කලින් කිව වගේ ලිපි ලියන එක නවත්තලා ටික කාලෙකට ගජේට් කෑලි ටිකක් ශෙයා කරනවා මේ දවස් ටිකේ දැන් :D , මොකද ඉතින් ඒවත් තියෙන්න එපාය . නැත්තම් කියවලාම එපා වෙයි සමහරුන්ට .
අනිත් කාරණේ මගේ RSS Feedburner එකේ පොඩි අවුලක් වගේ තියෙනවා මම හිතන්නේ .මේ හෙන කාලෙකට කලින් ලියපු පොස්ට් දැන් සබ්ක්ර්යිබ් වෙලා ඉන්න මේල් වලට යනවනේ ,
ඒ නිසා කියවපු ඒවා නැවත අවොත් මම ඩබල් පොස්ට් දාල නෙමෙයි ඔන්න .
අද නම් වැඩි දෙයක් නැහැ , සමහරුන්ට ඕනේ වෙනවා ඇතිනේ තමාගේ web browser (වෙබ් බ්‍රවුසර්) එක ලොක්(lock) කරගන්න . අනිත් අයට භාවිතා කරන්න බැරි වෙන්න .
ඉතින් වැඩියම භාවිතා කරන බ්‍රවුසර් දෙකක් වෙන ක්‍රෝම් වලටයි , ගිනි නරියටයි (FireFox) , Addon දෙකක් තියෙනවා (ඔපෙරා වලට නම් මට හොයා ගන්න බැරි උනා) .
මේකෙන් කරන්නේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරද්දී මුර පදයක් (Password) අහන එක ,
ගිනි නරියට (FireFox)
https://addons.mozilla.org/en-US/firefox/addon/startupmaster/
මේකේ නම් ඔයාගේ FireFox Option වල Security Tab එකේ තියෙනවා Change Master Password කියල බට්න් එකක් , එක මගින් මුර පදය හදා ගන්න පුළුවන් ,
Chrome ( ක්‍රෝම් )
https://chrome.google.com/webstore/detail/simple-startup-password/ojoalkffommhmdmbohjphohoejjmgepc
මේකේ මුර පදය හදා ගන්න නම් tools-> extensions-> simple startup password-> options-> වලින් Password set කරන්න . ආ අවසානේ තව කාරණයක් තියෙනවා , මගේ යම් කිසි පොස්ට් එකක වැරද්දක් තියෙනවා නම් සුද්ධ සිංහලෙන් වැරදි වැරදි කියල කොමෙන්ට් Anonymous විදියට දාන්නේ නැතිව ,
වැරදිලා තියෙන්නේ මොන කොටසද , එකට විසදුම , ඉදිරිපත් කරා නම් වටිනවා , මොකද එහෙම නැතිව මට පොස්ට් එක වැරදි කීවට පිලිගන්න බැහැ , මම දන්නා දෙයක් තවත් හොයලා පල කරන නිසා මම මේ වෙනකම් වැරදි දෙයක් පල කරලත් නැති බවයි මගේ විස්වාසය :)
හැමෝටම සුබ දවසක් !
:/ (sinhala mokakdda wela) mage ehema ekak enne nane,extensions giyama enne kaspersky monawada manda wagayak..
ReplyDeleteදැන් හරිනේ , :D
ReplyDeleteඑල මචං ...............
ReplyDeleteජය !!! :)
Deleteමන් හොය හොය හිටපු එකක් තෑන්ක්ස් මචන්
ReplyDelete:D, මටත් මේ හදිසියෙම ඕනේ උනා ,
Deleteඑකනං එල.. බලමු.. එකත් ගෙන..දැන් extention පිරිලා.. හේ හේ
ReplyDeleteඅච්චර මොනවද බන් O>o
Delete