සමාජය වෙතින් සමාජය වෙතට සමාජය සමගින් | IMCD | Needy Readers
Jul 1, 2013 | 14 comments
වෙනද වගේම පිලිගන්නවා ආයුබෝවන් කියල :) ,
අද නම් ලියවෙන්නේ පරිඝනකය ආශ්‍රිත ලිපියක් නෙමෙයි , සමාජ සත්කාරයක් ගැන ලිපියක් . එහෙමයි කියල මග හරින්න නම් එපා කියවන එක . පොත් වලට ආදරේ කරන ඔබට , දැනුම බෙදා ගන්න කැමති ඔබට ඒ සම්බන්ද කාරණයක් තමයි කියන්න යන්නේ
සාමාන්යෙන් හැමෝම සලකන කාරණයක් තමයි "Knowledge is Free (දැනුම යන්න නොමිලයේ ලැබිය යුත්තක්)" කියන වග . ඉතින් අපේ දැනුම අඩංගු මුලිකම දේ තමයි මේ පොත් කියන්නේ .
"පොත් අපේ නෙත් වගේ" කියල දක්වන්නේත් එකමනේ .
බොහෝ දෙන මේ වන විට දන්නවා ඇති Needy Readers (Donate a Book , Light a Future සමාජ සත්කාරය ගැන . මේකෙන් වෙන්නේ ප්‍රධාන වශයෙන් අරමුණ කරගෙන සීමිත පොත් ගණනක් හෝ පුස්තකාලයක් නොමැති පාසල් තෝරාගෙන එම පාසල් වලට පොත් වලින් ආධාර කිරීමයි . මේ වන විටත් පොත් 10,000 කට වැඩිය ආධාර කරලා තියෙනවා .
මේ ව්‍යාපෘතිය IMCD එහෙමත් නැති නම් International Movement for Community Developing (සමාජ සංවර්ධනය උදෙසා ජ්‍යාතන්තර ව්‍යාපාරය කියන සංවිදානය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ .
ස්වෙච්චා සේවය සපයමින් මේකට දායක වෙන්නත් අපේම උසස් අධ්‍යාපනය හදාරන වගේම රැකියා නියුක්තිකයන් .
ඉතින් ඔබටත් පුළුවන් ඔබ කියවූ පොතක් මේකට පරිත්‍යාග කරමින් මේ වැඩේට දායක වෙන්න. ඔබට පොතින් ලැබුණු ඒ සුන්දර මොහොතවල් ඔවුන්ටත් ලබා දෙන්න ,
අධ්‍යාත්ම සංවර්ධනයේ සිට ජිවිතේ ගොඩක් දේවල් වලට ඉමහත් පිටුවහලක් වන්න පොතක් කියවන්න ඔවුන්ටත් උදව් කරන්න.
යන්න IMCD වෙබ් අඩවියට : http://www.imcds.org/
Needy Readers සත්කාරය : https://www.facebook.com/NeedyReaders?fref=ts
ඉතින් නැවතත් බොහෝ දිනයකින් හෝ නොබෝ දිනයකින් පොස්ටුවක් සමගින් හමුවන තෙක් ඔබට ජය !
Related Games
Labels:
2013 වර්ෂය
,
blog (බ්ලොග්)
Subscribe to:
Post Comments
(
Atom
)
හොද වැඩක් සුභ පතනවා!
ReplyDeleteApe Naadiyalage wadak :)
Delete:D (Y) උදව්වක් කරමු අපිත්
ReplyDeleteමේ ඉන්නේ දී කිරට සාක්කි දෙන්න අවිත්..
Deleteහැක්.. :P
Deleteado Naleen Aiya :v :D
Deleteහොඳ වැඩක් මලයා හැකි උදව්වක් කරන්නම් මාත්
ReplyDeletewadagath deyak wewi aniwaryenma , samawenna reply parakk unata naleen aiye , mage lap eka me dwas wala hoda thathweka naha ,
Deleteබොහොම ස්තුතියි මචං! අපිට දායකත්වය දෙන්න එකතු උනාට.. අපි එකතු වෙමු... ඒ මල් කැකුළු එළිය කරමු...
ReplyDeleteaniwaryenma :)
Deleteඅප්පච්චියේ පොත් නන තියනවා හෙන සෙට් එකක් මම මේ මල්ලිට කියවනන් දෙන්න කියල තියන් ඉන්නේ.. එකෙන් ටිකක් දෙන්න ඕනි.. මල්ලිටනන් අරන් දෙන්න බැරියෑ
ReplyDeleteuba dan dunnai poth ?
Deleteඔක්කොම POST ටික කියෙව්වා නියම බ්ලොග් එක් තව පොස්ට් බලාපොරොත්තු වෙනවා අද BLOG දැක්කෙ
ReplyDeleteබොහොම ස්තුති මේ පැත්තේ ආවට , මට Panchala ගේ බ්ලොග් එක නං හොයා ගන්න බැරි උනා ලින්ක් එක හරහා හැබැයි ඒ පැත්තෙත් එන්න . :)
Delete