Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » » ඔයාගෙම ලිනක්ස් ඔපරේටින් සිස්ටම් (Operating System ) එකක් හදා ගන්නේ මෙහෙමයි ~

ඔයාගෙම ලිනක්ස් ඔපරේටින් සිස්ටම් (Operating System ) එකක් හදා ගන්නේ මෙහෙමයි ~

Jun 22, 2012 | 4 comments






අපේ දේ අපිට වටිනවා නේ , ඒ වගේ තමයි අපේ නමින්ම අපිට ඕනේ හැටියට OS (ඔපරේටින් සිස්ටම්) එකත් අපේ පරිඝනකයේ ධාවනය කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද ,
දැන් කියන්න එපා අපිට කොයින්ද පුසෝ මාළු  කියල , වැඩි දෙයක් නෙමෙයි මේ සදහා ඕනේ කම තියෙන කෙනෙක්ට කැප කරන්න තියෙන්නේ , විනාඩි 2 ක් විතර පුංචි කාලයකින් , ඔයාට ඔයාගෙම
OS එකක් හදා ගන්න පහසුකම ලබා දීලා තියෙනවා SUSE Studio කියන ඒකෙන ,


මේ OS එකත් සාමාන්‍ය Linux Kernel ඒක භාවිතයන් Run වෙන එකක් , මුලින්ම මේ ලින්ක් එකට යන්න  


  දැන්  උඩ තියෙනවා  වගේ පින්තුරයක් එයි , එකෙන් Sign In or Create a account කියන ඒක තෝරන්න . ඒක ක්ලික් කරාම මේ වගේ එකක් එයි , එකෙන් ඔයාට ලොග් වෙන්න ඕනේ Account ඒක තෝරාගන්න



 මේකන් ලොග්  වෙලා Allow කියන ඒක දෙන්න  . දැන්මේ එන වින්ඩෝ එකෙන් ඔයාටඋවමනා වර්ගයේ OS ඒක තෝරාගන්න ගන්න පුළුවන් ,
උදා : KDE , GNOME , SERVER වගේ ඕනෙම වර්ගයක








 දැන් Select your architecture කියන තැනින් ඔයාගේ පරිඝනකේ වර්ගය තෝරාගන්න 32 ද 64 bit ද කියල 

Name your appliance
කියන තැනින් ඔයාගේ OS එකට උවමනා නම සදහන් කරලා Create appliance කියන තැන ක්ලික් කරන්න .

 
Switch to the Software tab to continue » කියන එක ක්ලික් කරාම පහල තියෙනවා වගේ වින්ඩෝ එකක් එනවා .  






මේකෙදි ඔයාට පුළුවන් ඔයාගේ OS එකේ ඉන්ස්ටෝල් වෙන්න උවමනා සොෆ්ට්වෙයා වර්ග තෝරාගන්න .



දැන්  ඔයාලට උද තියෙන පින්තුරයේ විදියට දකින්න තියෙනවා ටැබ්ස් 6 ක් ,එකේ Configuration වල General කියන ටැබ් එකේ දකින්න ලැබෙයි අපේ යුසර් නේම් එක root ලෙසත් පාස්වර්ඩ් එක  linux ලෙසත් කැමති නම එය වෙනස් කරගන්න පුළුවන් . 






මීලගට මේ Configuration ටැබ් එකේ තියෙන Personalize , Startup , Server , Desktop , Appliance , Script කියන ඒවා ඔයාට උවමනා විදියට වෙනස් කරගන්න . 


දැන්  Build කියන ටැබ් එක ක්ලික් කරාම පහත ආකාරයේ වින්ඩෝ එකක් එයි .මේකෙන් ඔයාට උවමනා ආකාරයේ ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක තෝරාගන්න Default Format යටතේ . අනිත් ඒවත් උවමනා නම ඒවා තෝරාගැනීමේ පහසු කම දීලා තියෙනවා .
 


මේකේ බිල්ඩ් කියන බටන් එක ක්ලික් කරාම යටින් ඩවුන්ලෝඩ් කරගන්නා ලින්ක් එක එයි . දැන් තියෙන්නේ ඉතින් පරිඝනකයට මෙම ලිනක්ස් පාධක මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරගන්න එක තමයි .


අමතක කරන්න එපා කොමෙන්ටුවක් දාල යන්න , වස් දොස් , ඇනුම් පද , ප්‍රසංසා.. ඕනේ දෙයක් :)






Share this article :

4 comments :

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති