Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , , » ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් කියවන්න - 1 කොටස

ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් කියවන්න - 1 කොටස

Oct 15, 2012 | 19 comments


ආයුබෝවන් හැමෝටම ,අදත් කාලෙකින් විතර නැතිව අනිත් පොස්ටුව දාල දවස් දෙක තුනකින්ම එකක් ලියන්න හිතුන ගොඩක් අයට බහුලවම තියෙන ප්‍රශ්නක් නිසාම . කලින් පොස්ටු වගේම මේකත් ටිකක් අදාළ වෙන්නේ පරිඝනක අපරාද කාරයෝ එහෙමත් නැතිනම් හැකර්ලගේ බඩේ පහර වදින ලේබලයකට තමයි .

මේ දවස් වල පැතිරිලා යන වයිරස ජාති නිසාම ගොඩක් අය තම තාමගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න දැන් දැන් පුරුදු වෙලා තියනව. අද ලියන්නේ ඒ සැලකිලිමත් අයට තවත් අමතර විස්තර කීපයක් .

(මේ වෙද්දී ගුගල් මිත්‍ර පිරිස 50 වෙලා නිසා පොඩි ස්තුති කතාවක් දාන්න ගියේ ඒක වෙනම පොස්ට් එකක් උනා අන්තිමට , ඒ නිසා පස්සෙම 50 වෙනි පොස්ටුවේදී දානවා කියල ඒ ටික අයින් කරා . මොකද ඉතින් හිට්ස් / මිත්‍ර පිරිස / කොමෙන්ට් කියන්නේ බ්ලොග් ලියන කෙනෙක්ට ඇත්තම හයියක්නේ )
ඕක කියද්දීම මතක් උනේ අලුත් හරි පරණ හරි මොකක් හරි බ්ලොග් ලියන කෙනෙක්ට නම් වැදගත් වෙන පොස්ටුවක් හිරු හිමා දාල තිබ්බ --> මෙතනින්

හරි නැවත මාතෘකාවට , වයිරස් කීවට ඇත්තටම ට්‍රෝජන් හෝ(ර්)ස්‌ නේ කරදර සිද්ද කරන්නේ අපිට . ඕවගේ ඒක ඒක විස්තර තියෙනවා වර්ගීකරණ අනුව ඒක බලන්න පරිඝනක වයිරස වර්ගීකරණය ගිහින් බලන්න පුළුවන්

හැබැයි මුලින්ම ආරක්ෂා වෙන්න කලින් මේව මොනවද , මොනවද මේවගෙන් වෙන්නේ කියල දැනගෙන ඉන්න ඒක හොද නිසා
මොනවද මේ ට්‍රෝජන් වර්ග කියල බලමු

Software Detection Killers(Botkillers/ AV killers)
කලින් පොස්ටුවක මම මේ ගැන කිව මතකයි . සොෆ්ට්වෙයා ඩිටෙක්ෂන් කිලර් එහෙමත් නැති නම් බොට්  කිලර්ස් වලින් කරන්නේ මේ ට්‍රෝජන් / මැල්වෙයා හොයා ගන්න ඔයාගේ පරිඝනකයේ ඉන්ස්ටෝල් (install) කරලා තියෙන වයිරස් ගාර්ඩ් (AV - Anti Virus) , වගේ මෘදුකාංග අයින් කරන එකයි (remove / uninstall / disable)


Remote Access Trojans(RAT's)

හැකිං උණ වැළදිලා තියෙන අයට  මුල් කාලේ එන අසනීපයක් තමයි ඕක , මීයෙක් යවන ඒක ;) මේක ඇවිත් සාමාන්යෙන් Team Viewer / හරි ඔයාල මෙහෙයුම් පද්දතියේ තියෙන රිමෝට් ඇක්සස් (remote access) යන ඒවා භාවිතා කරනවා වගේ වැඩක් , හැබැයි ඒක කරන්නේ ඔයාට දැනෙන්නේ නැති වෙන්න . වැඩි විස්තර වෙනම පොස්ටුවකින්

Proxy/ Wingate Trojans


මේ ප්‍රොක්සි / වින්ගේට් ට්‍රෝජන් වලින් ඔයාගේ පරිඝනකය අනිත් කෙනාගේ ප්‍රොක්සි එකක් විදියට භාවිතා කරන්න හැකියාවක් තියෙනවා ,

Keyloggers

මේකත් ගොඩක් ප්‍රසිද්දයිනේ , ඒ නිසා වැඩිය ලියන්නේ නැහැ , ඔයා ටයිප් කරන හැම කී එකක්ම අනිත් කෙනාගේ අතට පත් වෙන එක තමයි මේකෙන් කරන්නේ
කී-ලොගර් එකක් හැක් කරා මතක ඇතිනේ අපි කලින් , නැත්තං මේකට ගිහින් බලන්න

කී-ලොගර් හැකිං හෙවත් හැකර්ව හැක් කිරීම - Reverting


Destructive trojan


හැටියටම ට්‍රෝජන් එකක් කියන්න බැරි වයිරස් එකක් විදියටට්යි මේක වැඩ කරන්නේ . නමේ හැටියටම ඔයාගේ පරිඝනකේ තියෙන ෆයිල් ඩිලීට් කරන එකයි මේකෙන් කරන්නේ

Denial Of Service(DoS) Attack Trojans

ඩෙනියල් ඔෆ් සර්විස් ගැන මම වෙනම ලියන්නම් , මේකෙන් කරන්නේ ඔයාගේ පරිඝනකය තවත් කෙනෙක්ට Attack කරන්න පුළුවන් විදියට භාවිතා කරන එකයි

FTP (File Transfer Protocol) Trojan

මේකට නම් මම ආසයි :p , ඔයාගේ පරිඝනකයේ පොර්ට්ස් තියෙනවනේ , දන්නේ නැතිනම් ඒවා හරියට ගෙදරකට යන්න තියෙන දොරවල් වගේ , ඒක ඒක දොරින් විවුර්ත වෙන්නේ ඒක ඒක තැන් . ඉතින් අපේ පරිඝනකයේ පොර්ට් 21 කියන්නේ FTP - ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්රෝටෝකොල් ඒක ඕපන් කරන ඒක  . පරිඝනකයේ දත්ත සමග සම්බන්ද වෙන්න පුලවන් .

Password Sending Trojan / Stealers


පාස්වර්ඩ් සෙන්ඩින් ට්‍රෝජන් වලින් ඔයාගේ පරිඝනකයේ තියෙන හැම වර්ගයේම පාස්වාඩ් අනිත් කෙනාගේ අතට ලැබෙන්න සලස්වනවා ඔයාගේ IM වල (MSN , Skype , IRC , Facebook Desktop Chat ) වගේම ,
FTP , HTTP  හැම දෙයකම ඒවා නොදනුවත්මව අනිත් කෙනාගේ අතට යන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ

මල කෙලියයි . දැන් මේක ලියල ඉවර වෙද්දී වෙනම පොස්ට් එකක් වගේ . වැඩිය ලියන්න ගියොත් කියවන කෙනාට කම්මැලි වෙයිද දන්නේ නැහැනේ ඒ නිසා මම මේ පොස්ට් ඒක කොටස් 3 කට කඩන්න හිතුවේ.ඔන්න එහෙනම් මේක පලවෙනි කොටස කියල නම් කරා.
මේ එක්කම අනිත් පොස්ට් දෙකත් පල කරන්න උත්සහ කරනවා .

පසු සටහන :
දිනය - 2012 . 10 . 15

මෙහි දක්වා තියෙන්නේ මේ වනතුරු පිළිගත ගත හැකි මට්ටමෙන් අන්තර්ජාතිකව  නම් කරලා තියෙන ට්‍රෝජන් වර්ග . කාලයත් සමග මේවා අලුත් විය හැකිය

දෙවැනි කොටස : ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් කියවන්න - 2 කොටස 
Share this article :

19 comments :

  1. නියමයි මචෝ .....

