Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , , » හැකින් කරන්න නැතිවම බැරි BackTrack ? පට්ට Tool එකක්ද ?

හැකින් කරන්න නැතිවම බැරි BackTrack ? පට්ට Tool එකක්ද ?

Aug 16, 2012 | 29 comments



අද වෙද්දී බොහොමයක් අන්තර්ජාලයේ ජනප්‍රියම මාතෘකාවනේ මේ හැකින් කියන්නේ . ඒ අස්සේ ඇහෙන අනිත් ජනප්‍රියම වචනේ තමයි බැක්ට්‍රැක් (BackTrack) කියන්නේ .

මේ ඇවිත් සාමාන්යෙන් අහන්න ලැබෙන දේවල් ටිකක්


  1. -WIFI හැක් කරන්න නම්  බැක් ට්‍රැක්  දා ගන්න මචං - කවුරු හරි WIFI Crack කරන්න පුලුවන්ද කියල අහල තිබ්බ පොස්ට් එකකටලැබුනු ප්‍රතිචාරයක් .
  2. -මම නම් යුස්‌ කරන පට්ටම හැකිං ටුල් එක තමයි BackTrack - තවත් අහන්න ලැබුනු එකක් .
  3. -හැක් කරන්න කිසිම ගින්නක් නැහැ මචං  බැක්_ට්‍රැක්  දා ගත්ත ගමන් ඔක්කම ගොඩ . -
  4. -ඇනෝනිමස් ලා Develop කරපු  බැක්-ට්‍රැක්  -
ඔය 3, 4 නම් මම දැක්කේ බ්ලොග් පොස්ට් එකක .

ඔය වගේ ඒවා ඕනේ තරම් දකින්න ලැබෙනවා ඇති හැමෝටම. මුනුපොතේ උදව් ඉල්ලන ගෘප් වල මේ වගේ කතා නිතරම යනවා .

ඇත්තටම මේක Hacking Tool එකක්ද ? හැකිං කෙසේ වෙතත් පරිඝනකය ගැන දන්නා කෙනෙක් නම් කියන්නේ OS එකක් ඒ කියන්නේ Operating System (මෙහෙයුම් පද්ධතියක්) කියල .

ඇත්තටම මොකක්ද මේ


BackTrack 5 කියන්නේ  Ubuntu Lucid (10.04 LTS) (උබුන්ටු දන්නවා ඇතිනේ ?  ) මත පදනම් උන Linux kernel 2.6.38 එක භාවිතා කරන Open Sourceමෙහෙයුම් පද්දතියක් . මේකේ වෙනස තමයි Security සහ Penetration Testing වලට අදාළ වන මෘදුකාංග Pre-Installed (ඒ සමගම ඇතුලත් කර ) එන එක.
ඒ වගේම මේකේ Developers ල වෙන්නේ Linux Security | Backtrack.org වලින්


Whoppix, IWHAX, සහ  Audito යන Distribution සමග තමයි මේ ලිනක්ස් මත පදනම් උන BackTrack වලත් උපත සිද්ද වෙන්නේ .
ඕනේ කෙනෙක්ට මේ මෙහෙයුම් පද්ධතියේ KDE හෝ GNOME යන ඒවගෙන් බා-ගත කරගන්න පුළුවන්
32 bit හෝ 64 bit x86 වලින් . (මේ ගැන වැඩි විස්තර මේකෙන් කියන්නේ නැහැ , ඇත්තටම කිවොත් කියන්න තරම් ලොකු.. වෙනසකුත් නැහැ පොඩි පොඩි ඒවා හැරුන කොට :p ).



දැන් මේ BackTrack කියන දේ ගැන සරල වැටහීමක් හරි ලැබුනානේ . දැන් වැඩේ තියෙන්නේ සමහර අය කියනවා වගේ BackTrack දැන්ම ගමන් වැඩේ හරිද ? ගේමක් නැතිව හැක් කරන්න පුලුවන්ද ? කියන එකයි .

මේ පොස්ට් දෙක කියෙව්වේ නැත්තම් මුලින්ම කියවලම එන්න

1.
ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි ~ වයිරස් ගාර්ඩ් ද ? මොලයද ?
2.මොකක්ද මේ හැකින් -What is the Hacking ? මුල ඉදල තේරුම් ගන්න


වැඩි දෙයක් නැති උනත් ලාවට හරි තේරුම ගන්න දේවල් ඇති . දෙවැනි පොස්ට් එකේ තියෙනව සාමාන්යෙන් භාවිතා වෙන ක්‍රම . ඉතින් ඒ හැම දෙයක්ම වෙන්නේ කොහොමද කියල තේරුම ගත්තේ නැති නම් Backtrack Install කරා කියල වැඩක් තියෙයිද ?
සබන් හදන මැෂිමක් අරගත්තට සබන් හදන්න දන්නේ නැත්තම් මැෂින් ඒකෙන වැඩක් නැහැනේ නේද ? ;)

ඒ වගේම සමහර අය කියයි වින්ඩෝස් වල ඉදල මේ වැඩ කරන්න බැහැ අනිවාර්යෙන්ලිනක්ස් බේස් OS එකක් නැති නම් කියලත් . 










අපි සාධාරණව බැලුවොත් BackTrack වල විශේෂය තියෙන්නේ Menu එකේ BackTrack කියන මෙනු එක නිසානේ , මේකේ තියෙන ගොඩක් ඒවා රන් වෙන්නේ Terminal එකේ .
උදා :-

Graphical User Interface තියෙන Application තියෙනේ බොහොම සුලුතරයයි . ඒ වගේම මේ එක එක ටර්මිනල් එකේදී භාවිතා කරන්න උවමනා Commands ද දැනගන්න ඕනේ . ගොඩක්ම තියෙන්නේ Python , Perl වගේ පරිඝනක භාෂා පදනම් කරගෙන නිපදවුණු Applications . ඉතින් මේ බොහොමයක් ඒවා වින්ඩෝස් වලත් රන් කිරීමේ හැකියාව තියෙනවා . හැබැයි ඉතින් ඒ ඒ දේවල් ගැන නිසි දැනුම නම් අවශ්‍ය වෙනවා .



මම ඇහුවම ඇයි BackTrack පාවිච්චි කරන්නේ කියල කෙනෙක්ගෙන්
"එකේ තියෙන Exploit , Scripts වැදගත්නේ මචං " 


ඔන්න ඕකයි ලැබුන පිළිතුර. මේ එකක්වත් මේ සමග පමණක් එන ඒවා නෙමෙයි . සාමාන්යෙන් සයිබර් ආරක්ෂාව ගැන සැලකිල්ලෙන් ඉන්න කෙනෙක්ට අලුත් වෙන Security holes , Exploitation ගැන හොයා ගන්න පුළුවන් . 


ඒ වගේම මේ බැක්ට්‍රැක් වල තියෙන මෙනුව ඔයාලගේ වෙනත් ලිනක්ස් මත පදනම් උන වෙනත් OS එකකට උනත් ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගැන ඕනේ නම කොමෙන්ටුවකින් අහන්න , පොස්ට් එකක් දාන්නම් ,


අනිත් කාරණේ මේ Security සහ Penetration Testing වලට යෝග්‍ය OS එකකට තියෙන්නෙම මේ BackTrack කියන මෙහෙයුම් පද්ධතියන විතරද කියන කාරණේ .
                                  

මම ඉහතදී සදහන් කරා මේ ඔ . එස් එක නිපදවිලා තියෙන්නේ Whoppix, IWHAX, සහ  Audito යන Distribution සමග කියල . ඒවත් මේ වගේම security සදහම නිපදවූ එවයි .

මේ වෙද්දී තවත් ජනප්‍රියම වෙන OS දෙකක් තමයි DarkRacer සහ Backbox කියන ඒවා .  



ඩාර්ක් රේසර් මෙහෙයුම් පද්ධ්ත්හිය



බැක් බොක්ස් මෙහෙයුම් පද්ධතිය 


 ඉතින් මේ ගොඩක් මිත්‍යා කතා පැතිරිලා තියෙන්නේ මොන වගේ අය නිසාද කියල ඔයාලට තේරුම් ගන්න පුළුවන් . :p
කොහොම මොනවා දා ගත්තත් Formula එක , ක්‍රමය ඉගෙන ගන්නේ නැතිව කිසිම වැඩක් නම් කරන්න බැහැ . ;)

ඉතින් මම කියන්නේ ඔයාලත් වින්ඩෝස් වලට පුරුදු උන කෙනෙක් නම් මේ සයිබර් ආරක්ෂාව , හැකිං කියල වචන වලට වහල් වෙලා එක පාරම BackTrack දා ගන්න හදන්න එපා.  ubuntu , fedora , Hanthana Linux වගේ OS එකකින් මුලින් linux Command වලට පුරුදු වෙන්න .

මම මේ පොස්ටුවෙන් BackTrack Linux ගැන අඩු තක්සේරුවක් කරන්න බලාපොරොත්තු උනා නෙමෙයි . ඒ ගැන හරි වැටහීමක් ලාවට දෙන්නයි ලිවේ .

මේ ඊයේ පෙරේද වෙද්දී , BackTrack 5 r3 සංස්කරණයත් නිකුත් උනා ,

මුණුපොතේ OMG Linux කියන ගෘප් එක මේ ලිනක්ස් භාවිතා කරන අයට ගොඩක් වැදගත් වෙයි .


ඒ වගේම ඔයාලටත් හිතේ තියෙන දේ කොමෙන්ටුවකින් කියල යන්න වෙලාවක් තිබුනා නම් බොහොමත්ම ස්තුති වන්ත වෙනවා


Share this article :

29 comments :

  1. නියමයි මචං... ටිකක් දන්න වුන්ට සිරාවටම තේරුම් ගන්න උඹේ පෝස්ට් හැමදාම වැදගත් මචං. මොකද ගොඩක් වුන් කියලා දෙන්නේ බාගයයි. එක්කො කියලා දෙන එකා දන්නෙ බාගයයි. ජය...! (අර හැකිං රහස එළි කරන්නද?)

    ReplyDelete
  2. එලම එල .. ඵට්ටයි ඇ .. ගොඩක් වටිනවා

    ReplyDelete
  3. @Pradeep aiya - සිරාවටම ස්තුති කොමෙන්ටුවට , (හැබැයි ඉතින් පිළිගන වෙනවා ඔයාගේ බ්ලොග් පොස්ට් තරම් නම් වටින්නේ නැති බව මේවා )
    කොයි රහස :ඔ :ඔ :ඔ

    ReplyDelete
  4. :P අවසාන ටිකට එක :ඩ්

    ReplyDelete
  5. @සුදු මහත්තයා : බොලා නම් භාගයක් කියෙවවනේ , මගේ වදේටම :D

    ReplyDelete
  6. @මඩිස්සලේ නිශාන් : බොහොම ස්තුති නිශාන් අයියේ

    ReplyDelete
  7. හැකිං කියන එකනං දැං අහලා අහලම අප්පිරිය වෙලා..
    ලංකාවෙද කොයිද හැකර්ලා හැකරිලා වැඩිම..
    බලන්න ලංකාවේ තාක්ෂනේ කොච්චර දියුනුද කියලා..

    ReplyDelete
  8. @තරිය අබේ : සාමාන්යෙන් අන්තර්ජාලයට ලංකාවේ අය වැඩියම පිවිසුනේ මෑතකදී , පැහැදිලිවම ගත්ත්තොත් අපේ අයට අනිත් අයට වඩා අන්තර්ජාලේ හිටිය කාලේ අඩුයි , ඉතින් එකේදී වෙනස් වෙනස් දෙයක් දැනගැනීමේ ආශාවේ සම්භාවිතාව වැඩි වෙනවා . හැබැයි ඉන්න රට අව තක්සේරු කරලා කතා කරන එක නෙමෙයි පිළියම එකට . මම කියන්නේ නැහැ අපේ රටේ ඉන්න්නවා මහා විසාල ගණනින් හරියටම මේ වචනේ තේරුම , වෙන්නේ මොනවද කියල දන්නා අය කියල , වැඩි හරියක් ඉන්නේ ෆේස්බුක් එක නිසා හැකිං වලට සම්බන්ද උන අනේ , ඉතින් වැඩි හරියක් දන්නේ Keylogging , stealing , Phishing , reverting වගේ වැඩ විතරයි ,ඉතින් මම නැවත කියන්නේ අපි අපෙ අයට තව කාලේ දෙන්න ඕනේ එයාලව අව තක්සේරුවට ලක් කරන්න කලින් , මොකද එහෙම අය නැතිව නෙමෙයිනේ . ඒ අයටත් කිසි සම්පතක් ලැබෙන්නේ නැහැනේ , මොකද මුදල් දෙනවා කියලද පෙන්-ටෙස්ට් එකක් කරා කියල වෙන රටවල වගේ , :)

    ReplyDelete
  9. 'ඒ ගැන හරි වැටහීමක් ලාවට දෙන්නයි ලිවේ' , හරි වැටහීමක් නෙවෙයි, මම නම් දැන ගත්තෙත් අද ඕන්.. නොදන්න ඒවා දැනගන්න පුළුවන් තැනක්.. හැමදාම වගේ තැන්කූ කියලා දුන්නට....

    ReplyDelete
  10. නියමයි, මම අද මෙහෙ ආවේ. දැන් නම් දිගටම එනවා. මොකක් කරන්නත් කලින් ඉස්සරලා මේ හැමදේකම බේස් එක අල්ලගන්න වෙනවා. එහෙම නැතුව හැක් කරන්න කියලා ලිනක්ස් දානවානම් වින්ඩෝස් වල ඉඳන් හැක් කරන උන් හිනාවෙයි *කෙන්.

    ReplyDelete
  11. @Alexander Cage : බොහොම ස්තුති කොමෙන්ටුවට , දිගටම එන්න , ඒ වගේම ලියන්න ඕනේ දේවල් ටිකක් suggest කරනවා නම වටිනවා, Xander <-- පට්ට නම :ඩි

    ReplyDelete
  12. ඇතටම මේ BackTrack කියන එක download කරන්නේ කොහොමද පොඩ්ඩක් කියනවද?

    ReplyDelete
    Replies
    1. www.backtrack-linux.org ව;ඕන ගන්න පුල්වුං නොමිලයේ

      Delete
  13. KDE එක ගින්දර ඈ......

    ReplyDelete
    Replies
    1. මට නම් වෙනසක් කියන්න දෙයක් නැහැ :)

      Delete
  14. backtrack වල dependency ඔක්කොම වගේ එනවා ඒකයි setup එක GB 3 වෙන්නේ . උබුන්ටු වල dependency ටික එන්නේ නැහැ උදාහරණයක් විදියට WIFI crack කරන්න උබුන්ටු වල aircrack-ng දාන්න ඕන payithon දාන්න ඕන ඔයවගේ තව 4ක් 5ක් දාන්න ඕන . backtrack වල ඔය ඔක්කොම default එනවා . මාත් backtrack download කරන්න කම්මැලි කමට උබුන්ටු වලට dependency ටික දාගෙන තමයි fern wifi cracker දාගත්තේ .

    ReplyDelete
    Replies
    1. ඒ බව පොස්ටුවේ සදහන කරලා තියෙනවා මම හිතන්නේ :),
      ස්තුති කොමෙන්ටුවට

      Delete
  15. backtrack ඉන්ස්ටෝල් කරගන්න මර ගේමක් දුන්නා. මුලින්ම පනදාගෙන download කරල තිබුනේ vmplayer එකට හරියන version එක. ඉතින් vmplayer එකත් install කරගෙන වැඩේ පටන් ගත්තාම දෙයියනේ කියලා com එකම හිරවුනා. ඉතින් ආයෙ පාරක් backtrack iso එක download කරගෙන තමා දා ගත්තෙ. backtrack නිසා 7gb විතර ඉවරඋනා. දැන්නම් backtrack වචනෙ ඇහුනාමත් වමනෙට එනවා. :P

    ReplyDelete
    Replies
    1. හොදම වැඩේ තමයි එකට වෙනම 5 GB විතර පාර්ටිෂන් එකක් දාල එකේ වැඩ කරන එක , කිසි අවුලක් නැහැනේ , :)
      වැරදීම් වෙන්න වෙන්න හොදයි හැබැයි නේද

      Delete
  16. අනේ මචන් උබෙන් ලොකු උදවුවක් ඕනි
    backtrack 5 වලින් wifi hack කරන්න try කළා
    එත් මගේ wifi adapter එක backtrack වලට ගන්නේ නෑනේ බන්
    මුලින් try කලේ Laptop එකේ integrated Wifi card එකෙන්
    එක backtrack වලට ගත්තේ නෑ
    පස්සේ මම වෙනම TP Link wifi adapter එකක් සල්ලි දීල අරගෙන try කළා
    එක ගන්නෙත් නෑ
    backtrack වල drivers install කරන්නේ කොහොමද බන් ??

    ReplyDelete
  17. පස්ට පෝස්ට් එක.සිරා

    ReplyDelete
  18. hodai machan but,mata tikak pahadili madi/.

    ReplyDelete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  20. Samsung j2 ekata kohomada kali linux install karannee

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති