Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , , » මුණුපොතේ හැකින් පලහිලව්ව | Facebook Hacker Cup 2013

මුණුපොතේ හැකින් පලහිලව්ව | Facebook Hacker Cup 2013

Jan 9, 2013 | 22 comments





 මේක දාන්න කියල හිටියට කලින් දාන්න අමතක උනානේ , දන්නෝ දනිති පරිදි අපේ මිත්‍ර සංගමේ සෙට් වෙන තැන ඒ කිවේ මුණුපොතේ ඒමත් නැත්තම් ( Facebook )  , වාර්ෂිකව සයිබර් ලෝකේ පොරවල් වලට තරගයක් තියෙනවා . Facebook Hacker Cup කියල හදුන්වන මෙයට ලොව පුරා  සිටින ඕනෙම පරිඝනක ක්‍රම ලේඛන භාෂා ගැන  දන්නා කෙනෙකුට ලියා පදිංචි වෙන්න පුළුවන් . 


2011 වර්ෂයේ ජයග්‍රාහකයා


ලොව පුරා සිටින හැකර් (Hackers / Programers ) ලගේ අභිමානය උදෙසා සටන් වදින භුමිය ලෙස නාමිකව හදුන්වන මේ තරගය මේ වර්ෂයේ ( 2013 වර්ෂයේ )  තරගය දැනටමත් ලියා පදිංචිය අරඹා ඉවරයි

 
ජයග්‍රාහක තෑගි :

තවම නම් Facebook මගින් මේ වර්ෂයේ තෑගි මුදල කියල නැහැ , 


එහෙත් ගිය අවුරුද්දේ

1th -- 5,000 USD
2th -- 2,000 USD
3th -- 1,000 USD
4th - 25th -- 100 USD
TOP 100 -- Free shirts!


ලෙසට තමයි නම්කරලා තිබ්බේ  .

මේ තරගයේ Online වට 3 ක් පැවැත්වෙන අතර , එයින් හොදම 25 දෙනා හට Facebook Head Office එකේ අවසාට වටයට මුණ දෙන්න සිද්ද වෙන්ව . ආ .. ගුවන් ටිකට් පත් සහ අතිරේක වියදම් නොමිලයේ ඒ එක්කම .


දැන් මේ අවුරුද්දේ දින දක්වලා තියෙනෙන් මේ විදියට 


ජනවාරි 7 - ජනවාරි 27-- සාමාජික වීම (Registration)
ජනවාරි 25 - ජනවාරි 27 -- Online Qualification Round (සුදුසුකම්)
පෙබරවාරි 2 -- Online Elimination Round 1 (තරග වට 1)
පෙබරවාරි 9 -- Online Elimination Round 2 (තරග වට 2 )
පෙබරවාරි 16 -- Online Elimination Round 3 (තරග වට 3)
මාර්තු 22 -23 -- Onsite Finals at Facebook (අවසාන වටය)



2012 අවසන් වටයට තේරුණ පොරවල් සෙට් එකලු මේ 


වැඩි විස්තර : More Info
ලියාපදිංචි වීම් : Facebook Hacker Cup 2013

පිටුව : Official Hacker Cup Page



එහෙනම් ජය හැමෝටම !
Share this article :

22 comments :

  1. පෝස්ට් එක නම් ජාති..!! හැබැයි මට නම් ඔව්වා අදාල නෑ,මගේ පාස්වර්ම අමතක වෙන නිසා ඒවා මතක තියා ගන්න එක තමයි මට වැදගත්ම, ඒ නිසා හැකින් කොරන්නෙත් නෑ, දන්නෙත් නෑ.. :D

    ReplyDelete
  2. හරි රෙජිස්ටර් උනා.. දැන් කොරන්න ඕනි ඒවා කියල හිටියනං :/ :P

    ReplyDelete
    Replies

    1. එල සුද්දට ජය වේවා කියල කිව ඔන්න එහෙනම් , මම ඉස්සරහට එන විස්තර දානන්ම් :)

      Delete
  3. අඩේ මගෙ එක හැක් කොරන්න එපා හරිය. අනිවා යමං ඕකට. ජය...!

    ReplyDelete
    Replies

    1. හැකින් නෙමේය බන් , ප්රෝග්රමින් සිද්දියක් එකේ තියෙන්නේ

      Delete
  4. හැක් කරන්න නම් බැරියෝ.....

    ReplyDelete
  5. හැකර්ස්ලටත් ගිය කල කිව්වලු.....

    ReplyDelete
    Replies

    1. අපොයි ඊට වඩා ඒවා තියෙනවා අනේ , ලංකාවෙත් කන්ෆරන්ස් තියෙනවා :)

      Delete
  6. Replies
    1. දාහන් බන් , උබට මොකක් හරි ලැබුනොත් මා එක්කත් බෙදා ගනින් ඈ ..

      Delete
  7. කොහොමද අපේ නොහික්මුණු කොලුවා කප් එක අරන් ලංකාවට එනකොට් කටද ආඩම්බර

    ReplyDelete
    Replies

    1. මට බන් ඕව ඉතින් සිම්පල් නේ , ඔය පොඩි පොඩි ඒවාට මම නම් යන්නේ නැහැ බන් :P ,

      අඩේ ඇත්තටම ලංකාවෙන් පහොදම අය මේ වගේ එකකට ඉදිරිපත් කරා නම් ,අපේ එචුන්ට "Sex" කියල ගුගල් කරන්න ඇර තව වැඩ පුළුවන් කියල නිකම් හරි දැනෙයි නේ බන්

      Delete
  8. පෝස්ටුව කොටස් වශයෙන් පලවෙන මෙගා ටෙලියක් වගේ දැම්මම කොහොමෙයි බං අපි වගේ පොඩිඋංට තේරෙන්නේ? තව විස්තර ටිකක් කියහංකෝ මොනාද කොරන්ට තියෙන්නේ කියලා...

    ආවේ කාලෙකින් මේ පැත්තේ... එන්නම්කෝ ආයෙමත් වෙලාවක් ඇති වෙලාවක... ජය වේවා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. අඩේ අෆ්ෆා.. උබ මැරිලා නෑ , තවම ඉන්නවා නේද , යකෝ උබට බ්ලොග් එකක් කියල එකක් තියෙනවා , එකේ ඉන්නවෝ.. කියල හරි දාහන් ,

      ඔච්චර තමයි බන් දැනට විස්තර තියෙනෙන් , වැඩි දෙයක් නැහැ තවමත්

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති