මේ දවස් වල සීග්‍රයෙන් පැතිරිලා යන දෙයක්නේ ස්කයිප් වයිරසය (වෝ(ර්)ම්) . මම දැනුවත් උනෙත් තවත් බ්ලොග් එකක තිබිල
මධුරංග ගේ බ්ලොග් සටහනෙන් . ඒ නිසා මම හිතුව කොහොමද මේ Skype Worm ඒකෙන් අපේ පරිඝනයකය අසාධනය වෙලා නම් ආරක්ෂා කරගන්නේ කියල කියන්න .
- මොකක්ද මේ වයිරසයෙන් වෙන්නේ
මේ වයිරසය පැතිරී යන්න පටන් ගත්තේ නම් ගිය සිකුරාදා දින ඉදල වගේ. ස්කයිප් භාවිතා කරන්නන් බොහොමයකට ලින්ක් කෙටි කරන (Link Shorten) සේවාවක් වන ගුගල් ආයතනයෙන් දීලා තිබෙන
මගින් කෙටි ලද පණිවිඩ රාශියක් ලැබී තියෙනවා .
hey is this your skype profile pic ? *link*
hey, is this your new profile picture, *link
hey, cool profile picture, is this it *link
යන විදියේ ඒවා. මේ ලින්ක් එක ක්ලික් කර වහාම user ව Download එකක් සදහා ගෙන යනව වගේම ඔබේ පරිඝනකය Zip ෆයිල් එකක් යටතේ බුට් වෙන්න පටන් ගන්නවා .
මෙම ට්‍රෝජන් එක Worm.NgrBot යන මැල්වෙයා කාණ්ඩ යටතට ගන්නා අතර ඔබේ පරිඝනකයට විවිධ ආකාරයේ හානි පමුණුවන්න හැකියාවක් ලැබෙනවා
කියවන්න : http://nohikmunuasa.blogspot.com/2012/05/blog-post.html
කොහොමද මේක ඉවත් කරන්නේ
ඔයාගේ පරිඝණකයත් මේකෙන් අසාධනය වෙලාද කියල බලාගන්න සහ ඉවත් කරගන්න කරන්න තියෙන්නේ පොඩි වැඩක්.
Skype වල මෙනු බාර් ( Menu Bar) එකේ ටුල්ස් ( Tools ) යටතේ ඔප්ෂන් (Option) යන්න ක්ලික් කරන්න
දැන් මේ වගේ මෙනු එකක් එයි
මේකේ Advance වල Advance Settings යන්න ක්ලික් කරාම පින්තුරේ තියෙන විදියට යටින්ම ඇති
Manage Other Programs' Access to Skype
කියල එකත් ක්ලික් කරලම ඕපන් කරගත්තම තවත් වින්ඩෝ එකක් එයි මේ වගේ
මේ ආව වින්ඩෝ එකේ ඔයාට අදුර ගන්න බැරි ඇප්ලිකේෂන් එකක් සදහා අවසර දීලා තියෙනවා නම් Remove කරන්න .
හැමෝගෙම වගකීමක් මේ වයිරසය ව්‍යාප්ත වීමට නොදී ආරක්ෂා කරගැනීම . මොකද කෙනෙක්ගේ පරිඝනකයක් තවත් කෙනෙක් යටතේ තියෙනවා දකින්න අපි කාටවත් උවමනාවක් නැහැනේ .
හැමෝගෙම වගකීමක් මේ වයිරසය ව්‍යාප්ත වීමට නොදී ආරක්ෂා කරගැනීම . මොකද කෙනෙක්ගේ පරිඝනකයක් තවත් කෙනෙක් යටතේ තියෙනවා දකින්න අපි කාටවත් උවමනාවක් නැහැනේ .
හොදම යාලුවගෙන් ආවත් මේ වගේ නොදන්නා ලින්ක් මොකවත් ක්ලික් නොකර ඉන්න එක වැඩියම හොදයි නෙමෙයි කරන්නම එපා ;)
මේ වගේම තවත් Ransomeworm යනුවෙන් හදුන්මව Malware එකක් ව්‍යාප්ත උනා මෑතකදී , ඔයාගේ පරිඝනකය ලොක් කරන .ම්ම් .. හරියට කිවොත් තර්ජනයක් කරනවා අහවල් ගානක් ඔබ විසින් පැය 48 ක් තුල ගෙව්වේ නැත්තම් මේ Online Bank එකට ඔබේ පරිඝනකයේ සියලු දත්ත විනශ කරනවා කියල .
ඉතින් අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබේ ආරක්ෂාව ගැන මුලින් හිතල ඉන්න අලුත් දෙයක් ගැන දැනගන්න අයෙත් එන්න මේ පැත්තේ :)
එළනෙ.. මම වැඩි පාවිච්චියක් නැති නිසා අවුලක් නැතුව ඇති නෙහ්??.. කොමත් මම ස්කයිප් ගියාම ස්පෑම් වෙනවා :පී
ReplyDeleteජය වේවා!! <3
hahahahha ඔයාව ස්කෑම් වෙන්නේ :D
Deleteජය !
thanka you.....
ReplyDeleteබොහොම ස්තුති කොමෙන්ටුවට :)
Deleteඔන්න අපිත් මේ පැත්තේ ඇවිත් යන්න ආවා.... නියම ලිපියක්
ReplyDeleteබොහොමත්ම ස්තුති :)
Deleteපිලිගන්නවා නොහික්මුණු ඇසෙ සයිබර් අවකාශයට :) අයෙමත් එන්න
good letter thanks!!
ReplyDeleteස්තුති අදහසට :)
Deleteහොඳ ලිපියක්
ReplyDeleteවෙලාවට මේ දවස් වල මම ස්කයිප් භාවිතා කරන්නේ නැහැ.
එක නම් වැඩිය හොදා තමයි , මමත් වැඩිය යන්නේ නෑ මේ දවස් ටිකේ , Skype වල Secuirty bugs වැඩි මේ දවස් ටිකේම :/
Deleteවටිනා ලිපියක්
ReplyDeleteස්තුති රොබින් සහෝ අදහසට <3
DeleteThanku ayye. Godak prayojanawath.
ReplyDeleteසාධරයෙන් පිලිගන්නවා නොහික්මුණු ඇස පැත්තට නුවන් :)
Deleteබොහොම වැදගත් වෙන ලිපියක් දැනුවත් කලාට තුති.
ReplyDeleteස්තුති කෝරලේ මහත්තයෝ.. :)
Deleteහොඳ දැනුවත් කිරීමක් ඈ..
ReplyDelete:) , ස්තුති අදහසට :)
Deleteමල හත්තිලවුවයි ,, මගේ වයිරස් එක තියනවා... හම්මේ.. යන්තන් ඇති
ReplyDelete:O මල කෙලියයි :ඔ
Deleteමේ virus එකට මමත් මුහුන දුන්නා. ඉතා විශ්වාස වන්ත කෙනෙක්ගෙන් දෙයක් ලැබුනාම කව්ද ඒක බලන් නැතුව ඉන්නේ. නමුත් මගේ Gurde එකෙන් හදුනා ගත් නිසා ඒක මට ලොකු ගැටලුවක් උනේ නැහැ. හොද ලිපියක් යාලුවා. ආයේ මේ පැත්තේ ඇවිත් යන්නම්කො.
ReplyDeleteඅලුත් ලිපි තුන කියවන්න , එක ලීවෙම මේ වගේ ප්‍රශ්න නිසා , ඔබට ජය ! ! !
Delete