    ReplyDelete
  2. Keyloggers

    හුටා ආයෙම බඩේ පාර ගැහුවා නේද ... එල එල .. ඒ අනික් කොටස දාන්නකෝ ඉක්මනට .. තව මට මේල් එකක් දාන්න sudumahaththayasm@gmail.com

    ReplyDelete
    Replies
    1. සුදු මහත්තය ඉන්නවා දකින්නත් ආසයි :D
      මම මේල් එකක් දාන්නම් , ඔන්ලයින් ඉඩහන් , යන්නේ නැතිව එහෙ මෙහෙ

      Delete
  3. මම නම් මේ තරා ගිහින් ඉන්න ගමන් ආවේ මේ පැත්තේ.. :/
    මුලින්ම ජය වේවා 50 දෙනාට.. ඉක්මනටම 100 කරමු මේක.. <3 මේකෙ 3 වෙනි කොටස කියවන්න වෙනවා.. ක්මෙන්ට් එක දාන්න.. මාතෘකාව ආරක්ෂා වෙන හැටිනේ.. :D

    ReplyDelete
    Replies
    1. හපුච්චියේ තරහ ගිහින් අන්තර්ජ්කාලේ සැරිසරන්න හොද නෑ :P

      Delete
  4. එලකිරි ඈ....
    ජයවේවා!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා , ඉතිරි කොටස් දෙක කියවන්නත් එන්න :)

      Delete
  5. Destructive trojan
    කියන්නේ මහසෝනා වගේ වයිරස් වලටද?

    අපරාදේ ලිපිය කෙටි කරේ තව දිගට ලියන්න තිබ්බනේ.

    ReplyDelete
    Replies
    1. මෙලිස්ස වර්ගයේ නේද මහාසෝනා , එව්වා එකක් තමයි , කොමෙයි රහ එකේ ? :D
      මමත් මදි නොකියන්න ඔක්කම නැති ඔක්රගත්ත ඒක පාරක් :D

      Delete
  6. හොඳ ලිපියක්..මම හිතනවා තව විස්තර දුන්නනම් හොඳයි කියල මේ ගැන..පුලුවන්නම් Remote Access Trojans(RAT's) පිළිබඳව ඉක්මනින් ලියන්න..දන්නා දේ කියාදීම ගොඩක් වටිනවා..බොහොම ස්තුතියි සහෝ :

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න අක්කේ අඩු පාඩු ගැන , මගේ මුලික අදහස උනේ මැල්වෙයා අයින් කරගන්න හැටි ලියන්න නිසා මුලින් මේක ලිවේ , අන්තිමේදී මේක වෙනම කොටසක් කරන්න සිද්ද උනා , එකයි ගොඩක් පැහැදිලි කිරීමක් වෙලා නැත්තේ ,
      RATs ගැන ලියන්නම් කීවට ලියන්න දේකුත් නැහැ , එකක් සෙට් අප් කරගන්න හැටි දානවා හැරෙන්න , එකක් දාන්න නම් දැනට අදහසක් නැහැ :)අයෙත් එන්න :)

      Delete
  7. Replies
    1. දෙවැනි එකත් පොස්ට් කොර‍ා , අනිත්ම එකත් බලන්න එන්න කෝරලේ මහත්තහ්යෝ :)

      Delete
  8. මචෝ......... නියම වැඩේ බන්.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.නියමයි බන්.. මචෝ..පොඩි පුරස්නයක් තියෙනවා . keyloger එකෙන් bind කරපු සර්ව එකත් වයිරස් ගාඩ් එකෙන් අල්ලනවානේ.. run වෙන්න දෙන්නෙම නෑ.. පිලියමක් කියපන්කො.. ජය පතනවා කොල්ලට...

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනේ පරක්කු උනාට , මම මේ දවස් වල වැඩිය ඔන්ලයින් රැදෙන්නේ නැහැ වැඩිය එකයි ,
      Stub එකක් FUD(Fully Undetectable) කරන්න බොහෝ දුරට භාවිතා කරන්නේ Crypters කියන ඒවා , වයිරස් සිග්නේචර් එක වෙනස් කරන්න පුළුවන් නම් වයිරස් ගාර්ඩ් වලට අහු නොවෙන්න හදන්න පුළුවන් , Hex Editor එකකිනුත් මේ වැඩේ කරන්න පුළුවන් මචං ,

      Delete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති