලෑවට අතාරින්න බැරි නිසා.

Command Prompt එක දන්නවනේ CMD එක , එක දන්නෙත් නැත්තම්
ඔන්න ඔය Key එක ඔබල , CMD කියල ටයිප් කරාම එන Console එක ,
මේ CMD එක රයිට් ක්ලික් කරලා Run As Administrator ඕපන් කරගන්න



netsh wlan show drivers

කියල ලියල බලන්න cmd එකේ , මේ විදියට එන්න ඕනේ

Hosted Network Supported : Yes කියල තියෙනවා නම් ඔයාට දිගටම වැඩේ කරගෙන යන්න පුළුවන් .

netsh wlan set hostednetwork mode=allow ssid=name key=password

හයිලයිට් කරලා තියෙන name සහ password කියල දෙකට , සාමාන්‍ය විදියට කනෙක්ට් වෙන් භාවිතා කරන නමක් නැහැ හොද මුර පදයක් යොදන්න .



 එක Enter කලාම මේ වගේ එනවා නම් හරි .



ඊළගට තියෙනෙන් ඉතින් හදපු එක ස්ටාර්ට් කොරන්න තමා . එකට


netsh wlan start hostednetwork

පාවිච්චි කරන්න අන්තිමේදී , ඔන්න අද ඉපදුන බබෙක්ට වගේ පින්තුර එක්කම දාල මම O.o , මටත් විකාරයි වගේ

ආ ඉවරයි , මට මම ලියන පොස්ට් වලින් , ඊළගට "මොනවද මේ DOS Attack" සහ "ක්රිප්ටෝග්‍රෆි" පොස්ට් දෙක ලියන්නත් තියෙනවා , ඒ අතරේ මේ වගේ දේකුත් දාන්න එපාය කියල හිතුන .

ආ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කොරා , ඔය ඉන්න ගමන් දකුණු පැත්තේ තියෙන චන්දෙට Vote එකක් දාල යන්න හොදේ 
තව බ්ලොග් එකට වෙනස් කම් ටිකක් කරගෙන කරගෙන යනවා , ඉදල ඉදල මට නම් හිතට අල්ලපු ටෙම්ප්ලේට් එකක් නිසා :D

ආ... ඔන්න ඉතින් .. කෝ කොමෙන්ටුවක් ?

Share this article :

12 comments :

  1. අඩේ මටත් 8 දාගන්න හිතෙනවා බං. දන්න වටිනා දේ කියලා දෙන එක වැදගත්. ජය...!

    ReplyDelete
    Replies
    1. ඉඩහන් මම මේකට GUI එකක් හදල දාන්නම්

      Delete
  2. මම ඉතින් හැම පෝස්ට් එකම කියවනවා,නමුත් මට මේ සම්බන්ධව තියන මහත් දැනම් සම්භාරය නිසා තේරෙනවා මදි, කොහොමත් වටිනා කියන පෝස්ටු මේවා,..
    ජය!!

    ReplyDelete
  3. අඩේ! සිරාවටම තැන්කු බං! අපේ කාමරේ සෙට් එක මාව කන්න ලෑස්තිය උන්ට 8 දාලා HALO ගහන්න බෑ කියලා! මගේ සායම යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී තමයි වැඩේ සෙට් උනේ!!

    ReplyDelete
  4. මන් වගේ windos xp දාගත්තනම් මේ මුකුත් අවුල්ලක් නැහැ බලපං ස්පියිඩ් එක :D
    නියම පොස්ට් එකක් මචං

    ReplyDelete
    Replies
    1. විස්වාස කොරහන් මාව , සිරාවටම වින්ඩෝස් 8 එක ස්පීඩ් එක වැඩි :D

      Delete
  5. win7 තාම මං ගාව තියෙන්නේ. මේ තියෙන එක හොදයි අප්පා. නොදන්න දේවල් කොරන්න ගිහින් අල කර ගන්නවට වඩා.... :) පෝස්ට් එක වටිනවා.

    ReplyDelete
    Replies

    1. ඔවු එක නම් ඇත්ත , මට නම් කියන්න තරම ලොකු වෙනසක් නැහැ 7 , 8 අතර ,ස්පීඩ් එක ඇරුනම

      ජය !

      Delete
  6. ad-hoc Network එකක් විදියට දැම්මොත් android ගොඩක් device internet share කරන්න බහ ඒකට virtual router කියන soft එක use කරානම් ලේසි http://virtualrouter.codeplex.com/

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ , මම මේ ගැනත් එක්කම අප්ඩේට් කරනම් :)

      Delete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති