Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , , , , » ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් කියවන්න - 2 කොටස

ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් කියවන්න - 2 කොටස

Oct 17, 2012 | 12 comments









ඔන්න මමත් ඊයේ දේශපාලන පොරොන්දුවක් දුන්න. සමාවෙන්න ඕනේ ඒ ගැන පොස්ටුව ඊයෙම දාන්න උනේ නෑ.
ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් කියවන්න කියල පටන් ගත්තත් අන්තිමේදී කොටස් වලට කඩන්න උනා අද දෙවැනි කොටස
මෙන්න පලවෙනි කොටස -

ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් කියවන්න - 1 කොටස  

කොටස් තුනයි තියෙන්නේ ඒ

  1.  ඔබේ පරිඝනයකය අසාධනය වෙන්නේ මොනවගෙන්ද මොනවද ඒවගෙන් වෙන්නේ  - 1 කොටස  
  2. ඔබව හැක් විය / අසාධනය වෙන ක්‍රම   - 2 කොටස (අද ) 
  3.   අසාධනය වෙන්න කලින් / වී ඇති පරිඝනක හදුනා ගැනීම සහ ඒවගෙන් ආරක්ෂා වීම - 3 කොටස

ඔන්න එහෙනම් අද මාතෘකාව වෙන්නේ ඔබව හැක් විය / පරිඝනකය අසාධනය වෙන ක්‍රම මොනවද කියන එකයි .ඔන්න මතක් උනා මම ඕක ගැන ලියල තියෙනවා කියල කලින් මෙන්න --->

ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි වයිරස් ගාර්ඩ් ද ? මොලයද ?
හොද වෙලාවට ඒක තියෙනවා , ඒ කියල හරි යන්නේ නැහැ තව ටිකක් තියෙනවා ලියන්න , ඒ පොස්ටුවෙන් දෙවැනි කොටස කියල ගන්නකො එහෙනම් . අපි එකේදී කතා කරානේ ක්‍රම කීපයක් කොහොමද ඉන්ෆෙක්ට් වෙන්නේ අපිව කියල. අද තවත් කීපයක් .


හැකර් වරුන්ගේ කැමතිම ආයුද දෙකක් තමයි Crypter සහ BInder කියන්නේ.

ක්රිප්ටර් වලින් ඔහුගේ ට්‍රෝජන් ඒක අපේ වයිරස් ගාර්ඩ් වලට අහු නොවෙන විදියට සිග්නේචර් ඒක වෙනස් කරනවා සහ කෝඩ්ස් ක්ර්ප්ට් කරනවා. කෙටියෙන් කිවොත්

Crypt කරපු වයිරසයක් Anti Virus guard වලට අහු වෙන්න සෑහෙන කාලයක් යනවා.

ඊළගට බයිඩර්ස්  වලින් කරන්නේ ෆයිල් දෙකක් එකට අමුණන ඒක.

උදාහරණයකට Adobe Photoshop සෙටප් ෆයිල් එකට Trojan ඒක අමුණනවා. අපිට පෙන්නේ පොටෝෂොප් , අපි ඕපන් කරන්නේ පොටෝෂොප් . හැබැයි Run වෙන්නේ ට්‍රෝජන් එකත් එක්කමයි.

ඉතින් මේ ට්‍රෝජන් එකක් ක්රිප්ට් කරලා බයින්ඩ් කරපු ඒවා අපි කොච්චර කලින් ඕපන් කරලා ඇතිද නේද . මේ වෙද්දීත් ඔයාගේ පරිඝනකය තවත් කෙනෙක් ඔයාට නොදනී භාවිතා කරනවද දන්නෙත් නැහැනේ ;) 


 Software vulnerabilities
මෘදුකාංග වල දුර්වලතා ප්‍රධානම කාරණයක් වෙනවා අපේ පරිඝනකය ආරක්ෂා රහිත වෙන්න. විශේෂයෙන් ඔබේ වෙබ් බ්‍රවුසරය නිතරම වගේ යාවත්කාලින කරගන්න .
මේ වගේ දුර්වල තැනක් තියෙන මෘදුකාංගයක් ඔබේ පරිඝ්නකේ ධාවනය වෙනවා නම් අනිත කෙනාට එක භාවිතා කරලා ඔබේ පරිඝනකයට ඇතුල් වෙන්න පුළුවන් . 


 Drive-by 

ම්ම් මේක නම් පුරුදු නැතිව ඇති අහල .   සමහරුන්ට අහල පුරුදු ඇති ජාවා ඩ්‍රයිව් බයි වගේ ඒවත් හැබැයි  .අපිට නොදනී අපේ පරිඝනකයට ඩවුන්ලෝඩ් වෙන ඒවාට අපි මේකෙදි  ඩ්‍රයිව් බයි කියල කියනවා .
දැකල ඇති සමහර Application ඔයාගෙන් ආවසර ඉල්ලනවා අලුත් අප්ඩේට් ඩවුන්ලෝඩ් කරන්න,නිතරම අහන්නද , අහන්නේ නැතිව අප්ඩේට් කරගන්නද කියල . විස්වාස නැති එකක් නම් ඒ නිතරම අහල අප්ඩේට් කරගන්න දෙන එක හොදයි .

වෙබ් අඩවියකට යද්දී ,Pop-up ලින්ක් ක්ලික් කරද්දී , වගේම ඊමේල් එකකින් උනත් මේ දේ සිද්ද වෙන්න පුළුවන් .


 

Browser , Email Software , IM 

ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක , ඒ වගේම ඊමේල් කියවන්නDesktop සොෆ්ට්වෙයා භාවිතා කරනවා නම් . MSN , Skype , Yahoo වගේ මැසෙන්ජර් භාවිතා කරනවා නම් මේ මෘදුකාංග වල තියෙන අනාරක්ෂිත තැන් බාවිතා කරමින්ද ඔයාගේ පරිඝනකයේ ට්‍රෝජන් වැඩසටහන් ස්ථාපිත වෙන්න පුළුවන් .

freeware / file sharing site/Fake Apps 

මේවත් වෙන වෙනම විස්තර කරන්න පුළුවන් . සෝෂල් ඉන්ජිනේරින් කියන මාතෘකාව යටතේ මේ එක එක ඒවාට ගොඩක් ක්‍රම තියෙනවා ඔබව ඉන්ෆෙක්ට් කරන්න එත මාතෘකාව වැලැක්වීම නිසා එව්වා ඕනේ නැහැ . ඕනේ අය ඉන්නවා නම් කන්ටක්ට් ෆෝම් ඒකෙන සම්බන්ද කරන්න පුළුවන් මාව :)
නොමිලේ දෙන හිමිකරුවෙක් නැති මෘදුකාංග , ෆයිල් ෂෙයරින් සයිට් වලින් බාගත කිරීම් , සහ ෆෙක්‌ එහෙමත් නැති නම් බොරු සොෆ්ට්වෙයා මගින් ඔබව අසාධනය වෙන්න පුළුවන් . 
සමහර  ඒවා ඉන්ස්ටෝල් කරාම .net නෑ කියනව ෆයිල් මිසින් කියනවා දැකල ඇති , ඒවගෙන 70% ම fake කියල කියන්න පුළුවන්


ඒ වගේම ඊමේල් / ස්කයිප් / ෆේස්බුක් / G+ වලට එන attach කරපු ෆයිල් මගිනුත් ඔබේ පරිඝනකය සලන් හන්තේ වෙන්න පුළුවන් (නිදි මතයි දැන් :| )



ඊළගට විශේෂ ම කාරණය මිනිස්සු කොහොමත් අනුන්ගේ ඕපාදුප හොයන්න කැමතිනේ , ඒ නිසා ලගම මිත්‍රයා උනත් ඔයාගේ පරිඝනකය භාවිතා කරද්දී ප්‍රවේසම හොදයි. වැඩියෙන්ම USB වගේ දේවල් සම්බ්දන්ද කරද්දී . ඔබේ පරිඝනකයේ තියෙන හැම මුරපදයක්ම අනිත් කෙනාගේ පෙන් එකේ සේව් වෙන විදියේ කුඩා ප්‍රොග්‍රම් තියෙනවා එක හැකිං කියල කියන තැනකට ක්ලික් එකක් දැන්ම ගමන :D


ඊලග  පොස්ටුවත් අද දවසෙම වගේ බලාපොරොත්තු වෙන්න .
අමතක වෙයි කියක හිතනවා නම් බ්ලොග් එක බුක් මාර්ක් කරගෙන යටින් තියෙන සබ්ස්ක්ර්යිබර් ඒකෙන ඊමේල් එකටම ලිපිය ගෙන්න ගන්න

මාව සම්බන්ද කරන්න උවමනා උනොත් - මෙතන ක්ලික් කරන්න 


ආ තව දෙයක් , මගේ බ්ලොග් එකේ ස්ලයිඩ් ෂෝ එකට උඩින් ඇඩ්ස් පෙන්නනවද ? 
Share this article :

12 comments :

  1. හප්පා... මට ඉන්ටර්නෙට් පාවිච්චි නොකර ඉන්න හිතෙනවා.. :/

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ.. ලොකු දෙයක් :D ඔයා නම්

      Delete
  2. වයිරස්ගාඩ් එක මාස ගානකින් අප්ඩේට් කරේ නැ.. අප්ඩේට් කරන්න මතක් වුනේ මේක කියවනකොට
    නියම ලිපියක් මචන්

    ReplyDelete
    Replies
    1. අනිත් එක ලියන්න පට්ට කම්මැලි දැන් නම් , :D

      Delete
  3. Replies
    1. එන්න අන්තිම පොස්ටුවත් කියවන්න :)

      Delete
  4. නොදන්න ඒවත් ගොඩක් දැනගත්තාවෙලාවට අවස්ට් එකනම් දවස ගානේ අප්ඩේට් වෙනවනේ.අනිත් අතිනුත් දැන් අමං හරි සැලකිලිමත්.කෝ බන් ඇඩ් පේන්න නැහැනේ?

    ReplyDelete
    Replies
    1. තවත් දේවල් තියෙඅන්ව , ඇඩ්ස් තියෙනවා අෆ්ෆා.. :( <
      මගේ ක්‍රෝම් එකේ විතරක් පෙන්නවා , අයින් කරන්න එකකුත් නෑ ,

      Delete
  5. හොඳ ලිපියක්..තවත් මේ වගේ දේවල් ලියන්න.
    ජයම වේවා මල්ලෝ!

    ඇඩ්ස් නම් පෙනුනේ නැහැනේ අප්පා :)

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කණ්ඩි , නිතර ඇවිත් ලොකු ෆිට් එකක් වෙනවට :)

      Delete
  6. Another Awesome Post :D , i learned about crypters these days. now they got a option to bypass VM an Sandboxie :/,A Word of warning! Dont download Shit you dont know :P,download only from trusted sources.

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති