Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Showing posts with label ක්රිප්ටෝග්‍රෆි. Show all posts
Showing posts with label ක්රිප්ටෝග්‍රෆි. Show all posts

Digital Stenography - රහස් තොරතුරු සැගවීම

Nov 18, 2012 | 17 comments


කියවපු අයට නම් මතක ඇති මම කලින් ලිව ස්ටේනොග්‍රෆි ගැන ඒ කිවේ දත්ත සැගවිමේ කලාව ගැන .
කියෙව්වේ නැත්තම්
රහස් ලේඛන කලාව හෙවත් Art of Steganography

උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_
- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -
රහස් ලේඛන කලාව - Art of stenography
පොස්ටුව කියවලාම එන්න .

ඉතින් ඒ විදියට එක එක ක්‍රම තියෙනවනේ දත්ත සැගවීමට . මම කතා කරන්න යන්නේ නම් Digital Stenography  ගැනයි. ඒ කියන්නේ පරිඝනකය භාවිතා කරලා දත්ත සැගවීම කරන්නේ කොහොමද කියන එක .

දන්නා කස්ටිය ක්රිප්ටර් වගේ එව්වා එක්ක මේක පටලවා ගන්න එපා.එක වෙනම එකක් . 

මුලින්ම බලමු කොහොමද පින්තුරයක් අස්සේ අපිට උවමනා ලියුමක් වගේ දෙයක් හංගන්නේ කියල .


එකක් තමයි අපිට හංගන්න උවමනා ලියුම Notepad එක ඕපන් කරගෙන එකේ ලියල . අපේ පිටතට පෙන්න ඕනේ Image File එකට එකතු කරන එක .

  • උදා
  • : පින්තුරේ නම  :img.jpg  
  • හංගන්න උවමනා වචන : Sample Text Hide for Stenography 
  • මේ "Sample Text Hide for Stenography" සේව් කරගත්ත Text Document එකේ නම : hide.txt

කරන තියෙන්නේ සුළු දෙයයි . අපි හිතමු D:/hide කියන ෆෝල්ඩරේ සේව් කරගත්ත කියල මේ ඉහත ෆයිල් දෙකම (img.jpg , hide.txt)
අපේ කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරලා Path එක තෝරාගෙන .




D:\hide> copy /b img.jpg + hide.txt output.jpg


කියල දෙන්නයි. මේකේ
Copy /b - කියන්නේ කමාන්ඩ් එක
img.jpg - අපේ ඉමේජ් එක
hide.txt - අපේ ටෙක්ස්ට් එක
output.jpg - රහස් ලියුම ඇතුලත් ඉමේජ් එක



දැන් ෆෝල්ඩර් එකේ output නමින් ඉමේජ් එකක් හැදිලා ඇති . අර හංගපු වචන ටික බලන්න නම් image එක notepad එක මාර්ගයෙන් විවුර්ත කරගෙන අවසානයේම බලන්න .




ඔය වගේම මේ වැඩේ ලේසියෙන්ම කරගන්න මෘදුකාංගයක් තියෙනවා QuickStegno කියල . ඒ ගැන නම් වැඩි විස්තරයක් කියන්නේ නැහැ . වෙබ් අඩවියට ගිහින්ම බලන්න

Visit QuickStegno : වෙබ් අඩවිය


අපි කරේ ටෙක්ස්ට් එකක් හංගන එක විතරනේ , ඕනෙම ෆයිල් එකක් හංගන්න නම් එත් කරන්න තියෙන්නේ , අපිට හංගන්න උවමනා ෆයිල්ස් සේරම එක ෆෝල්ඩර් එකක ඇතුලට දාල එක WINRAR වලින් Compress කරන එකයි .
කලින් වගේම ඕනේ ඉමේජ් එකත් ඒ ෆෝල්ඩර් එක තුලට දාගෙන

D:\hide> copy /b img.jpg + hidefiles.rar output.jpg

විදියට දෙන එකයි . මේක ඕපන් කරගන්න නම් එක්කෝ අපේ ඉමේජ් ෆයිල් එකේ එක්ස්ටෙන්ෂන් එක .RAR විදියට හරවාගෙන ඕපන් කරන්න ඕනේ නැත්තම් ඉමේජ් එක WinRar මගින් ඕපන් කරගන්න ඕනේ .

ඉතින් මේ දේ කරන්නත් මෘදුකාංග භාවිතය කරන්න පුළුවන් .

OpenPuff -Download වෙබ් අඩවිය

ඉලගට් තව එකක් තමයි Hide Me කියන්නේ මේකේ නම් විශේෂත්වේ අපේ කෙනෙක්ගේ ගේ දෙයක් නිසා .


ලස්සන Friendly User Interface එකක් තියෙන නිසා වගේම ඉමේජ් එක WinRAR වලින් ඕපන් කරත් නොපෙන්නන නිසා ආරක්ෂාවත් හොදයි .

වෙබ් පිටුව :Download වෙබ් අඩවිය
Facebook Page : https://www.facebook.com/djsofts.hideme 


මේ වගේ එක එක ක්‍රම වලින් හංගන ක්‍රම ,මෘදුකාංග බිහි වෙද්දී මම  ඊළගට Cryptography - Art of Reading Stenography ක්‍රම ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා . සගවලා තියෙන දත්ත හදුනා ගැනීම , ඒවා කියවීම යන මාතෘකා යටතේ .

ආ තව ටිකෙන් අමතාක වෙනවා . ඔය උඩ කිව ක්‍රම ඉමේජ් එකත් එක්ක සම්බන්ද ඒවා නිසා . මොනවා හරි හංගපු ෆයිල් එක වැරදිලා හරි Rotate කොරොත් සොරි තමයි හොදේ , හැම දෙයක්ම නැති වෙනවා . 

 
ලාව හෙවත් Art of Steganography

උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_
- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -
රහස් ලේඛන කලාව හෙවත් Art of Steganography

උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_
- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -
Continue Reading

ඔයාගේ WiFi Connection එකත් හැක් වෙලාද ?

Oct 31, 2012 | 13 comments



මේ දවස් වල වැඩියම අහන්න , දකින්න ලැබෙන කතාවක්නේ කොහොමද WiFI හැක් කරන්නේ ? කියල .
ඉතින් WiFi Connection එකක් තියෙන අයට ටිකක් හාර්ට් Attack සිද්දියක් තමයි ඕක කියලා මට හිතුන .
සාමාන්‍ය පරිඝනක භාවිතා කරන්නෙක් උනත් දැන් තියෙන බොහොමයක් මෘදුකාංග යොදාගෙන කොහොමෙන් හරි අල්ලපු එකාගේ WiFi Connection එකට රිංගනවා .

ඉතින් හැමෝටම ඕනේ ආරක්ෂා වෙනන්නනේ .හැබැයි කලින් කියල තියෙඅන්ව වගේ සම්පුර්ණ ආරක්ෂාව කියන කතාව නම් සම්පුර්ණ බොරුවක් . කොහොම Security දැනමත් Wifi වල තියෙන Vulnerability භාවිතයෙන් අපේ කොනේක්සන් එල සලන් වෙන්න පුළුවන් .
ඉතින් අඩුම තරමේ අපි හැක් වෙලාද ? , කවුද භාවිතා කරන්නේ කියලවත් හොයා ගන්න තියෙනවා නම් එකත් හොදයිනේ .
සාමාන්යෙන් මම මේ වගේ පොස්ටුවක් නම් ලියන්නේ නැහැ . මොකද මේකත් නිකම් ෂෙයරින් බ්ලොග් එකක් වගේ වෙන නිසා. එත් මේක වැදගත් නිසාත් මම කලින් පොස්ටුවේ කිව වගේ මම ටික කාලෙකට මගේ අදහස් ලියන එක නවත්තනවා කිව අදහසත් නිසා මේ පොස්ටුව ලියනවා .

අපිට මේකෙදි ඕනේ වෙන්නේ මෘදුකාංගයක් . නම ඇවිත් Wireless Network Watcher

Download කරගන්න >
.
මේසොෆ්ට්වෙයා එක රන් කරාම 
IP Address : සම්බන්ද වෙලා තියෙන Device එකේ IP ලිපියන
Device Name : සම්බන්ද වෙලා තියෙන Device එකේ නම (බොහෝ දුරට අනිත්‍ කෙනාගේ නම වගේ )
Mac Address: Mac address එක
Network adapter company:  නෙට්වර්ක් කම්පැනි එක  (e.g:Intel)
Device Information: ඔයාගේ රවුටර් එක සහ ඒදත්ත

ඊට අමතරව තවත් විස්තර පෙන්නනවා . ඉතින් ඔයාගේ කනෙක්ෂන් එකක් කෙල වෙලා නම් WPA or WPA2 for encryption වලින් කනෙක්ෂන් එක හදා ගන්න උත්සහ කරන්න අලුත් මුර පදයකුත් එක්ක .
ඒ සම්බන්දව වෙනම ලියන්නම් එහෙමත් නැති නම් . :)

සුබ දවසක් !


Continue Reading

රහස් ලේඛන කලාව හෙවත් Art of Steganography

Sep 2, 2012 | 22 comments


දන්නා නොදන්නා බොහොමයක් දෙනා කැමති මාතෘකාවක් තමයි අද නම් කතා කරන්නේ ,
Stenography (Steganography) එහෙමත් නැති නම් රහස්‍ය ලේඛන කලාව ගැන ,

මොකක්ද මේ Stenography  කියන්නේ

සරලව කියනවා නම් Stenography  කියන්නේ කලාවක් , ක්‍රමයක් අපිට යම් කිසි පණිවිඩයක් හංගන්න පුළුවන් ,

Cryptography (රහස් ලේඛන අධ්‍යන කලාව ) ගැන මීලග පොස්ටුවෙන්

කලින් දාපු මේ පොස්ට් එක බලන්න :

වචන අස්සෙ වච්න හන්ගලා මෙසෙජ් යවන්න - Word Encoding

ස්ටේනෝග්‍රැෆි කියන මේ වචනය හැදිලා තියෙන්නේ ග්‍රීක් වචන දෙකක එකතුවක් උඩ , ඒ කියන්නේ "steganos" ඒ කියනේ ඉංග්‍රීසියෙන් නම් "Covered" (සැගවූ , වැසූ ) සහ " graphein " එනම් ලේඛන කියන වචන දෙක එකතුවෙන්

නමෙන් කියනවා වගේම සැගවූ ලේඛන කලාව ඇත අතීතයේ ඉදලම ගොඩක් තැන් වලදී උපයෝගී කරගෙන තිය්වන්ව . ඒ වෙද්දී Physical Stenography කියල හදුන්වලා තිබ්බ මේ කලාව

  • අකුරු නොපෙනෙන්න ලිවිම ,
  • Micro Dots මගින් ලිවිම වගේ ,
  • වචන පේලිය හැර පේලිය ලිවිම ,
  • යට සිට උඩ දිශාවට ලිවිම ,
  • මුද්දරය යටින් ලිවිම , 
වගේ  දේවල් භාවිතා කරලා තියෙනවා , (ෂර්ලොක් හෝම්ස් වගේ කතා කියවන අයට නැට්ටුවන්ගේ පෙරහැර වගේ කතා මතක වෙනවා ඇති )

වර්තමානයේ Digital Stenography (ඩිජිටල් ස්ටේනෝ ග්‍රැෆි ) කියල හදුන්වන මේ කලාව තව තවත් අලුත් වෙලා තියෙනවා .
  • අපිට අවශ්‍ය පණිවිඩය පින්තුරයක් තුල සිනිදුවට ලිවිම ,
  • වෙනත් දත්ත ගොඩක රහස් පණිවිඩය ලිවිම ,
  • සාමාන්‍ය වීඩියෝ එකක් තුල Back Ground එකේ පණිවිඩය ලිවිම ,
වගේ ක්‍රම වලින් දියුණු වෙලා තියෙනවා .

එ වගේම Network Stenography
කියන එකත් මැතක ඉදල ජනප්‍රිය උනු එකක් , මේක නම් භාවිතා කරන්නේ Telecommunication Network වලදී ,
  1. VOIP Calls (Voice Over IP)  වලදී රහස් පණිවිඩ යැවීම /
  2. WLAN Stenography

වගේ දේවල් ඇතුලත් වෙනවා .

Printed Stenography

මුද්‍රිත මාධ්‍යක ලේඛනය කිරීම තමයි මේ නමින් හදුන්වන්නෙ, කලින් මේක ciperText ඒ කියනේ කලින් Encrypt කරලා වගේ තියෙනවා , සරලව කියනවා නම් , මුද්‍රිත කඩදාසියක් නම්
එකේ තීන්ත වර්ගය , ෆොන්ට් එකේ වෙනස් කම්, ෆොන්ට් එකේ ප්‍රමාණය , වගේ නොයෙකුත් ක්‍රම වලින් Printed Stenography කලාව සිදු වෙනවා.

 Sudoku puzzles


සුදොකු පසල් හැමෝම පොඩි කාලේ ස්කොලේ ඩෙස්ක් වලත් ඇද ඇද සෙල්ලම් කරලා ඇති ,
එත් මේ සෙල්ලමම Stenography වලටත් භාවිතා කරන්න ඔයාලට හිතිලා නැතුව ඇති .

සාමාන්‍ය සොදොකු එකක් විසදන්න ක්යතුරු

6.71×1021    කියල හැදින්වෙනවා .
ඉති න් මේ වගේ ක්‍රම ගොඩකින් එකම එක ක්‍රමයක්

පමණක් අපේ රහස්‍ය ලේඛනයට යතුර වෙද්දී දන්නා 

කෙනාට හැරෙන්න වෙනත් අයට හොයා ගණන
කොච්චර අපහසුද කියල හිතා ගන්න පුළුවන්නේ


Digital Text


බොහෝ දුරට මේවා නම් පෙන්නේ සාමාන්‍ය ASCII කෝඩ් එකක් වගේ Unicode භාවිතයෙන් ටයිප් කරලා තියෙනකොට .

ඉතින් සාමාන්‍ය කෙනෙක්ට පෙන්නේ මොනවා හරි යුනිකෝඩ් භාවිතයෙන් ලියල වගේ , එත් බොහොමයක් පරිඝනක වල ෆොන්ට් වල ප්‍රශ්න නිසා
අපේ රහස් පණිවිඩයත් එලි වෙලා තමයි මේ ක්‍රමයේදී නම් පෙන්නේ .


ස්ටේනොග්‍රෆි ක්‍රම සහ ඒවා කරන මෘදුකාංග භාවිතය , 

Cryptography ගැන , සහ භාවිතය ගැන  ඉදිරි පොස්ටු වලින් ලියන්න
බලා පොරොත්තු වෙනවා .

ඒ වගේම අදහසක් පල කරලා ගියා නම් තවත් ස්තුති වන්ත වෙනවා :)



Continue Reading